Auspicious time to become a monk – මහණකිරීම් ආදී ශාසනික වැඩවලදී නැකැත් බැලීම යෝග්‍ය ද? වල්පොල රාහුල හිමියන්

උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’

මහණකිරීම් ආදී ශාසනික වැඩවලදී නැකැත් බැලීම යෝග්‍ය ද?

සැබවින්ම නැත. නැකැත් බැලීම අශාසනික තිරශ්චීන විද්‍යාවකි. එය බුද්ධ වචනයට කරන නින්දාවකි. 

බුද්ධ ශාසනයේ අදහස හරිහැටි තේරුම් නො ගත් ආත්මශක්තියක්, ආත්ම විශ්වාසයක් නැති අභ්‍යන්තර දියුණුවෙන් අඩු භික්ෂූහු මහණ උපසපන් කිරීම්, ප්‍රතිමා, විහාර, දාගැබ් තැනීම් ආදීයේදී නැකැත් බලන්න පටන්ගත් හ. “උග්ගණ්හාථ භික්ඛවේ නක්ඛත්තං’  යි විනයෙහි නැකැත් ඉගෙනීමට නියමයක් තිබේ. ඒ පොහෝ පැවරුණු සම්බන්ඳ දිනයන් දැන ගැනීම පිණිස මිස අනෙක් වැඩට නැකැත් බලන්නට නොවේ. 

උපුටා ගැනීම වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියේ” පිටු අංක 57

පාද සටහන්:-

පිටකයේ නැකත් ගැන බුදුන් වදාළ සූත්‍රයක් තිබේ. වත්ථුපම සූත්‍රය – මජ්‌ඣිම නිකාය -> මූල පන්නාසකය -> 1. මූලපරියාය වර්ගය පිරිසිදු වූවහුට හැම කල්හි ම උතුරුපල්ගුන නැකත වේ. පිරිසිදු වූවහුට හැමකල්හි පොහොය වේ.  සූත්‍රය කියවීමට

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22430

Kālakārāma-sutta – UruwelaVaggo – Anguttara Nikaya

“නිමිති” මගින් සංකේතවත් කෙරෙන්නේ මොනවාද? දේවල් මිස වෙන මොනවාදැ ‘යි තර්කානුකූල චින්තනයක් ගැන නො දන්නවුන් ගත් කටටම පිළිතුරු දෙනු ඇත. ව්‍යවහාර බුද්ධිය අනුව යතොත් ඇත්තෙන්ම නිමිති යනු අප හඳුනා ගන්නා දේ පෙන්නුම් කරන සංකේතය. 

අප හඳුනාගන්නා දේ නම්, දකින රූප, අසන ශබ්ද, අඝ්‍රාණය කරන ගඳ-සුවද, ආස්වාදයනය කරන රස, ස්පර්ශකරන වස්තූන් සහ දැනගන්නා අදහස් ය. තර්කානුකූලව සිතන්නෝ මෙයට වඩා නිරවද්‍ය නිගමනයක් ඉදිරිපත් කිරීමට තැත් දරති. ……

කාළකාරාම සූත්‍රයට( » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 3. උරුවෙල වර්ගය)අනුව, තථාගතයන් වහන්සේ දැකීමෙන් පරිබාහිර වූ දකින දෙයක් හෝ ඇසීමෙන් පරිබාහිර වූ ඇසෙන දෙයක් හෝ දැනීමෙන් පරිබාහිර වූ දැනෙන දෙයක් හෝ දැනගැනීමෙන් පරිබාහිර වූ දැනගත හැකි දෙයක් හෝ ඇතැයි නො සලකන සේක… – උපුටා ගැනීම පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි විසින් රචිත “මනසේ මායාව” නම් කෘතියෙන්  (පිටු අංක 10 සිට 11 දක්වා)

ඉහත උපුටා ගැනීම කරන ලද්දේ කාළකාරාම සූත්‍ර දේශනාව අවබෝධයෙන් කියවීම පිණිස  ඉහත පාඨ කීපය ඉතාමත් වටිනා ප්‍රවේශයක් ගෙන දෙන නිසයි.. 

‘‘යං කිඤ්චි දිට්ඨංව සුතං මුතං වා,
අජ්ඣොසිතං සච්චමුතං පරෙසං;
න තෙසු තාදී සයසංවුතෙසු,
සච්චං මුසා වාපි පරං දහෙය්‍ය.
‘‘එතඤ්ච සල්ලං පටිකච්ච  දිස්වා,
අජ්ඣොසිතා යත්ථ පජා විසත්තා;
ජානාමි පස්සාමි තථෙව එතං,
අජ්ඣොසිතං නත්ථි තථාගතාන’’න්ති. චතුත්ථං;

 

අඞ්ගුත්තරනිකාය » චතුක්කනිපාතපාළි » උරුවෙලවග්ගො » කාළකාරාමසුත්තං

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22409

SIGN AND SIGNIFICANCE IN SENSE PERCEPTION – Bhikkhu K. Ñāṇananda

What do signs signify ? “Things of course” — the less sophisticated would readily answer. As far as common sense goes, signs presumably stand for the ’things’ we perceive with their aid. And the ‘things’ are those forms we see, the sounds we hear, the scents we smell, the flavours we taste, the objects we touch and the ideas we cognize. The more sophisticated would, however, prefer to be more precise. They would take up the position that behind those changing attributes that we perceive with our imperfect senseapparatus, there lies an unchanging substance, an essence, a noumenon.

Though analysis fails to reveal any such real essence, a ‘Ding-an-sich’ under the ever-receding layers of qualities and attributes,1 they would still maintain that, after all, there could not possibly be an attribute without a substance — a quality without a ‘thing’ that it ’qualifies’. According to the Ka‘laka‘ra‘ma Sutta, a Tathagata does not conceive of a visible thing as apart from sight or an audible thing as apart from hearing or a thing to be sensed as apart from sensation or a cognizable thing as apart from cognition. Furthermore, as the Suttas often make it clear, all percepts as such are to be regarded as mere signs (safifia‘, nimiz‘z‘d).

Hence while the worldling says that he perceives ‘things’ with the help of signs, the Tathagata says that all we perceive are mere signs. Sights, sounds, smells, tastes, touches and ideas are, all of them, signs which consciousness pursues. But still the question may be asked; “What do these signs signify ?” “Things, of course” — the Tathagata would reply. ‘Things’, however, are not those that the worldling has in mind when he seeks an answer to this question. Lust, hatred and delusion are the ‘things’ which, according to the teaching of the Tathagata are signified by all sense-percepts. “Lust, friend, is a something, hatred is a something, delusion is a something. “Lust, friends is something significative, hatred is something significative, delusion is something significative”- Extracted from Magic of the Mind (Page 13-14) Bhikkhu K. Ñāṇananda

Free Download – Magic of the Mind

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22412

Questions & Answers On Dhamma Bhikkhu K. Ñāṇananda

This is a collection of my correspondence with readers preserved over the years. They have been put together as a book in the hope that it will clarify some deep points for those with inquisitive minds who wish to delve deep into the depths of the Dhamma. Except in a few instances, we have substituted the initials for the names of the questioners. The majority of the correspondence were in English. Only three were in Sinhala. Bhikkhu K. Ñāṇananda………..

……….There is hardly any teaching that has given rise to more internal disputes among Buddhists than paṭiccasamuppāda. My next question is based on a comment by Bhante Ñāṇananda, which considers paṭiccasamuppāda as the golden mean between atthitā (existence) and natthitā (non-existence), replacing them with samudaya (arising) and vaya (passing away). “Everyone knows that the middle way is the noble eightfold path. Everyone knows that the first sermon was the Dhammacakkappavattana Sutta.

But if for some reason Āḷārakālāma or Uddaka Rāmaputta were alive, what we would have as the Dhammacakkappavattana would be something short like the Bāhiya Sutta, because they were facing a duality of a different nature…

Download 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22403

Is there any benefit in taking Pansil again and again for one who observes Pansil once and keeps it? – Ven Rerukane Chandawimala Thero

වරක් පන්සිල් සමාදන්වී එය රකින කෙනෙකුට නැවත නැවත පන්සිල් සමාදන් වීමෙන් ප්‍රයෝජනයක් ඇත්තේ ද? පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමියන් විසින් රචිත “ධර්ම විනිශ්චය “ නම් කෘතියෙන් පිටපත් කරගන්නා ලදී.(.(පිටු අංක 183 සිට 184) 

ඇතැම් අතිපණ්ඩිතයන් “වරක් සමාදන්වූ ශීලය ඇතිනම් නැවත නැවත සමාදන් වන්නට උවමනා නැත, එයින් ප්‍රයෝජනයක් නැතය” කියන්නේ ඔවුන් කුශලාකුශල විභාග නො දන්නා බැවිනි.

දිනකට කීවරක් පන්සිල් සමාදන් වුවත් වැඩක් මිස එයින් කාටවත් වන අවැඩක් නැත.

Download

 

මෙම සම්පූර්ණ  “ “ධර්ම විනිශ්චය “ පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

ධර්ම විනිශ්චය

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22380

Rainy season (VAS) in Sri Lanka – Is it wise thing to do? Bhikkhu Walpola Rahula

උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’

අද ලක්දිව පවත්නා තත්වයේ හැටියට, භික්ෂූන් වහන්සේලාගේ වස් වැසීමවත් අවශ්‍ය නුවණට හුරු වැඩකැයි මටනම් නොවැටහේ: පන්සලේ ඔප්පුව භික්ෂුන් වහන්සේ නමටය: නැතහොත් පන්සල ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් ඒ භික්ෂුවට අයත් වූවකි. එය ගොඩනගන ලද්දේ භික්ෂුවගේ බලවත් මහන්සියෙනි.

මුළු අවුරුද්දම ඒ භික්ෂුවගේ පදිංචිය මේ පන්සලේය. පිටතකට ගොස් සතියක් ගත කළොත් ඒ ඉතාම අමාරුවෙනි. ස්ථානයට අයත් සියල්ලම ඒ භික්ෂුවගේ බූදලය වෙයි. නඩුවක් කියාවත් ඒ භික්ෂුව එතනින් ඉවත් කරනට පුළුවන් කමක් නැත. මරණින් පසුව හෝ ඒ භික්ෂුව පන්සල හැර යනවා ඇතැයි සිතීම උගහටය. නමුත් වර්ෂයකට වරක් දායකයෝ පන්සලට අවුත් දැහැත් අතක් පිළිගන්වා, ස්වාමීනි, මේ හාරමාසය මෙහි වස්වසනු මැනැවයි ඒ භික්ෂූන් වහන්සේට ආරාධනා කරති. මීට වඩා ලොකු වෙනත් කවට කමක් කළ හැකි ද?

උපුටා ගැනීම වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියේ” පිටු අංක 56

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22299

Does free will exist? – Bhikkhu Walpola Rahula

Conversation with the Buddhist Scholars Walpola Rahula and Irmgard Schloegl, and with Professor David Bohm and Others.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22104

Saṁkhāro (what exactly is meant by kāya saṁkhāra, vacī saṁkhāra, citta saṁkhāra)

සංස්කාර පිළිබඳ කාරණයේ දී,  මොනවද මේ කාය සංඛාර, මොනවද මේ වචී සංඛාර, මොනවද චිත්ත සංඛාර?

අපගේ අදහස්:- පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමියන්,  උන්වහන්සේගේ දේශනා සහ ධර්ම පොත් වලින් මහත් ආදර්ශයන් ගෙන දෙනවා අනෙකුත් දේශකයන් වහන්සේලාට සහ ගිහිදේශකයන්ට කෙසේ ද? බුද්ධ වචනයෙන් පිට පනින්නේ නො මැතිව, අහිංසක බෞද්ධයන් තව තවත් පිරිසිදු වූ බුද්ධ වචනය තුලට ගෙන යන්නේ කියා. බලන්න මොනතරම් ලස්සනට උන්වහන්සේ අපව විභංග සූත්‍රය සහ චූල වෙදලල සූත්‍ර තුලට රැගෙන යනව ද කියලා. ඒ අතරම ඉතාමත් කනගාටුවට කාරණාවක් තමයි අද කාලයේ ස්වමීන් වහාන්සේලා හෝ ගිහි දේශකයන් බහුත්තරයක් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයන් ගේ පද පේලියක් පෙන්වා දී ඉන්පසු සම්පූර්ණයෙන් ම බුද්ධ වචනයෙන් පිට පැන තමන්ගේ දහමක් ලෙසට තමන්ගේ නම ජනප්‍රිය කරගන්නට දරන අසාර්ථක වෑයම්  . බණ අසන්නට එන අයට හරියට ඉල්ලුමට සැපයුම දෙන ගනුදෙනුවක් ලෙසයි ඒ බුදුදමට අනුගත නො වන දේශනා සිද්ධවන්නේ. එය කනගාටුවට කරුණකී.  අද වනවිට මම රහත්, මම බුදුවෙලා, මම මාර්ගඵලලාභී කියා මිත්‍යාව පතුරුවන චීවරධාරීන්ගෙන් අඩුවක් නො මැත. නමුත් මේ සියල්ල වෙන්නේ ශ්‍රි ලංකාව තුල පමණක් වීමත් අතිශය ශෝචනීය තත්වයක්. අපගේ අදහස් අවසන්.

පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි යන්ගේ   පටිච්චසමුප්පාද දේශනා (13)   දි ,   “සංස්කාර” පිළිබඳව දේශිත ඉතාමත් වටිනා සූත්‍රයන් දෙකක් වන විභංග සූත්‍රය සහ චූල වෙදලල සූත්‍රය ඉදිරියට ගෙන කල ඉතාමත්ව විචිත්‍ර ධර්ම දේශනාව, මෙම සූත්‍රයන් තුලට තවදුරටත් අපව ගෙන යන්නේ කාන්දමක් දෙසට ඇදීයාමක් ලෙසට ය.  

සංස්කාර පිළිබඳ කාරණයේ දී අපි ඉස්සෙල්ලාම කල්පනා කරලා බලන්න ඕන සංඛාර කියන වචනය පටිචචසමුපපාද ධමයේ දෙවන තැනටයි යෙදිල තියෙන්නේ අවිද්‍යාවෙන් පස්සේ. මේ පින්වතුන් කොතෙකුත් දන්නවා අවිජජා පචචයා සංඛාරා, සංඛාර පචචයා විඤඤාණං, විඤඤාණ පචචයා නාමරූපං, නාමරූප පචචයා සළායතනං, ආදී වශයෙන් අපි කොතෙකුත් මේ පටිචචසමුපපාදය ගැන කියන කොට ප්‍රකාශ කළා. එතකොට මේ සංඛාර කියන වචනය බුදුරජාණන් වහන්සේම හඳුන්වලා දීලා තියෙනවා සංයුත් සඟියේ නිදාන සංයුතතයේ විභංග සූත්‍රයේදී (සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » 1. බුද්ධ වර්ගය) බුදුරජාණන් වහන්සේම සංඝයා වහන්සේලාට හඳුන්වා දෙනවා සංඛාරා කියන වචනයේ නිර්වචනය. කතමෙ ච භික‍්ඛවෙ සඞ‍්ඛාරා? තයොමෙ භික‍්ඛවෙ, සඞ‍්ඛාරා: කායසඞ‍්ඛාරො වචීසඞ‍්ඛාරො චිත‍්තසඞ‍්ඛාරො. ( මහණෙනි, සංඛාර යනු
කවරේද මහණෙනි, මේ සංස්කාර තුනකි. කාය සංඛාරය, වචී සංඛාරය, චිතත සංඛාරය. ) මේ ඒක වචන බවත් මතක තියාගන්න.

එතකොට කාය සංඛාර, වචී සංඛාර, චිතත සංඛාර කියලා බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ වශයෙන් දැක්වූ මේ සංඛාර ගැන වඩා පැහැදිලි වශයෙන්  විවරණයක් අපට ලැඛෙනවා මැදුම් සඟියේ චූල වෙදලල සූත්‍රයෙන් ( මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 5. චූල යමක වර්ග) ධමමදින්නා රහත් මෙහෙණින් වහන්සේ විසාඛ උපාසකතුමාගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් හොඳ ලස්සනට මේ කාරණය පැහැදිලි කරල දෙනවා, ඉස්සෙල්ලාම විසාඛ උපාසකතුමා අහනවා මොනවද මේ කාය සංඛාර, මොනවද මේ වචී සංඛාර, මොනවද චිතත සංඛාර කියලා. 

ඒකට ධමමදිනනා රහත් මෙහෙණින් වහන්සේ ප්‍රකාශ කරනවා ඇවැත්නි විසාඛය, ආශ්වාස ප්‍රශ්වාස දෙක කාය සංස්කාරයකි. විතකකවිචාර දෙක වචී සංස්කාරයකි. සඤඤා වේදනා කියන දෙක චිත‍ත සංස්කාරයකි. ආයෙමත් විසාඛ උපාසකතුමා අහනවා – අපි අවශ්‍ය ටික විතරක් පාලියෙන් කියමු. ආර්යාවනි, කෙසේද ආශ්වාස ප්‍රශ්වාස කාය සංඛාරයක් වන්නේ? කෙසේද විතක‍ක විචාර වචී සංඛාරයක් වන්නේ? කෙසේද සඤඤා වේදනා දෙක චිතත සංඛාරයක් වන්නේ? එතකොට ඒ රහත් මෙහෙණින් වහන්සේ පිළිතුරු දෙනවා……….පටිචච සමුපපාද තෙවන වෙළුම පිටු අංක 55-58

Downloads:-

විභංග සූත්‍රය (සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » 1. බුද්ධ වර්ගය)

චූල වෙදලල සූත්‍රය ( මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 5. චූල යමක වර්ග)

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22311

Collected Teachings of Ajahn Chah

This single volume presentation of The Collected Teachings of Ajahn Chah is oered as an expression of our deepest gratitude to our teacher, Venerable Ajahn Chah, and to those who have built and maintained his branch monasteries around the world.

The talks in this book were recorded, transcribed and translated several years ago and are therefore somewhat removed from their source. However, if read with a receptive heart and a focused mind, these ‘pointing’s’ at truth provide precious inspiration and instruction. Ajahn Chah’s humility, joy and wisdom shine through his words, illuminating the path as we walk it.

THE TEACHING OF BUDDHISM is about giving up evil and practicing  good. Then, when evil is given up and goodness is established, we must let go of both good and evil.

We have already heard enough about wholesome and unwholesome conditions to understand something about them, so I would like to talk about the Middle Way, that is, the path to transcend both of those things. All the Dhamma talks and teachings of the Buddha have one aim to show the way out of sufferings to those who have not yet escaped.

The teachings are for the purpose of giving us the right understanding. If we don’t understand rightly, then we can’t arrive at peace.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22292

Sangha and offerings – Bhikkhu Walpola Rahula

සංඝරත්නය සහ සාංඝිකය – උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’

අපි ගිහියෝ වෙමු. අපට ගුණදම් රකින්නට නුපුළුවන, බුදුසසුන රකින්නට නුපුළුවන එය ‘භික්ෂූන්ට භාරය’ යි සිතා ගිහි මිනිස්සු බුද්ධශාසනය රැකීමේ ‘කොන්ත්‍රාත්” වැඩය භික්ෂූන්ට භාරදී සිටිති.

ඔවුහු භික්ෂූන්ට කෑම්,බීම්, ඇඳුම්, පැළදුම්, ඉදුන්, හිටුම් සහ අනෙක් වුවමනා සියල්ලත් සපයති. එහෙයින් මේ ‘කොන්ත්‍රාත්’ වැඩය හරියට නො කරන කල ඔවුහු භික්ෂූන්ට බැන වදිති.

නො එක් කපටි, කෛරාටිකම් වලින් ධන ය සපයමින් දුෂ්චරිත කරමින් සිට, තමාට ඉඩ ඇති වේලාවක පන්සලට ගොස් පින් ගෙනෙන්නට භික්ෂුව ලඟ පින් එකතුකරගෙන තිබිය යුතුයයි ගිහියා සිතයි.

භික්ෂුව දුස්ශීල නම් ඔහුගේ ගබඩාවේ පින් නැත. එහි පින් නැතිවූ කල තමා පින් ගන්නේ කොතැනින් දැයි ගිහියා භයවී භික්ෂුවට බැන වදියි.

උපුටා ගැනීම වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියේ” පිටු අංක 70

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22301