Feb
01

Abhidharma is the teaching of Buddha or…. – Ven.Na Uyane Ariyadhamma Thero

අභිධර්මය බුදුරජුනගේ දේශනයක් නොවේද?

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

ධර්මය පිලිබදව ගැබුරු දැනීමක් නැති අය නිතරම අභිධර්මය බුදුරජුනගේ දේශනයක් නොවන බවට සැකමුසු තැන් සොයමින් වාද විවාද වලට පවා පිවිසේ. මේ සම්බන්දව මනා විග්‍රහයක් මෙම දේශනාව තුලින් ඔබට ලබාගත් හැකිය.

 

.


Oct
11

Chathurarya Sathya

Dhamma Discussion – Chathurarya Sathya



Jul
27

Kalyana Mithra Sampaththiya – Ven Na Uyane Ariyadhamma Thero

“කල්‍යාණ මිත්‍ර සම්පත්තිය”
 
 නා උයනේ අරියධම්ම මහනාහිමි

සම්මා සම්බුදුරජානණ් වහන්සේ අතීත, වර්තමාන, අනාගත කාලත්‍රයට අයිති සර්ව ධර්මයන් අතට ගත් නෙල්ලි ගෙඩියක් සේ අඩුවක් නැතිව දැක වදාළ නිසා සම්මා සම්බුද්ධ නම් වේ. බුදුරජානණ් වහන්සේගේ සියල්ල දක්නා වු සර්වඥනථා ඥාණයෙන් දේශනා කොට වදාළ “කල්‍යාණ මිත්‍ර සම්පත්තිය” පිලිබද ධර්ම දේශනාව නා උයනේ අරියධම්ම මහනාහිමි මනා ලෙස විග්‍රහ  කර ඇත.

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඇතිනම් නූපන් අකුසල් නූපදිනවා. උපන් අකුසල් ප්‍රහානය වෙනවා. නූපන්න කුසල් උපදිනවා. උපන්න කුසල් වැඩෙනවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මේ තුන් ලෝකවාසී සමස්ත ලෝක සත්වයාටම ලැබේ වා.!

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !


Download

 

.


Jun
23

Karandeniya Dhathu Nidan Pinkama

කරන්දෙනිය ධාතූ නිධන් පිංකම

2012 ජූනි මස 23 වෙනි දින අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකරන්නට යෙදුනු කරන්දෙනිය ධාතූ නිධන් පිංකම.

අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !

සියල්ලෝ ම මේ පින් අනුමෝදන් වෙත්වා !

දාගැබ් කරවීමේ ආනිශංස බිදක්:-

  • ශරීර ගත රෝග හට නො ගනී.
  • ලප කැලැල් හට නො ගනී.
  • සුගතියක ම උපදී
  • සැමට ප්‍රිය මනාප ශරීර වර්ණය ලැබෙයි.
  • ප්‍රිය මනාප අයගේ ඇසුර ලැබේ.  අප්‍රිය අයගේ ඇසුර නො ලැබෙති.
  • මිනිස්ලොව සක්විති රජකම දක්වා ඉහළ තනතුරු ලැබෙති.
  • දෙව්ලොව සක්දෙවි පදවිය ද ලැබෙති.
  • ගුණයෙන් නුවණින් ධනයෙන් උසස් වේ.
  • කිසිදු දුගතියක නො ම ඉපදේ.
  • සුවසේම නිවන් අවබෝධ කර ගනිති.

.

ගිය ගිය තැනක මට             වෙහෙරක් පෙනීයන්..
වෙහෙරක් නො මැති තැන   වෙහෙරක් බැඳීයන්..

.


Older posts «