Rainy season (VAS) in Sri Lanka – Is it wise thing to do? Bhikkhu Walpola Rahula

උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’

අද ලක්දිව පවත්නා තත්වයේ හැටියට, භික්ෂූන් වහන්සේලාගේ වස් වැසීමවත් අවශ්‍ය නුවණට හුරු වැඩකැයි මටනම් නොවැටහේ: පන්සලේ ඔප්පුව භික්ෂුන් වහන්සේ නමටය: නැතහොත් පන්සල ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් ඒ භික්ෂුවට අයත් වූවකි. එය ගොඩනගන ලද්දේ භික්ෂුවගේ බලවත් මහන්සියෙනි.

මුළු අවුරුද්දම ඒ භික්ෂුවගේ පදිංචිය මේ පන්සලේය. පිටතකට ගොස් සතියක් ගත කළොත් ඒ ඉතාම අමාරුවෙනි. ස්ථානයට අයත් සියල්ලම ඒ භික්ෂුවගේ බූදලය වෙයි. නඩුවක් කියාවත් ඒ භික්ෂුව එතනින් ඉවත් කරනට පුළුවන් කමක් නැත. මරණින් පසුව හෝ ඒ භික්ෂුව පන්සල හැර යනවා ඇතැයි සිතීම උගහටය. නමුත් වර්ෂයකට වරක් දායකයෝ පන්සලට අවුත් දැහැත් අතක් පිළිගන්වා, ස්වාමීනි, මේ හාරමාසය මෙහි වස්වසනු මැනැවයි ඒ භික්ෂූන් වහන්සේට ආරාධනා කරති. මීට වඩා ලොකු වෙනත් කවට කමක් කළ හැකි ද?

උපුටා ගැනීම වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියේ” පිටු අංක 56

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22299

Leave a Reply