Offering flowers, oil lamp, burning incense cannot be considered suitable in any way to the Buddhism

මල්පූජා, පහන්පූජා , සුවදදුම් පූජා, පලතුරු පූජා,  ආදිය සාමාන්‍යයෙන් හින්දු ආගමේ දෙවිවරුන්ට අදාල පූජා මිස බුදු සමයට කොයි ආකාරයෙන් වත් ගැලපේ යයි සැලකිය නො හැකි පූජා වර්ගයන්ය.

මල් පූජාව මෙම පූජා වර්ගයට තරමක් වෙනස් ස්වරූපයක් ගන්නා පූජාවක් වශයෙන් දැක්විය හැකි බව පෙනේ. සාමාන්‍යයෙන් මල් පූජාව සදහා ව්‍යවහාරයේ පවතින පූජා වාක්‍යය මෙසේ ය.

පූජේමි බුද්ධං කුසුමේන නේන >> පුඤ්ඤෙන මෙතෙන ලබාමි මොක්ඛං

පුප්ඵං මිලායාති යථා ඉධංමෙ >> කායො තථා යාති විනාස භාවං

(මේ මල් බුදුරජාණන් වහන්සේට පුජා කරමි. මේ පිනෙන් මට මෝක්ෂය ලැබේවා !, මේ මල් යම් සේ පරවන්නේද මාගේ ශරීරයද එසේ විනාශ වන්නේය.) මෙම පූජා වාක්‍යයේ මුල්කොටස අනුව මම මේ මල් බුදුන්ට පුජා කරමි. “එයින් ලැබෙන පිනෙන් මට මෝක්ෂය හෙවත් නිර්වාණය ලැබේවා” යන්න බෞද්ධ ප්‍රතිපදා මාර්ගයට අනුකූල යැයි සැලකිය නො හැක්කේ බෞද්ධ ප්‍රතිපදා මාර්ගයට අනුව පුද්ගල උත්සාහයෙන් – පුද්ගලයාගේ සචේතනික උත්සාහයෙන් තොරව පිනෙන් පමණක් නිවන් ලැබෙන බවක් නොදැක්වෙන නිසාය. මේ අනුව මෙම පූජා වාක්‍යයෙන් පුද්ගලයාගේ නිර්වාණාවබෝධයට කිසිම ආකාරයක ධනාත්මක එකතුවක් සිදුවන බවත් නොපෙනේ.

එනමුදු මෙම පූජා වාක්‍යයේ දෙවන අර්ධයට අනුව පූජා කරන්නා මල්වල අනිත්‍ය ස්වභාවය ගැන සිතීමටද, අනතුරුව තමාගේ ශරීරය මෙන්ම, තමා ප්‍රිය කරන සියලු භවභෝග සම්පත් ද විනාශයට පත්වීම ස්වභාවය කොට පවතින බව සිතීමට ද යොමුකිරීමක් සිදුවේ. (නමුත් දැන් දැන් මහාපරිමානයෙන් මුදල මුල්කොටගෙන චත්‍ය මලු පිරෙන්න කෙරෙන මහා පිච්චමල් පූජා වගේ අන්දපූජා නම් මිත්‍යාදෘෂ්ඨි අන්ශු වැඩි පූජාවන් බව නම් අවධාරණයෙන් සටහන් කල යුතුම ය.)

මේ අනුව පූජා හෝ වන්දනා ක්‍රමයක් බෞද්ධ ප්‍රතිපදා මාර්ගයේ කොටසක් වශයෙන් සැලකිය හැක්කේ එය ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂා මාර්ගයට පිවිසීමේ දොරටුවක් වශයෙන් පුද්ගලයාගේ නිර්වාණගාමී ගමන් මගට උපකාරයක් වුවහොත් පමණක්ම බව අවධාරණයෙන් සටහන් කල යුතු ය. 

Offering of flowers, oil lamp, burning incense, flowers, food, fruit, water or drinks. etc. are usually the offerings to the gods, but the types of offerings that cannot be considered suitable in any way to the Buddhism. It seems that the flower offering is a slightly different type of offering. According to the first part of this puja verse, I offer these flowers to the Buddha. “May I attain moksha or nirvana with merit” cannot be considered in line with the Buddhist path, because Buddhist Pratipada path, Nirvana Cannot be achieved by any offerings. 

පූජාවන් සම්බන්ඳයෙන් පලවූ වෙනත් ලිපි:-

  • බුද්ධ පූජා සහ බෝධි පූජා

බුද්ධ පූජා සහ බුද්ධ වන්දනා සදහා ද බුදුන්ගේ අනුමැතිය ලැබූ බවද එම වන්දනා සහ පූජා චාරීත්‍රයන් බුද්ධ කාලයේ සිටම බෞද්ධ ව්‍යවහාරයේ පැවති බවද සනාථ කිරීම සදහා බුද්ධඝෝෂ විසින් කාලිංග බෝධි ජාතකයට ලියූ අට්ඨ කථාව අතරමග ආනන්ද බෝධියක් පිළිබඳ කථාවක් යොදා ගැනීම ද ගැටලු සහගතය. ක්‍රිස්තු වර්ෂ පස්වන(5) සියවසේ සිදුවීමක් බුද්ධ කාලයේ සිදුවීමක් වශයෙන් මවාපෑම ගැටලු සහගතය.  තවදුරටත් කියවීමට

  • බුදුරජාණන් වහන්සේ  පින් අනුමෝදන් වීමක් ගැන වදාළේ නො මැත;-

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පුණ්‍යක්‍රියා තුනට(දාන, සීල,භාවනා) බුද්ධඝෝෂ තව හතක් එකතු කර ඒ තුලට ජෛන ආගමේ එන පින්දීම සහ පින් අනුමෝදන් වීම ඇතුල් කර කළ විනාශය අද වනවිට ලංකාවේ බුදුදහම දේව ආගමක් දෙසට වේගයෙන් යමින් සිටී. තවදුරටත් කියවීමට

  • බුද්ධප්‍රතිමා තනා ඒවාට වැඳුම් පිදුම් කරන ලෙස බුදුරජාණන් වහන්සේ නියම කළ සේක් ද? – පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමියන්

මෙයට දිය යුතු කෙටිම පිළිතුර නම්, ඒ වැනි නියමයක් තථාගතයන් වහන්සේ විසින් නො කරන ලද්දේය. කියා ය. අනුන් ලවා ගරුබුහුමන් කරවා ගැනීමේ ආශාව – වැඳුම් පිදුම් කරවා ගැනීමේ ආශාව බුද්ධාදි මහෝත්මයන් වහන්සේලාට නැත. තවදුරටත් කියවීමට

  • සංඝරත්නය සහ සාංඝිකය:- 

නො එක් කපටි, කෛරාටිකම් වලින් ධන ය සපයමින් දුෂ්චරිත කරමින් සිට, තමාට ඉඩ ඇති වේලාවක පන්සලට ගොස් පින් ගෙනෙන්නට භික්ෂුව ලඟ පින් එකතුකරගෙන තිබිය යුතුයයි ගිහියා සිතයි. තවදුරටත් කියවීමට

  • පින්කම් හා ප්‍රාර්ථනා :-

ප්‍රාර්ථනා කිරීම බුද්ධාගමේ ඉතා බලවත් ධර්මයක් බවත්, ප්‍රාර්ථනා නො කරන්නාටනිවන් ලැබිය නො හැකි බවත් සමහරි ලියති, කියති. මේ ගැන ඔබගේ අදහස කුමක් ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය බුද්ධාගමේ නිවන් මගයි. එය සම්පූර්ණ මාර්ගයයි. එහි කිසිත් අඩුවක් නැත. ප්‍රාර්ථනා නො කරන්නාට නිවන් ලැබිය නො හැකි නම්, ප්‍රාර්ථනාව නිවන් මගෙහි ඉතාම අවශ්‍ය ප්‍රමුඛ අංගයක් විය යුතුයි. එසේ නම් එය සම්‍යක් ප්‍රාර්ථනා හෝ වෙන නමකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් එක අංගයක් හැටියට දේශනා කළ යුතුයි. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ප්‍රාර්ථනාව ගැන් කිසිත් සදහන්වී නැත. ප්‍රාර්ථනා නො කරන්නාට නිවන් ලැබිය නො හැකැයි උගන්වන්නෝ අබෞද්ධ මතයක් උගන්වති. උවමනා කරන්නේ ප්‍රාර්ථනාව නොව ධර්මමාර්ගයෙහි ගමන් කිරීමයි.

ප්‍රාර්ථනාව නම් යාඥාවේම විකෘතියකි. තවදුරටත් කියවීමට

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22995

Leave a Reply