Did Buddha say about Ghosts(Peta)? ප්‍රේතයන් ගැන බුදුන් වදාළාද?

සත්වයා අකුසල හෙවත් පාපී ක්‍රියාවන් වෙනුවෙන් නිරයාදී දුකින් පිරි කටුක වේදනාකාරී දුකක් ලබන ආකාරය ලක්ඛණ සංයුක්තයෙන් මනාව පැහැදිලි කෙරෙයි. මෙම සංයුක්ත සූත්‍රයන්හි ඔවුන් හඳුන්වා ඇත්තේ “සත්තා” වශයෙන් වුව ද, අටුවාවෙහි සූත්‍ර නවයකම ඔවුන්ව හඳුන්වා ඇත්තේ ප්‍රේතයන් වශයෙනි. මෙසේ ඔවුන් ප්‍රේතයන් වශයෙන් හැඳින්වීම මජ්ජිම නිකායේ-මහාසිහනාද සූත්‍රයේ දක්වා ඇති වර්ගීකරණයට ද නො ගැළපෙන බව පෙනේ.

මෙම ලක්ඛණ සංයුක්ත සූත්‍රයන්හි කිසිම අවස්ථාවක “ප්‍රේත” යන වචනය යෙදී නැති නමුදු, මුල් සූත්‍ර නමයෙහිම දැක්වෙන සත්වයන් සදහා අටුවාකරු ප්‍රේත යන වචනය යොදා ඇති බව පෙනේ. මුල නිකාය ග්‍රන්ථයන්හි ‘ප්‍රේත” යන වචනය යෙදී ඇති ආකාරය අනුව, මෙම යෙදීම කෙසේ ගැළපේ දැයි විමසිය යුතුය…..

…..ප්‍රේතයන් යන්නෙන් ප්‍රේත ආත්මයට උපන් භූත වර්ගයක් අදහස් කිරීම බුද්ධ කාලයට සියවස් කිහිපයකට පසුව සිදුවූ ගෝත්‍රික ආගමික ඇදහිලි මිශ්‍රවීම නිසා ඇති වූ වෙනස් වීමක් වශයෙන් දැක්විය හැකිය. පශ්චාත් පිටක ග්‍රන්ථ යුගයට අයත් ප්‍රේත වත්ඨු සහ විමාන වත්ථු යන ග්‍රන්ථ මෙන් ම, අට්ඨකථාවලින් ද පෝෂණය කරන ලද්දේ මෙම පසුකාලීන වර්ධනයක් බව සැලකිය යුතු ය. උපුටා ගැනීම එම් එම් ජේ මාරසිංහ මහතා විසින් රචිත “ප්‍රත්‍යක්ෂය සහ විශ්වාසය” ග්‍රන්ථයේ පිටු අංක 92 සිට 95

අපගේ අදහස් දැක්වීම:මාරසිංහ මහතාගේ ඉහත විග්‍රහයට අනුව, එක් සූත්‍රයක් ගෙන විග්‍රහ කර බැලීමේදී ම මාරසිංහ මහතාගේ ඉහත විග්‍රහය මැනැවින් සනාථ වෙනවා. සංයුක්ත නිකායේ, නිදාන වග්ගයේ එන ලක්ඛණ සංයුක්තයේ මුල්ම සූත්‍රය වන 7.1.1. අට්‌ඨිසඞ්ඛලික සූත්‍රය පරිශීලනය කළවිට බුදුරජාණන් වහන්සේ අකුසල් කර ඇටසැකිල්ලක් බවට පත්වූ සත්වයෙක් ට කිසිම නමක්( ප්‍රේත යනුවෙන්) නම් නො කර බවට. බලන්න පරීක්ෂාවෙන් පාළියේ  “අට‍්ඨිකසඞ‍්ඛලිකං” කිව්වා මිසක් ප්‍රේතයෙක් නොකී බවට නමුත් සිංහල පරිවර්ථනයේ වරහන් තුල (පරේතයකු දිවැසින්*) සදහන් පාළියේ ප්‍රේත තියා දිවැස් කතාවක් පවා නොමැත. මේ වරහන් තුල සදහන් කිරීමෙන් පෙන්වන්නේ එය මේ සූත්‍ර අටුවාවේ තවත් විග්‍රහ වන බවයි.  බලන්න බුද්ධ වචනය. ගිජුලිහිණියෝ කොටන ඒ ඇටසැකිල්ල සහිත සත්වයා, මහණෙනි! මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම ගෝඝාතකයෙක්” මොනතරම් සරල ද බුද්ධ වචනය. 

කෙටියෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ ගැඹුරුත්වයේ සරලත්වය  ගවඝාතකයා මලාට පසු ගිජුලිහිණියන් විසින් පන්න පන්නා කොටන ඇටසැකිල්ලක සත්වයෙක් ලෙස ඉපදීමයි. මේ සත්වයාට නමක් උන්වහන්සේ නොදුන්නේ ඇයි? අපගේ හැඟීම නම් එහෙම නම් කරන්න ගියා නම් එක එක අකුසල කරල නැවත ඉපදුන සත්වයෝ සේරම වෙන වෙනම නම් කරන්න වෙනවා. අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එසේ නොකලේ ඇයි කියා වටගාගන්නට පහසු වෙනවා මේ අටුවාකරුවාගේ නම්කිරීම් දෙස බැලූ විගස. (මේ සත්වයන් අටුවාකරුවන් අට්ඨි සන්ඛක පේතයන්, මන්සපේශී පේතෝ,මස් පිණ්ඩ පේතෝ,නිච්චි පේතෝ,අසිලෝම පේතෝ ..  යන ආදී වශයෙන් නම් කරන්න වුනා ) බලන්න බුද්ධ වචනයට දුන් අටුවාව කෙතරම් සංකීර්ණ විග්‍රහයක් ද මෙතන ඉදිරිපත් කරන්නේ කියා.
.
ඊලගට සිංහල පරිවර්ථනයේ ආයෙත් අපභ්‍රන්සයක් කියනවා මේ ගෝඝාතකයාට කියන්නේ (*ගෙරින් නසා ඇටෙන් මස් මුදා විකොට වැටෙන්නෙක්*) සූත්‍රයට දී තිබෙන සින්හල පරිවර්ථනය:- ඇවැත්නි, මෙහි මම ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ ඇටසැකිල්ලක් වූ (*ප්‍රේතයකු දිවැසින්*) දිටිමි. (යක්) ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මේ ඇටසැකිල්ල ලුහුබඳිමින් ඉළඇට අතරින් විදිත්. ඒ ඇටසැකිල්ල බැගෑහඬ කෙරෙයි. ඇවැත්නි, ඒ මට “භවත්නි, ආශ්චර්‍ය්‍යෙක් ම ය! භවත්නි, අද්භුතයෙක් ම ය! මෙබඳු වූත් සත්ත්‍වයෙක් වේ ද! මෙබඳු වූත් යක්‍ෂයෙක් වේ ද! මෙබඳු වූත් අත්බැව් ලැබීමෙක් වේ දැ!යි මේ අදහස විය. මේ සිංහල නොගැලපෙන පරිවර්ථනය හොද නිදසුනක් සපයනවා පාළිය ගැන වැඩි විශ්වාසයක් තැබීමේ වැදගත්කම වටහා ගැනීමට.
පාළිය:- ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං අට‍්ඨිකසඞ‍්ඛලිකං වෙහාසං ගච‍්ඡන‍්තිං. තමෙනං ගිජ‍්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්‍වා අනුපතිත්‍වා ඵාසුලන‍්තරිකාහි විතුදන‍්ති.1 සාසුදං2 අට‍්ටස‍්සරං කරොති. තස‍්ස මය‍්හං ආවුසො, එතදහොසි: අච‍්ඡරියං වත භො, අබ‍්භුතං වත භො, එවරූපොපි නාම සත‍්තො භවිස‍්සති, එවරූපොපි නාම යක‍්ඛො භවිස‍්සති, එවරූපොපි නාම අත‍්තභාවපටිලාභො භවිස‍්සතීති.
ලක්ඛණ සංයුක්තයේ ඉතිරි සූත්‍ර වල පවා බුදුරජාණන් වහන්සේ මේ සත්වයන් ට ප්‍රේතයන් ලෙස නම් නොකළ අතර ඒ ඒ සත්වයන්ට එක් එක් නම් දීමක් ද නොකල සේක.  ඒ බව තවත් තහවරු කර ගැනීම පිණිස ඔබට ලක්ඛණ සංයුක්තයේ ඉතිරි සූත්‍ර කීපයත් කියවීමට ආරාධනා.  ලක්ඛණ සංයුක්තය

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22699

3 pings

  1. […] […]

  2. […] ප්‍රේතයන් ගැන බුදුන් වදාළාද? – […]

  3. […] …..ප්‍රේතයන් යන්නෙන් ප්‍රේත ආත්මයට උපන් භූත වර්ගයක් අදහස් කිරීම බුද්ධ කාලයට සියවස් කිහිපයකට පසුව සිදුවූ ගෝත්‍රික ආගමික ඇදහිලි මිශ්‍රවීම නිසා ඇති වූ වෙනස් වීමක් වශයෙන් දැක්විය හැකිය. පශ්චාත් පිටක ග්‍රන්ථ යුගයට අයත් ප්‍රේත වත්ඨු සහ විමාන වත්ථු යන ග්‍රන්ථ මෙන් ම, අට්ඨකථාවලින් ද පෝෂණය කරන ලද්දේ මෙම පසුකාලීන වර්ධනයක් බව සැලකිය යුතු ය. එමෙන්ම සංයුක්ත නිකායේ, නිදාන වග්ගයේ එන ලක්ඛණ සංයුක්තයේ මුල්ම සූත්‍රය වන 7.1.1. අට්‌ඨිසඞ්ඛලික සූත්‍රය පරිශීලනය කළවිට බුදුරජාණන් වහන්සේ අකුසල් කර ඇටසැකිල්ලක් බවට පත්වූ සත්වයෙක් ට කිසිම නමක්( ප්‍රේත යනුවෙන්) නම් නො කර බවට. බලන්න පරීක්ෂාවෙන් පාළියේ  “අට‍්ඨිකසඞ‍්ඛලිකං” කිව්වා මිසක් ප්‍රේතයෙක් නොකී බවට නමුත් සිංහල පරිවර්ථනයේ වරහන් තුල (පරේතයකු දිවැසින්*) සදහන් පාළියේ ප්‍රේත තියා දිවැස් කතාවක් පවා නොමැත. තවදුරටත් කියවීමට […]

Leave a Reply