Can Buddhists seek protection from God? Can it be done according to Buddhism?

බෞද්ධයන්ට දෙවියන්ගෙන් ආරක්ෂාව ලබාගත හැකිද? 

බෞද්ධයන් විහාරස්ථානයකට ගොස් කරන පුදපූජා සහ වන්දනා ක්‍රියා පද්ධතියේ අවසාන අදියර වශයෙන් දෙවියන්ට පින් දීම සදහා ද වාක්‍යයක් ඇත. දෙවියන්ට පින් දීම සදහා මේ සමාජයේ අනුමත පූජා වාක්‍යය මෙසේ දැක්වේ.

ආකාසට්ඨාච භුම්මට්ඨා – දේවා නාගා මහිද්ධිකා 
පුඤ්ඤංතං අනුමෝදිත්වා – චිරං රක්ඛන්තු ලෝක සාසනං

(ආකාසයෙහි සිටින්නා වූද, පොළොවෙහි සිටින්නා වූද, මහත් බල ඇති දෙවිවරු සහ නාගයෝ ද, මෙම පින් අනුමෝදන්ව ලෝකයත්, සාසනයත් ආරක්ෂා කරත්වා.)

මෙහි පළමුවන පූජා වාක්‍යයට අනුව අහසෙහි සහ පොළොවෙහි සිටින මහා බල සම්පන්න දෙවියන්ටත්, නාගයන්ටත් පින් අනුමෝදන් වන ලෙසත්, එසේ පින් අනුමෝදන් වී තමාද, ලෝකයා ද, සාසනය ද ආරක්ෂා කරන ලෙසත් ආයාචනය කෙරේ. මෙහිදී දෙවිවරුන් නමින් හඳුන්වන ලබන සත්ව කොට්ඨාශයක් සිටින බව බුදු දහම පිළිගන්නා නමුත් එම දෙවිවරුන්ට මහේශාඛ්‍ය බලයක් හෝ පින් හෝ වෙනත් කිසිම දීමනා ආදියක් භාර ගැනීමටත්, මනුශ්‍යයන් ඉල්ලන ආරක්ෂාව සැපයීමට හැකියාව වත් නො මැති බව අවධාරණයෙන් ප්‍රකාශ කෙරේ. පාලි පිටක ග්‍රන්ථවලට අනුව දෙවිවරුන් යන නමින් හැඳින්වෙන ජීවීන් වර්ගයක් මෙම ලෝක ධාතුව තුළම වාසය කරන බව බුද්ධත්ව ඥානයෙන් ලබාගත් දැනුම පිළිබද කරන විස්තරයන්හිදී පැහැදිලිව දැක්වේ, ( සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සස්සමණ භ්‍රාහ්මණිං සදේව මනුස්සනං සයං අභිඤ්ඤා, සච්ඡිකත්වා පවේදේසී) යන පිටක ග්‍රන්ථයන්හි නිතර දැක්වෙන ප්‍රකාශනයෙන් මෙම මනුෂ්‍ය ලෝකය දෙවියන් සහිත ලෝකය වශයෙන් දැක්වේ.

බුදුන් වහන්සේ දෙවියන් ගැන දේශනාකොට වදාළ චමත්කාරජනක දේශානා අතරේ කණ්ණකත්ථල සූත්‍රය සහ  සඞ්ගාරව සූත්‍රය සූත්‍ර ඔබට පසක් කරනවා ඇති දෙවියන් යනු අහිංසක සත්ව කොට්ඨාශයන් වන අතර ඔවුන් කල කුශල කර්මයන්ට අනුව දේවත්වය ලබා ඇති බවත්, මෙම ලෝක ධාතුව තුළ වාසය කරන අනෙක් සියලු සත්ව වර්ගයන් මෙන්ම දෙවිවරු ද තාවකාලික ආත්ම ලාභයන්ගෙන් යුක්ත වන්නෝ වෙති. දෙවිවරුන් මනුෂ්‍යන්ට නො පෙන්නාක් මෙන්ම ඒ ඒ දේව වර්ගයන්ට පෙනෙන්නේ තමන් අයත් දේව වර්ගය පමණක් ම බව පෙනේ.  පිටක උදා:- දස‍්සනායපි භො රාජා පසෙනදි කොසලො දෙවෙ තාවතිංසෙ නප‍්පහොති. කුතො පන තම‍්හා ඨානා චාවෙස‍්සති වා පබ‍්බාජෙස‍්සති වා’ති. එවමෙව ඛො සෙනාපති, යෙ තෙ දෙවා සබ්‍යාපජ‍්ඣා ආගන‍්තාරො ඉත්‍ථත‍්තං තෙ දෙවා, යෙ තෙ දෙවා අබ්‍යාපජ‍්ඣා අනාගන‍්තාරො ඉත්‍ථත‍්තං, තෙ දෙවා දස‍්සනායපි නප‍්පහොන‍්ති, කුතො පන තම‍්හා ඨානා වාචෙස‍්සන‍්ති වා පබ‍්බාජෙස‍්සන‍්ති වා’ති.  ( භවත්නි, පසේනදි කොසොල් රජ තව්තිසා වැසි දෙවියන් දක්නට ද නො හැකි වෙයි. ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නේ හෝ යැ නංවන්නේ හෝ යි යනු කොයින් ලැබේ ද? සෙන්පතිය, එපරිදි මැ මිනිසත් බවට එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ යැ නිර්දුඃඛ වූ මිනිසත් බවට එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ යයි ඒ දෙවැදෑරුම් දෙවියන් දක්නට ද නො හැකි යැ. ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නේ හෝ යැ නංවන්සේ හෝ යැ යනු කොයින් ලැබේ ද?.. කණ්ණකත්ථල සූත්‍රය

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහමේ දෙවියන් සිටී ද? උන්වහන්සේ දෙවියන් ගැන සදහන් කලේ කුමක් ද? මේ ප්‍රශ්න වලට පිලිතුරු සෙවීමේ ද අපට පලමුවෙන්ම මතුවන සූත්‍රයන් වන්නේ මජ්ජිම නිකායේ එන කණ්ණකත්ඵල සහ සංගාරව සූත්‍රයි.  බුදුන්ගේ දර්ශනය වෙනත් භාරතීය දේවවාදී දර්ශනවලින් වෙනස් වූ මෙම ප්‍රධාන ලක්ෂණය ලාංකීය බෞද්ධ සම්ප්‍රදාය විසින් සම්පූර්ණයෙන් වරදවා ව්‍යවහාරයට ගෙන තිබීම සමාව දිය නො හැකි අන්දමේ බරපතල වරදක් බව සටහන් කළ යුතු ය. ඉහත දක්වන පූජා වාක්‍යයන්ගෙන් කෙරෙන්නේ බුදුන්ගේ දර්ශනය වෙනුවට, හින්දු දේවවාදී දර්ශනයම අපේ ඇත්තන් තහවුරු කිරීමයි.  බුදුන් දේශනා කොට වදාළ දෙවියන් නමැති අහිංසක සත්වයන්

දෙවියන් ලගට සදහන් වන මහේශාක්‍ය නාගයෝ කවහුදැයි විමසිය සුතු ය, ඉතිහාසයේ නාග නමින් හඳුන්වන ලද්දේ නාගයා තම ගෝත්‍රික සංකේතය වශයෙන් භාවිතා කල ගෝත්‍රික පිරිසකි. නාගයන්, යක්ෂයන් සහ පිශාච වැනි ගෝත්‍ර වලට වඩා පුලුල් ලෙස ව්‍යාප්ත වූ ගෝත්‍ර සමූහයක් වශයෙන් සැලකිය හැක. බුද්ධ කාලයේ ඇති වූ මහා රාජ්‍ය බල ප්‍රදේශ ව්‍යාප්ත වීම නිසා ප්‍රධාන සමාජයට එකතු වීමෙන් තම ගෝත්‍රික අන්න්‍යතාව නැති වී ගිය නාග,යක්ෂ වැනි ගෝත්‍රයන් සම්බන්ඳයෙන් ජන සමාජයේ ඉතිරි වූයේ ඔවුන් සම්බන්ඳ පුරාවෘත්ත පමණක් ය. ලංකාවේ ද නාග ගෝත්‍රිකයන් සිටි බව සදහන් වන අතර, වර්ථමාන ඉන්දීය රජයෙන් ස්වාධීන පාලන ප්‍රදේශයක් ඉල්ලා සටන් වැද සිටින ඇසෑම් ප්‍රදේශයේ නාගයන් ඉන්දීය රජයට සෑහෙන ප්‍රශ්නයක් වී ඇති බව ද සැලකිය යුතු ය.  some weblinks to read about this Naga people    NAGA SEPARATISM IN INDIA AND ROLE OF EXTERNAL POWERS

ආශ්‍රිත ග්‍රන්ථ:-

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=23019

1 pings

  1. […] Can Buddhists seek protection from God? Can it be done according to Buddhism?  […]

Leave a Reply