«

»

Jan 26

Print this Post

Dharma Vinishchaya – Ven Rerukane Chandawimala Thero

dharma-winishchayaධර්ම විනිශ්චය

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

බුදුරජානණ් වහන්සේ විසින් දේශිත සූත්‍රාභිධර්මවිනය සංඛ්‍යාත පිටකත්‍රය ධර්මයෙහි ද බොහෝ දුරවබෝධ තැන් ඇත්තේ ය. එබැවින් බුදුදහමට අයත් නොයෙක් කරුණු සම්බන්ධයෙන් බෞද්ධයන් අතර නොයෙක් ප්‍රශ්න ඇතිවන්නේ ය. බුදුදහම කිලිටි කරණු කැමති, බෞද්ධයන්ට පහර දෙනු කැමති, සැක උපදවා බුදුදහම ගැන බෞද්ධයන් කලකිරවනු කැමති ඇතැම් බෞද්ධයන් විසින් ඒ සදහා උපදවන බොහෝ ප්‍රශ්න ද ඇත්තේ ය. බෞද්ධත්වයක් නැතිව බෞද්ධ නාමයෙන් පෙනී සිටින,තමන් දැන ඇති යම්කිසි සුළුදෙයකින් හිස ඉදමී ඇති ඇතමුන් විසින් භික්ෂූන් වහන්සේට හා දානාදී පින්කම් කරන, හැකි පමණින් ගුණදම් පුරන සැදැහැවත් බෞද්ධයන්ටත් පහරදීම පිණිස උපදවන බොහෝ ප්‍රශ්න ද ඇත්තේ ය. භික්ෂූන් වහන්සේට හා සැදැහැවත් බෞද්ධයනට ඉමහත් කරදරයක්ව පවත්නා ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලියා ප්‍රසිද්ධියට පැමිණවීමෙන් ඔවුනට මහත් සැනසිල්ලක් වන්නේ ය.

බුරුමයේ විසූ ධර්මධරයන් වහන්සේලා විසින් තමන් වෙත ඒ ඒ අය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම වශයෙන් සම්පාදනය කරන ලද ධර්ම ග්‍රන්ථ බොහෝ ගණනක් බුරුම සාහිත්‍යයට ඇතුළත් ව ඇත්තේ ය. ඒ ගණයට අයත් ධර්මග්‍රන්ථ අපේ සාහිත්‍යයයේ සුලභ නැත. අප රටේ ද එබඳු දහම් පොත් ඇති කිරීමට මුල පිරීමක් වශයෙන් අප විසින් ධර්ම විනිශ්චය නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. 

Download

 

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=4928

2 comments

2 pings

  1. aparadekto

    Hey, I can’t view your site properly within Opera, I actually hope you look into fixing this.

    1. Root Admin

      OK we will check that..thanks for your information please

  1. Siyadivinasa Geneemen Pranagatha akusalaya Siduwe da? » Daham Asapuwa

    […] ධර්ම විනිශ්චය […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Facebook Auto Publish Powered By : XYZScripts.com