May
14

Chathalisakara Maha Vipassana Bhawana – Ven Rerukane Chandawimala Thero

චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව

අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි

චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව වනාහි ධ්‍යාන-මාර්ග-ඵල-අභිඥාදී භාවනා භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති පටිසම්භිදාමග්ග නමැති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍රමයෙකි. මෙය ඉතා ම විස්තර විදර්ශනා භාවනා ක්‍රමය ය. 

සිල්වත් භික්ෂුවය, සෝවාන් භික්ෂුවය. සකෘදාගාමී භික්ෂුවය, අනාගාමී භික්ෂුවය, රහත් භික්ෂුවය යන සැම දෙනා විසින්ම පඤ්චස්කන්ධය අනිත්‍ය – දුක්ඛ- රෝග- ගණ්ඩාදී වශයෙන් නුවණින් මෙනෙහි කල යුතු බව බන්ධවග්ග සංයුත්තයේ චූළපණ්ණාසකයේ ධම්මකථිත වග්ගයෙහි සීලවන්ත සූත්‍රයෙහි දක්වා ඇත්තේය.

කාහටත් යෝග්‍ය උසස් භාවනාවක් වන මේ චත්තාළීසාකාර මහා විපස්සනාව විස්තර කරන විශේෂ ග්‍රන්ථයක් ද දක්නට නැත. එය නිවන් සොයන සැදැහැවතුන්ට ඉමහත් පාඩුවකී. ඒ පාඩුව පිරිමසාලීම මේ ග්‍රන්ථය සම්පාදනය එක් හේතුවකි.

භාවනා මධ්‍යස්ථානවල භාවනා පුරුදු කළා වූ ද, දැනට භාවනා කරන්නා වූ ද, මතු භාවනා කිරීමට බලාපොරොත්තු ඇත්තා වූ ද, සියලු සැදැහැවතුන්ට හා සසරදුකින් මිදෙනු රිසියෙන් සසුන් වැද පැවිදිව සිටන කුලපුත්‍රයන්හට ද මේ පොත කියවීමෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලැබිය හැකි වනු ඇත. මේ පොත කියවීම ම ද භාවනාවක් වෙයි. මෙය නැවත නැවත කියවන පින්වතුන්ට පඤ්චස්කන්ධයේ සැබෑ තත්වය වසා සිටින අවිද්‍යාව නමැති වළාකුල තුනීවෙයි. කාමච්ඡන්දය තුනී වෙයි. එයින් ඔවුන්ගේ සිත භාවනාවට නැමෙයි. නිවන් සෙවීමට නැමෙයි.    

මෙම සම්පූර්ණ පොත බාගැනීමට පහත පිවිසුමට ඇතුළු වන්න.

Download

.


May
13

House Phenomena

Images & Phenomena

Anagarika Tevijjo

Speaking about images & phenomena, specially we have ideas in our head. Even a house. I want a house like this house, my house ! this belongs to me. This is all wrong view of reality….

.


May
12

Amisa saha Prathipaththi Puja

ආමිස සහ ප්‍රතිපත්ති පූජා පිළිබදව පොහෝ දින සාකච්ඡාවච

බෞද්ධ දර්ශනයට අනුව ආමිස සහ ප්‍රතිපත්ති පූජා යන අංශ දෙකම වැදගත් වන ආකාරය ගැන මනා විග්‍රහය කරමින් එයට මනා අර්ථකථනයක් දෙමින් ආරම්භ වන මෙම ධර්ම සාකච්චාව මෙසේ විග්‍රහ කරන්නට යෙදුනි.

ප්‍රතිපත්ති ගැන කථා කරන විට ප්‍රධාන වශයෙන් නමයක් ගැන විග්‍රහ වෙනවා මෙයින් විස්තර කරන්නේ කුමක් ද? 

බුදුරජානණ් වහන්සේ ප්‍රතිපත්ති පූජා ප්‍රධාන කොටස් දෙකකට බෙදා විස්තර කර තිබෙනවා……..

 

Download

.

 


Older posts «