නාඩගම්කාරයෝ හි ආදර්ශමත් භික්ෂු චරිතය

ඉදහිට හෝ මෙවන් ආදර්ශමත් කතා පුවත් මගින් ගිහියන්ට සහ පැවිද්දන්ට යමක් සිතන්න ඉඩ සලස්වා දීම වටිනා මෙහෙවරක්. සමාජ මාධ්‍ය වලට මුල්තැනක් දී තිබෙන මෙවන් යුගයක එවැනි මාධ්‍ය උපයෝගි කර ගනිමින් සමාජයට සුභවාදී පනිවිඩක් මෙම ටෙලිවෘතාන්තයෙන් ගෙන ඒම ගැන මෙහි අධ්‍යක්ෂක, නිෂ්පාදනය සහ එහි රගපාන නළුනිලියන් විශේෂයෙන් පන්සලේ ලොකු හාමුදුරුවන්ට රඟපාන නළුවාට  සමාජයක් වශයෙන් අපි ස්තූතිවන්ත විය යුතු බව අපගේ හැගීමයි.

මේ දිනවල අතිශයින් ජනප්‍රියත්වයට පත් වී තිබෙන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ එන භික්ෂූන් වහන්සේ චරිතයට මඩප්‍රහාරයක් මූණු පොතේ එල්ල වෙමින් පවතින බවක් අපට දැක ගන්නට ලැබුනා.

මුහුණු පොතේ එම භික්ෂු චරිතය හෙලා දැක ඇති ආකාරය අනුව එකින් එක බුද්ධ වචනයත් සමග විග්‍රහයකට මෙසේ මුලපුරමු.

නාඩගම්කාරයන් ට මැනවින් ගුරුහරුකම් දෙන භික්ෂු චරිතයට මුහුණු පොතෙන් මෙසේ පහර ගසනවා.

“නාඩගම්කාරයෝ හි “භික්ෂු නාඩගම” හරහා අද වන විට මහණකම ද නාඩගමක් බවට පත් කොට තිබේ. තාලපුට සූත්‍රයට අනුව රඟ මැද, නෘත්‍ය මැද රාගය, ද්වේෂය, මෝහය වැපිරීම පහාස නිරයෙහි වැටීමටහේතුවකි. සබ මැද රැඟීම භික්ෂුවට කොහෙත් ම කැප නො වන අතර, භික්ෂූත්වය රඟ මැදට ගෙන ඒමද කොහෙත් ම නො කළ යුත්තකි. ” – අපගේ අදහස් දැක්වීම:- මෙය වැරදි අර්ථකතනයකී , එය අප මෙසේ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ තාලපුට සූත්‍රය අනුව වැරදි අදහසක් බව ප්‍රකාශ කරමු.  ඔවුනගේ එම සාදාරණීකරනයට තාලපුට සූත්‍රය පෙන්වා දී තිබෙන නිසා සත්‍ය වශයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ රංග ශිල්පීන් මරණෙන් පසු පහාස නිරයේ හෝ තිරිසන් භවයක අනිවාර්යෙන් උපදින බවට ස්ථීර කොට වදාළ බවට මෙම සූත්‍රයේ සඳහන් ද ???? කියා අවබෝධයෙන් විමසනු වටී. මෙම සූත්‍රයේ දී ගාමිණි ඇසූ ප්‍රශ්නය තුන් සැරයක් ඇසුවත් බුදුරජාණන් වහන්සේ උත්තර නොදී “ගාමිණි කම්නැත මෙය තිබේවා” ලෙස වදාළේ කුමක් නිසා ද? ..…….විමසනු වටී.  මේ නළුවා රාගයෙන් බැඳුණ සත්වයෝ, රඟ මැද නෘත්‍ය මැද** “නො ඇලීම”** පිණිස පවත්නාවූ යමක් වෙයි නම් එය බොහෝ සෙයින් දක්වත් නම් මේ නළුවා මරණෙන් පසු පහාස නිරයේ හෝ තිරිසන් භවයක ට යයි ද? නැත . (සම්පූර්ණ තාලපුට සූත්‍රය කියවීමට

එනම් මෙම තාලපුට සූත්‍රයට අනුව මෙම භික්ෂු චරිතය රගපාන නලුවා ප්‍රේක්ෂකයගේ  “නො ඇලීම”**පිණිස චරිතයට පනපොවන නිසා ඔහු දහමට අනුව ඔහු සහ ඔහුගේ දෙබස් මෙහෙයවන්නා කුසල් රැස්කර ගනිති.

අප සිතන අන්දමට අද බහුතරයක් බෞද්ධ මධ්‍යස්ථාන වල බුද්ධ වචනය හතර මායිමේ නො මැති බව නම් සත්‍යයකි. මෙම භික්ෂු චරිතය මුදල් අල්ලන්නේ නැති අතර පන්සලට ලැබෙන මුදල් ගිහියෙක් හරහා අහිංසක ගැමියන්ගේ බෙහෙත් වලට භාවිතා කරන බව හොදින් පෙන්නුම් කරනවා. ඇත්තනේ බුදුරජාණන් වහන්සේ තහනම් කලා සංඝයා වහන්සේලාට මුදල් භාවිතා කිරීම. මෙන්න එම සූත්‍රය – කිසිම පැවිද්දෙකුට මුදල් කැප නැත. එයට හේතුව මුදල් කැප නම් ඔහුට පංචකාම සම්පත්තියම කැප වෙන්න ට ඕනේ. ඒක නිසා කිසිම පැවිද්දෙක් ට මිලමුදල්, රන්කහවණු කිසිසේත් කැප නැත. 10. මණිචූළ සූත්‍රය, 8. ගාමණී සංයුත්තය, සළායතනවග්ගපාළි – සංයුත්තනිකාය.  

මේ අනුව නාඩගම්කාරයන්ගේ භික්ෂු චරිතයට පනපොවන නලුවා හරහා බුද්ධ වචනයට පයින් ගසා මුදල් හම්බකරන්නන් හට බුද්ධ වචනය නැවත මතක් කර දීමක් කරනවා. බුදුරජාණන් වහන්සේ නොකියූ දේ කරන බහුතරයක් බෞද්ධ මධ්‍යස්ථාන වලන් කල යුතු සමාජ මෙහෙවර නාඩගම්කාරයෝ හි භික්ෂු චරිතය හරහා පෙන්වා දෙන අතරේ  එදා අපට තිබූ ගමයි පංසලයි මතක් කර දෙනවා. සුද්දොන්ටත් ඒ බැදීම් කඩන්න බැරි වුනේ ඒ නිසයි. අද බහුතරයක් පිංකම්  පසුපස සිටින්නේ කූට ලෙස අහිංසක මිනිසුන්ගේ මුදල් මංකොල්ලකන වෙළදුන්. 

බලන්න අද එන්න එන්න චීවරය මුදලට යටවෙන තත්වයකට ක්‍රමක්‍රමයෙන් පත්වෙමින් පවතින වා. බුද්ධ සාසනයට මොන තරම් හානියක් ද වෙන්නේ. උදාහරණ ලෙස එදා අපේ වල්පොල රාහුල හිමියන් මතුකල මේ සාසනික පරිහානිය එන්න එන්නම දරුණු පැත්තට ගමන් කරනවා. ..එක්තරා ස්ථවිරයන් වහන්සේ නමකට තමා බණකට ආරාධනා කල බවත්, උන්වහන්සේ ආරාධනාව භාරගෙන ‘ බණ පිරිකර වශයෙන් යමක් පූජා කරනවා නම් ‘ එය මුදලින් ලැබෙන්නට සැලැස්සුවොත් ඊට වඩා ප්‍රයෝජනවත් වේය යි කී බවත් ඒ ආරාධනාව කල අයම මා සමග කීය.  දැන් බණකීම එක්තරා රක්ෂාවක් වී තිබේ. ඇතැම් ධර්මකථිකයන් ධර්මදේශනාකොට ලැබූ පිරිකර විකුණා පොහොසත් වී ඉඩම් මිලයට ගෙන තිබෙන බැව්ද ප්‍රකට රහස් ය.  දැන් බණකීම එක්තරා රක්ෂාවක් වී තිබේ.

ත්‍රිවිධ රත්නයට කරන අපහාස :- දැන් “පිංකම්” යන්නේන් අදහස් කරනු ලබන්නේ මුදලයි. ගතවූ දිනයට වඩා අද රුපියල් දහයක් වැඩිපුර ලැබිණි, නම් ‘එදාට වඩා අද පිංකම වාසිය’ යි කියති. මෙහිදී පිංකමයයි අදහස් කරනු ලබන්නේ මුදල් මිස අනේකක් නොවේ. විහාර මලුවක බෙරගසමින් නැටීම හෝ පිනුම් ගැසීම මොන තරම් විහිළුවක් ද? ඇතැම් විහාරවල මේ මේ විහිළු කරන්නෝ මත්පැන් බීගත් මිනිස්සුය. කුඩා ළමයන් ලවා බණ ආරාධනා වශයෙන් චූර්ණිකාවක් කීම මොන තරම් විහිළුවක් දැයි සිතා බලනු මැනැවි. මල්වට්ටි වෙන්දේසිය තවත් අශෝභන ක්‍රියාවකි. මේ විහිළු කරන, විහාර පන්සල්වලට නො යන්නට බෞද්ධයන් සිතට ගත යුතුයි.  මුළු ලිපිය කියවීමට

ඒ වගේම එදා අපේ රේරුකාණේ චන්දවිමල හිමියන් කියූ දෙය අද සිද්ධවෙන්නේ නැද් ද?  පැවිදි කිරීමට සුදුසු නොසුදුසු පුද්ගලයෝ:- මහරු සිවුරට මුවා වී යම් යම් නොමනා අදහස් ඉටු කර ගැනීමේ අදහසින් පැවිදි වන්නට උත්සාහ කරති. සමහරු පහසුවෙන් ජීවත් විය හැකි වෙතයි සිතා පැවිදි වන්නට උත්සාහ කරති. සමහරු තමන්ගේ යම්කිසි අදහසක් ඉටු කරගන්නා රිසියෙන් දරුවන් පැවිදි කර වන්නට උත්සාහ කරති. මුළු ලිපිය කියවීමට      

 මෙම නාඩගම්කාරයෝ ටෙලිවෘතාන්තයේ පොඩිනමට චරිත මවන නලුවා හරහා ලොකු හාමුදුරුවන් හරි මගේ යනවා නම් පොඩි නම ද ඒ මග යනු ඇති බව පෙන්වා දෙනවා.  

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22535

Leave a Reply