Sep
24

Bhavana Margaya – Ven Katukurunde Ñāṇananda Thero

භාවනා මාර්ගය - පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

1. මයිත්‍රී භාවනාව තුලින් මතුකරගන්නා චිත්ත විමුක්තියේ ආනිශංස පක්ෂය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතාමත් ඉහලින් වර්ණනා කර තිබෙනවා. මෙත්තාචෙතොවිමුත්ති නමින් හැඳින්වෙන ඒ චිත්ත තත්වය දානා දී පින්කම්වල සියලුම කුසල් බලය අභිබවා බැබලෙන, ඊට වඩා වටිනාකමක් ඇති ඒ වගේම යම්  යම් බරපතල කර්ම විපාක වල පවා බලය බිඳින ප්‍රබල කුසල් සිතක් බව බුදුරජාණන් වහන්සේ පෙන්නා දීලා තිබෙනවා..

2.“අනාපානසති යස්ස පරිපුණ්ණා සුභාවිතා” යම් කෙනෙකු විසින් ආනාපාන සතිය පරිපූර්ණ වශයෙන් වඩන ලද්දේ ද ” අනුපුබ්බං පරිචිතා යථා බුද්ධෙන දෙසිතා” බුදුරජාණන් වහන්සේ විසින් වහන්සේ විසින් දේශනා කළ ආකාරයට අනුපිළිවෙලින් පුරුදු කරන ලද්දේ ද ” සො මං ලොකං පභාසෙති-අබ්භාමුතේතාච් චන්දිමා” ඒ භික්ෂුව, ඒ තැනැත්තා, කළුවළාකුලින් මෑත්වුනු සඳමඬල වගේ මේ ලෝකය ආලෝකවත් කරනවා!

3.තරුණකමත් නිරෝගිකමත් නිසා ඇතිවන මාන්නයටත් වඩා තමා ජීවත් කියන අදහස තුළින් ඇතිකර ගන්නා මානය, ප්‍රමාදයට හේතුවෙනවා. ඒ ප්‍රමාදයෙන් අප්‍රමාදීව නිවන් ගමනට යොමුවෙන්න මරණසතිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට අවවාද කළ සේක…..

ඉහත භාවනාවන්ට අමතරව සුඤඤතානුපස්සනාව, අට්ඨික සඤඤාව, ධාතුමනසිකාරය, නාමරූප, සමථ-විපස්සනා ගැන මනා විග්‍රහයක් මෙම වටිනා ධම්ම ග්‍රන්ථයේ අඩංගු වී ඇත.

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

Download

.

 


Aug
08

Guided Meditation

English Version

Read
Download


Jan
26

Handbook Vipassana Meditation for beginners

by Phra Athikan Somsak Sorado

This is a beginners’ handbook for awareness development according to the Four Foundations of Mindfulness. I have compiled here a set of instructions from my own personal experience that I have heard, read, written and taken into memory from the Tipitika and other Buddhist texts. I have received instructions from Meditation Masters of the Vipassana Lineage that I have directly and intensively put into practice. Vipassana Meditation Grandmaster Dr. Bhaddanta Asabha Mahathera was my kalyanamittata who gave instructions and interviews with good results. The core substance of this handbook has been compiled directly from personal experience and isespecially for meditators who wish to put the instructions into practice.

Read
Download

.


Nov
15

Hitha Thaniema – Ven Katukurunde Ñāṇananda Thero

හිත තැනීමපූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

ඇතැම් කෙනෙක් කල්පනා කරනවා මේ හිත ඔහේ යන හැටි බලාගෙන සිටි පමණකින් මේ හිත තැන්පත් කර ගන්න පුළුවන් වේවි කියලා. ඒක හරියන්නේ නෑ. අර කුළු ගොනෙක් දුවන කොට ඒකත් එක්ක දුවලා කවදාවත් බෑ මේක කරන්න.

ඒ වෙනුවට කරන්න ඕන යම්කිසි කමටහනක් දෙන්න ඕන. කණුවක බඳින්න ඕන. බැන්දට පස්සෙ තමයි ඇදෙන ඇදෙන වාරයක් පාසා කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව, සිහියෙන් යුක්තව – සතිය එතන උපකාර වෙනවා, සති සම්පජඤ්ඤය කියන වචන දෙක සිහියයි දැනුවත්කමයි. සිහියයි නුවණයි, ඒ දෙක යොදලා – ඒ ඒ අවස්ථානුකූලව ඉතාම ශීඝ්‍රයෙන්, පුළුවන් ඉක්මනින්, ආයිත් අර කණුව ළඟට ගේනවා. කමටහනට ගේනවා. හිත ඈතට යන්න නොදී. හිත ඈතට යන්න දුන්නොත් දන්නෙම නැතිව තමන් ඉන්නේ කොහෙදවත් දන්නේ නැති තත්ත්වයට පත්වෙනවා. ඔය විතර්කවල ස්වභාවයයි.

විතර්කවලට යටවුනාට පස්සේ සිද්ද වෙන දෙයක් තියෙනවා. ඒකට කියන්න පුළුවන් “ප්‍රපංචයකියලා. ප්‍රපංචය කියලා කියන්නේ අර විතර්ක නිසා, ඒවා ලියලා යෑම නිසා අන්තිමට මහා පුදුම මෝහනයකට පත් වෙනවා. බරපතල මෝහනයකට පත්වෙනවා. විතර්ක තුළම ඒ අතට මේ අතට හැසිරෙනවා. අතීතයට අනාගතයට දුවමින් තමන් ඉන්නේ කොහේදවත් නොදන්න තරමට.

ඔන්න ඔය අවස්ථාවල් ධර්මයෙත් දක්වලා තියෙනව. ~~යං වෙදෙනි තං සඤජානාති~~ යමක් විඳීද එය හඳුනාගනී~~ ~~යං සංඤ්ජනාති තං විතකෙකති~~ හඳුනා ගන්නා දේ පිළිබඳවයි විතර්ක සිතිවිලි පවත්වන්නේ. ~~යං විතකෙකති තං පපඤෙචති~~ යමක් පිළිබඳ විතර්ක කරනවා නම් ඒ තැනැත්තා ඒක පිළිබඳව ප්‍රපංචයට පත්වෙනවා. තමන්ටම ඒ අගක් මුලක් ගන්න බැරි විදිහේ මහා වැල් වටාරම් සිතිවිලි රාශියකට යටවෙලා අන්තිමට ඒ තමන්ම හදාගත්ත සිතිවිලිවලටම යටවෙලා තමන් ආපු පරමාර්ථයත් අමතක වෙනවා. ඔන්න ඔය විදියේ තත්ත්වයකට සිත වික්ෂිප්ත වෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මක් නිසාද? අන්න අර ~~අයෝනිසෝමනසිකාරය~~ නිසා.

නිවන් දකින්න බලාපොරොත්ත වන කෙනා, නිවන් දැකීම සඳහා උත්සාහ කරන්න සූදානම් වෙන කෙනා, පළමුවෙන්ම තමාගේ හිතේ තිඛෙන ඒ සාංසාරික දුර්වලතා, වංචක ධම, ඉදිරිපත් විය හැකි මාර බාධක ගැන යම්කිසි අවබෝධයක් ලබාගත යුතුව තිඛෙනවා. මෙන්න මේ කියන කාරණය අපට හෙළි කරලා දෙන්නේ බුදුපියාණන් වහන්සේයි. අපට මේ නිවන් ගමනේ ඉදිරිපත් විය හැකි බාධක පිළිබඳව අවස්ථානුකූලව උපදෙස් දෙන්න පුළුවන් ඒ ශ්‍රේෂ්ඨතම උත්තමයා, කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ, දේශනා කොට වඳාළ සිතේ සාමාන්‍යයෙන් බලපවත්වන දුර්වලතා, වංචක ධර්ම, මාර බලවේග. ඒවා පිළිබඳව යම්කිසි අවබෝධයක් මෙම පොතෙන් ඔබට ලබා ගත හැකි බවට අපගේ විශ්වාසයයි.

අද ශ්‍රී ලංකාව පුරා පැතිර පවත්නා අලුත් රැල්ල වන…සිත දෙස, සිත තුල ඇතිවන සිතිවිලි දෙස ඔහේ බලා සිටීමෙන් ටික කලකින් මාර්ගඵල ලබා ගත හැකි යැයි සිතනා අයට සහ එම භාවනාව අනුගමනය කරන්නන් තමා සිටිනා “අයෝනිසෝමනසිකාරය” වටහා ගෙන නියම නිවන් මාර්ගයට පිවිසීමට මෙම පොත ප්‍රවේශයක් වේවා!

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා!

Read
Download

.



Older posts «