වත්ථුපම සූත්‍රය – මජ්‌ඣිම නිකාය -> මූල පන්නාසකය -> 1. මූලපරියාය වර්ගය
බුදුරජානන් වහන්සේ සූත්‍ර දේශනාව තුලදී , නැකැත් ගැන කල දේශනා කොට වදාළ වදන් පෙලක් ……..
සුද්‌ධස්‌ස වෙ සදා ඵග්‌ගු, සුද්‌ධස්‌සුපොසථො සදා;
සුද්‌ධස්‌ස සුචිකම්‌මස්‌ස, සදා සම්‌පජ්‌ජතෙ වතං;
ඉධෙව සිනාහි බ්‍රාහ්‌මණ, සබ්‌බභූතෙසු කරොහි ඛෙමතං.
පිරිසිදු වූවහුට හැම කල්හි ම උතුරුපල්ගුන නැකත වේ. පිරිසිදු වූවහුට හැමකල්හි පොහොය වේ. පිරිසිදු වූ පරිශුද්ධ කර්‍ම ඇත්තහුගේ ව්‍රතය හැම කල්හි සමෘද්ධ වේ. බ්‍රාහ්මණය, මෙහි ම ස්නානය කරව. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය කරව.
‘සචෙ මුසා න භණසි, සචෙ පාණං න හිංසසි;
සචෙ අදින්‌නං නාදියසි, සද්‌දහානො අමච්‌ඡරී;
කිං කාහසි ගයං ගන්‌ත්‌වා, උදපානොපි තෙ ගයා’ ( බොරු නො කියහි නම්, සතුන්ට හිංසා නො කෙරෙහි නම්, නොදුන් දෙය නො ගනිහි නම්, ශ්‍රද්ධා ඇත්තෙහි මසුරු නොවෙහි නම්, ගයාවට ගොස් කුමක් කරන්නෙහි ද? තාගේ ලිඳ වුව ද ගයාව වේ.)
1 pings
[…] පිටකයේ නැකත් ගැන බුදුන් වදාළ සූත්‍රයක් තිබේ. වත්ථුපම සූත්‍රය – මජ්‌ඣිම නිකාය -> මූල පන්නාසකය -> 1. මූලපරියාය වර්ගය පිරිසිදු වූවහුට හැම කල්හි ම උතුරුපල්ගුන නැකත වේ. පිරිසිදු වූවහුට හැමකල්හි පොහොය වේ. සූත්‍රය කියවීමට […]