Priests and lay preachers who put Lord Buddha as a hostage to Eat Meat

බුදුරජාණන් වහන්සේ ඇපයට තබා මස්මාංස කන ගිහිපැවිද අය ඔවුනගේ රසතෘෂ්ණාවට දූෂණය කරන සූත්‍රයක් තමයි මේ ආමගන්ධ සූත්‍රය(2 – 2 ආමගන්‌ධ සූත්‍රය, ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » සුත්ත නිපාතය » 2. චූල වර්ගය

බුදුරජාණන් වහන්සේ ඇපයට තබා මස්මාංස කන ගිහිපැවිද  දේශකයන්  ඉදිරියට ගෙන එන්නේ  අර මස්කථාව තියෙන පහත සදහන් පදපෙල පමණී.

“ආමගන‍්ධො මම කප‍්පතීති, ඉච‍්චෙව ත‍්වං භාසසි බ්‍රහ‍්මබන‍්ධු; සාලීනමන‍්නං පරිභුඤ‍්ජමානො, සකුන‍්තමංසෙහි සුසඞ‍්ඛතෙහි; පුච‍්ඡාමි තං කස‍්සප එතමත‍්ථං, කථං පකාරො තව ආමගන‍්ධො’’ “

බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් මතුකරන වටිනාම ධර්ම විග්‍රහය ඔවුනගේ රසතෘෂ්ණාව නිසා සම්පූර්ණයෙන්ම කනපිට ගහල මස්මාංස කන්න බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා කියා බුද්ධ වචනය අමු අමුවේ ඝාතනය කරනවා. මෙම සූත්‍රයෙන් බුදුහාමුදුරුවන් මස් කන්න අනුදැල වදාළා කියල ප්‍රකාශ කරනවා නම් මේ සුදුරෙද්දෙන් විලිවසාගෙන සිටින උපාසක චන්ඩාල දේශකයන් සහ චීවරදාරීන්, ඒකම ඇති බුද්ධ වචනය  වෙනස් කිරීමේ පාපයට හසුවන්න.

ඔවුන් නොදන්නෙහි ද බුදුරජාණන් වහන්සෙ  වදාළ සූත්‍ර දේශනාවන් වටහා ගැනීමට එනම්  ගැඹුරුත්වයේ  සරලත්වය හදුනාගන්නට මුලුසූත්‍රයම අවබෝධයෙන් කියවන්න අවශ්‍ය බව. බුදුහාමුදුරුවන් ව ඇපයට තියල මස්මාන්ස කන අය අය ගන්නේ මේ සූත්‍රයේ  3 වෙනුව එන මේ කොටස විතරයි. සිංහල පරිවර්තන බොහෝ දුරට පාළි වචන වලට හරි තේරුම දෙන්නේ  නැති නිසා පාළිය පමණක් මෙසේ සදහන් කරන්නේ 

නමුත් සුත්‍රයෙන් බුදුරජාණන් වහන්සෙ ඉස්මතු කරන්නේ  බුදුහාමුදුරුවන්ගේ නාමයෙන්  ඔබට මස්කෑමට නොවේ. බුදුහාමුදුරුවන්ගේ නාමයෙන් පන්චදුෂ්චරිතය  නො කරන්නයි. තවත් කරුණක් නම් මේ සූත්‍රය දේශනා කරන්නේ කවුරුන් උදෙසා ද? කියන්නේ කවුරුන් ද? ඇයි ඔහු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට එන්නේ? මේ ප්‍රස්න වලට පිලිතුරු දෙනවිට බුද්ධ දේශනාවට අරමුණු වූ කරුණ හොදින් වැටහෙනවා ඇත. මාංශ අනුභව කරන්නේ ඒ පිළිබඳ කෙලෙස් සහිතවය. එනම් සතෙකු මරා තිබෙන බව ද, ඒ මාංශයට ගිජු කමින් වැල්ල්දීමද අප සිදුකරයි. බුදුන් වහන්සේ දේශණා කළේ අපගේ මනස පවිත්‍ර කරන ලෙසය. මාංශ අනුභව නොකළද සමහරුන් ගේ ලෝභය, ද්වේෂය සහ මෝහය උපරිමයෙන් ඇත. ඒ ආමගන්ඩ බමුණටද බුදුන් වහන්සේ වදාළේ “ඔහුටම” වූ ධර්මයකි. එනම් ආමගන්ධ බමුණා ගේ මතය වූ “මාංශ ආහාරය නොකිරීමෙන් පමණක් කෙලෙස් නැති කළහැකිය, එලෙස අනුභව කරනවානම් කෙලෙස් ඇති අයකු” ලෙස මතයන් සාදාගෙන සිටි බැවිනි.

ඔබට ඒ බව මෙසේත් ප්‍රකාශ කලහොත්  ” ඔබ දකිනවා මස්මාන්ස කන අයෙක්, ඒ ඒක්කම ඔබ දකිනවා පන්චදුෂ්චරිතයම කරන කෙනෙක්.  කවුරුන් හෝ විමසූ විට මෙසේ , “බලන්න අර මස් කන කෙනා දෙස” කියල  අපි කියන්නේ, මස්  කන එක කෙසේ වෙතත් බලන්න අර පන්චදුෂ්චරියම කරන කෙනා දැක්කම කියලනේ. ඔන්න ඔය වගෙ අදහසකුයි ඔබට මේ සූත්‍රයෙන් හැගවෙන්නේ නැත්නම් ඔබට බුදුරජානන්  වහන්සේ  උකසට තියල මස් කන්න නොවේ. ඔබ කන්න ඕනේතරම් මස්, නමුත් බුදුරජානන් වහන්සේව ඇපයට නො තියා. බලන්න මේ ආමගන්ධ සූත්‍රයෙන් දේශනා වුනු වටිනා ධර්ම කොටස්. මස්කෑල්ලක් ගැනද මේ බුදුරජාණන් වහන්සේ දිගින් දිගට විග්‍රහ කරන්නේ?

244.‘‘පාණාතිපාතො වධඡෙදබන‍්ධනං, ථෙය්‍යං මුසාවාදො නිකතිවඤ‍්චනානි ච; අජ‍්ඣෙනකුත‍්තං, පරදාරසෙවනා, යෙ ඉධ කාමෙසු අසඤ‍්ඤතා ජනා,රසෙසු ගිද‍්ධා අසුචිභාවමස‍්සිතා අවසානව න මච‍්ඡමංසානමනාසකත‍්තං අනාසකත‍්තං ,න මංච‍්ඡමංසානානාසකත‍්තං න නග‍්ගියං නමුණ‍්ඩියං ජටාජල‍්ලං; ඛරාජිනානි නාග‍්ගිහුත‍්තස‍්සු සෙවනා, යෙ වාපි ලොකෙ අමරා බහූ තපා; මන‍්තාහුතී යඤ‍්ඤමුතූපසෙවනා,  සොධෙන‍්ති මච‍්චං අවිතිණ‍්ණකඞ‍්ඛං.

ඒ එක්කම ලිහිණින් මරණ එක ගැන තිබෙන  මේ සූත්‍රයත් ඔය ආමගන්මධ සූත්‍රයත් එක්ක සන්සන්දනාත්මකව බලන්න.

7.1.3. මාංසපිණ්‌ඩ සූත්‍රය– සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 7. ලක්ඛණ සංයුක්තය » 1. ප්‍රථම වර්ගය 364. >> ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මස්පිඩක් (වූ ප්‍රෙතයකු) දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මෙය ලුහුබඳිමින් කඩා කත් ,ඉරා කත්. ඒ මස් පිඩ දබැගෑහඬ නගයි … මහණෙනි ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ … මේ සත්ත්වතෙමේ මේ  රජගහනුවරම ලිහිණි වැද්දෙක් විය. … ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.

ආශ්‍රිත ලිපි සහ ග්‍රන්ථ:-
  • මාංශ අනුභවය සහ කෙලෙස් වලින් මිදීම:- මේ පිළිබඳව ලියවී ඇති ලිපි විශාල ප්‍රමාණයක් අපි කියවා ඇත්තෙමු. මට සිතෙන පරිදි හා වැටහෙන පරිදි, බුදුන් වහන්සේ නොයෙක් සූත්‍ර වලින් මේ ගැන දේශනා කළහ.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22754

Leave a Reply