Primitive beliefs that should have died out centuries ago

බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර ප්‍රෝඩාව

ජීවිතයේදි මුහුණ පාන්නට සිදුවන කරදර කම්කටලු, ආර්ථික හානි, ලෙඩ රෝග ආදිය, ග්‍රහ අපල සහ අමනුෂ්‍ය උපද්‍රව නිසා සිදුවන බව විශ්වාස කළ ප්‍රාථමික සමාජ මට්ටමේ ජීවත් වූ ලාංකිකයෝ, එවැනි කරදර වලින් මිදීම සදහා බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර ආදියෙහි පිහිට සෙවූ අතර බුදුදහම මෙරටට හඳුන්වා දීමෙන් පසු ඒ වෙනුවට පිරිත් සජ්ජායනය කිරීම ඵලදායි ආදේශකයක් වශයෙන් යොදා ගත් බව පෙනේ. මේ නිසා ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ ඉහත සඳහන් කළ මිත්‍යා විශ්වාස වලට බුදු සමයෙන් පිළිගැනීමක් සිදුවූ බව ලාංකිකයන් විසින් පිළිගැනීමය. වෙනත් වචන වලින් කිවහොත් පිරිත් සජ්ජායනය කිරීමෙන් සියලු අපල සහ අමනුශ්‍ය උපද්‍රව ඇත්ත වශයෙන්ම නැති කළ හැකිය යන්න පිළිගැනීම නිසා  එවැනි අපල සහ අමනුශ්‍ය උපද්‍රව ඇත්ත වශයෙන්ම පවතින බව පිළිගැනීම තහවුරු වී ඇති බවය. මේ නිසා සියවස් ගණන්කට පෙර අභාවයට යා යුතුව තිබූ ප්‍රාථමික විශ්වාස රැසක් බුදුදහමේ අනුග්‍රහයෙන් තවමත් බෞද්ධයන්ගේ මානසිකත්වය තුළ හොල්මන් කරමින් පවතින බව සත්‍යයකි. 

මේ අපල උපද්‍රව වලට පිරිත් සජ්ජායනය කිරීම, අනිවාර්යෙන් ම මෙම හදුන්වා දීම පසුපස ස්වාමීන් වහන්සේලා සිටිය යුතුම ය. උන්වහන්සේලා එය හොද හිතකින්, බුදුදහම මනුශ්‍යන්ගේ සිතේ ස්ථාපිත කරන්න යෙදූ උපක්‍රමයක් වන්නට පුලුවන් නමුත් බුදුරජාණන් වහන්සේ දෙසුවේ දහම පෙන්වා දී මිනිසුන්ව දමනය කරන්න මිසක් මෙවැනි බුදුවදනට පිටුපා බුදුරජාණන් වහන්සේ වදාළේ නැති දෙයක් ඉදිරියට දමා මේ සිදුකර ඇති වරද අද වනවිට නිවැරදි කරගන්නට නො හැකිව බහුතරයක් ස්වාමින් වහන්සේලාම ඒ වරද/විකෘතිය තව දුරටත් කරගෙන යෑම සමාව නොදිය හැකි විශාල වරදකී. සාසනයට කරන අපරාධයකි. (ඉතිහාසයේ පලමු වරට 4 වන අක්බෝ රජු සමයේ(ක්‍රි:ව 668-683) තමයි ආගමික චාරීත්‍රයක් ලෙසට පරිත්‍රාණ සජ්ජායනයක් පැවැත්වීම ගැන සදහන් වෙන්නේ. පිරිත් කීම මතු කාලයේ දී බෞද්ධ පිළිවෙත් මාලාවෙහි නියමිත අංගයක් බවට පෙරළුණේ ය.)

මෙය  අද වනවිට අසරණයන්ගෙන් මුදල් වංචාකරන කූට ව්‍යාපරයක් බවට පත් වී ඇත. කනගාටුවට කරුණ ඒ කූට ව්‍යාපාරයට බුදුදහම කූට ලෙස භාවිතා කිරීමයි. 

බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක මිනිසාට හිරිහැර, කරදර උපද්‍රව කල හැකි දෙවිවරු හෝ යක්ෂ, භූත කොටස් ඇති බව ප්‍රකාශ කොට නැත. අප වැරදි නම පිටක මූලාශ්‍ර ගෙන පෙන්වා දීමට හැකිය. 

අමතර කියවීම සදහා:

අදේවවාදී බුදුදහමබුද්ධ කාලය වනවිට ඊට පෙර පැවති ස්වාධින ගෝත්‍රික රාජ්‍යයන් යටත් කර ගනිමින් බිහි වූ ඒකාධිපති රජ දරුවන්ගේ අසල්වැසි ගෝත්‍රික රාජ්‍යයන් ජය ගැනීමේ ක්‍රමය නිසා උන්හිටි තැන් අහිමිව, මහා රාජ්‍ය ප්‍රාදේශවල සරණාගතයන් වශයෙන් ජීවත් වූ යක්ෂ, පිශාච, ආදී ගෝත්‍රිකයන් ඒ කාලයේ ඇස් ඉදිරිපිටම ජීවත් වූ මිනිස් වර්ගයන් වීම නිසා ඒ වන විටත් බ්‍රාහ්මණ විශ්වාසයේ පැවති භූත ලෝකය හැකිළෙන්නට පටන්ගෙන තිබුණු බව පෙනේ. 

පෙළිවෙත් පිරීම වෙනුවට ඇදහීමදෙව් මිනිසුන් සහිත මෙම ලෝකය වසා සිටින ප්‍රේත, විමාන ප්‍රේත, විමාන දේවතා, වෘක්ෂ දේවතා, වන දේවතා, ප්‍රාදේශීය දේවතා ආදී නම්වලින් හැඳින්වෙන අමනුෂ්‍ය සමූහයන් හඳුන්වා දීම සම්පූර්ණයෙන් ම අට්ඨකථා සහ පශ්චාත් පිටක ග්‍රන්ථ සාහිත්‍යයෙන් ව්‍යවහාරික , බෞද්ධ ඇදහීම්වලට ලංකාවේදී එකතු කරන ලද අංග බව කිව යුතු ය. බුදු හිමියන්ගේ බුද්ධත්ව ඥානයෙන් නො පෙනුණු මම අමනුෂ්‍ය ලෝකය ප්‍රාග් බෞද්ධ ලංකාවේ ව්‍යවහාරයෙහි පැවති මිත්‍යා විශ්වාසයන් සහ දකුණු ඉන්දීය හින්දු ගෝත්‍රික විශ්වාසයන් ද එකතු වීමෙන් නිර්මාණය වී ඇති බව පෙන්වයි.

ප්‍රේතයන් ගැන බුදුන් වදාළාද? –

මෙම ලක්ඛණ සංයුක්ත සූත්‍රයන්හි කිසිම අවස්ථාවක “ප්‍රේත” යන වචනය යෙදී නැති නමුදු, මුල් සූත්‍ර නමයෙහිම දැක්වෙන සත්වයන් සදහා අටුවාකරු ප්‍රේත යන වචනය යොදා ඇති බව පෙනේ. මුල නිකාය ග්‍රන්ථයන්හි ‘ප්‍රේත” යන වචනය යෙදී ඇති ආකාරය අනුව, මෙම යෙදීම කෙසේ ගැළපේ දැයි විමසිය යුතුය…..

…..ප්‍රේතයන් යන්නෙන් ප්‍රේත ආත්මයට උපන් භූත වර්ගයක් අදහස් කිරීම බුද්ධ කාලයට සියවස් කිහිපයකට පසුව සිදුවූ ගෝත්‍රික ආගමික ඇදහිලි මිශ්‍රවීම නිසා ඇති වූ වෙනස් වීමක් වශයෙන් දැක්විය හැකිය. පශ්චාත් පිටක ග්‍රන්ථ යුගයට අයත් ප්‍රේත වත්ඨු සහ විමාන වත්ථු යන ග්‍රන්ථ මෙන් ම, අට්ඨකථාවලින් ද පෝෂණය කරන ලද්දේ මෙම පසුකාලීන වර්ධනයක් බව සැලකිය යුතු ය.

 

ආශ්‍රිත ග්‍රන්ථ,වෙබ් පිටු සහ වීඩියෝ පට :-

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=23022

Leave a Reply