Sathyodaya: Truth Awakening – Bhikkhu Walpola Rahula

වල්පොල රාහුල හිමියන් විසින් රචිත සත්‍යෝදය කෘතිය. මේ පොතේ තියෙන්නේ සිංහල බෞද්ධකම ගැන නම් නෙවෙයි. බෞද්ධ දර්ශනය ගැන.

උන්වහන්සේ නූතන බෞද්ධයන් වෙනුවෙන් ලියන ලද “සත්‍යෝදය කතා” ද අපේ දෑස් අරවන්නක් විය යුතුය.

මෙම පොතේ අන්තර්ගත ලිපි  ලියවෙන්නේ 1933 -34 වසරවලදීය. එනම් අදට වසර 86 ක් තරම් ඈත අතීතයකදී ය. එනම්   අදට  වඩා බෞද්ධ සමාජයේ සිදුවෙමින්  පැවති අවිචාරවත් බුද්ධගෝචර නොවූ වර්ධනයක් මෙන්ම ආත්ම ලාභය සඳහා ආගම් භාවිතා කිරීම, උපත මත මිනිසා වර්ග  කරමින් බෞද්ධ භික්ෂූන්ම කුලභේද පවත්වා ගැනීම ආදිය මෙම කෘතිය තුළ විචාරයට ලක් වේ. අප ඉදිරියේ ඇති ප්‍රශ්නය වන්නේ රාහුල හිමියන් අතින් මෙයින් වසර 86 ක ට පෙර විචාරයට ලක් වූ සමාජය අද වන විට වඩා  විචාරවත් සමාජයක් දෙසට කොතෙක් දුරට ගමන් කොට ඇද්ද යන්නයි.

දිනපතාම වාගේ අළුත් අළුත් විකාර රූපී පුජාවන් නිර්මාණය වෙයි. එක්දහසක් ඖෂධ පුජා , කෝටියක් මල් පුජා, අසදිසි පුජා, පිළිම සේදීමේ පුජා ,චෛත්‍ය වලට රෙදි ඇන්දවීම(කප් රුක් පූජා), අටමහ කුසල් වෙළදාම, කවිබණ වසංගතය, අධිෂ්ඨාන පුජාව, අසූහාර දහසේ පූජා. පිච්චමල් පූජා මහෝත්සව, මහා පලතුරු පූජා, අසදිසි පුජාව ඇරෙන්නට කියන්නට අමාරු නම් ඇති පුජා බොහෝය.  ඒ ඕනෑම පුජාවක් කලොත් නිවන් දැකීම ඉක්මන් වෙයි  කියලයි ප්‍රසිද්ධ කරන්නේ. 

කලින් තිබු නිකාය ගණන මෙන් දස  ගුණයක් නිකාය , පෙරමුණු ලෙස , සංස්ථා ලෙස සංඝයා  වෙන් ව සිටී. දායකයෝ ද එසේම වෙන්වූවෝ ය. අපි නම් අහන්නේ අසවල් හාමුදුරුවන්ගේ බණ විතරයි කියන්නෝ බොහෝ ය.  අහවල් පන්සලේ විතරක් බෞද්ධ භික්ෂුන් ඇත . අනෙක් අය චීවර ධාරින් විතරය කියන අය ද බොහෝය.

පසුගිය අවුරුදු 80 තුළ සිංහල බෞද්ධයා ම මෙම වින්නැහිය කළෝ වෙති.  අන්‍ය ආගමිකයන් හෝ අන්‍ය ජාතිකයන් නොව අපි අපේම විනාශය කර ගත්තෝ වෙමු.  ඉතින් මේ පහත දක්වා ඇති කුඩා ලිපි පෙළ කියවා හිංගල බෞද්ධයන් එකෙක් දෙන්නෙක් හෝ ගොන් කම් ගැන අවබෝධ කර ගන්නේ නම් එය වල්පොල රාහුල හාමුදුරුවන් ගේ ප්‍රාර්ථනාව ට ගැලපේයැ යි සිතන්නෙමු.

Download

පාදක සටහන්:-

5. ලාභසක්කාර සංයුක්තයේ  (සංයුත්ත නිකාය) ,  සූත්‍ර ගණනාවකම තිබෙන්නේ  බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ “ලාභසත්කාර කීර්ති ප්රශංසා” පස්සේ ගොස් භික්ෂූන් ට වන අන්තරායන්

5.1.2. බළිස සූත්රය – 5. ලාභසක්කාර සංයුක්තය, නිදාන වග්ගය, සංයුත්ත නිකාය. මහණෙනි, යම් කිසි මහණෙක් උපන් ලාභසත්කාර කීර්ති ප්රශංසා ආස්වාද කෙරේ ද, කැමති වේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ගිලගත් බිළී ඇත්තේ දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ පවිටු මරු විසින් කැමති සේ කටයුත්තෙක් ය යි කියනු ලැබේ. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්රශංසා මෙසේ දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්හත්ත්වාවබොධය පිණිස අන්තරාය කර ය, මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභ සත්කාරකීර්තිප්රශංසා දුරුකරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්රශංසා අපගේ සිත ක්ෂය කොට නොම සිටිනේ ය” යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.

5.1.1. දාරුණ සූත්රය – 5. ලාභසක්කාර සංයුක්තය, නිදාන වග්ගය, සංයුත්ත නිකාය . මහණෙනි, ලාභසත්කාර කීර්තිප්රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්හත්වාවබෝධය පිණිස අන්තරාය කර ය. එහෙයින් මහණෙනි, මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභසත්කාර කීර්තිප්රශංසා බැහැර කරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්රශංසා අපගේ සිත ක්ෂයකොට ගෙන නොම සිටිනේ” ය යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22071

Leave a Reply