Kamma Analysis of Buddhaghosa -Misguided kamma Analysis of Buddhaghosa

බුදුවදනට පටහැනි, බුද්ධඝෝෂ හිමියන්ගේ කර්ම විග්‍රහය

බුද්ධඝෝෂ කම්ම සරික්ඛතා සංකල්පය නොහොත් සමාන කර්මයන්ට සමාන විපාක

බුද්ධඝෝෂ හිමි, කර්මය ගැන කරන විස්තරයේදී  බුදුන්ගේ කර්ම දර්ශනය නියති  වාදයක් බවට පත් කිරීමට සමත් වී ඇති බව ද පෙනේ. 

බුද්ධඝෝෂ හිමියන්ගේ අත්ථිසාලිනි  අට්ඨ  කථාවේ දී  කිසිවකින් වෙනස්  කළ නොහැකි විශ්ව නියාමයන් පහක් ඇති බවත් ඒවා  නම් වශයෙන් උතු නියාමය, බීජ නියාමය, කම්ම නියාමය, චිත්ත නියාමය සහ ධම්ම නියාමය වන බවත් දක්වයි.

බුදුන් වහන්සේ විසින්ද මිනිසාට  අතීත කර්ම සම්භාරයක් අයත් විය හැකි බව පිළිගත් නමුත් කිසිම ආකාරයකින් මිනිසා එම අතීත කර්මයන් ක්‍රියාත්මක වනතුරු බලා සිටිය යුතු අසරණයන් වශයෙන් නො සැලකූ බව         අවධාරනය  කළ යුතු ය. අoගුලිමාල නම් දාමරිකයා සියලු අතීත කර්ම මෙන්ම  අනාගතයෙහි විපාක දිය හැකි    කර්ම  සම්භාරයන්ද අක්‍රීය කිරීමෙන් බුද්ධ මතය තහවුරු කළ ආකාරය මීට නිදසුනකී.  මේ අකාරයෙන් පාළි    පිටක ග්‍රන්ථයන්හි පැහැදිලිව දැක්වෙන  තථාගත දර්ශනයට පිටුපාන නියතවාදී  අදහස් බුදුන්ගේ අනුමැතිය ලත්  අදහස් වශයෙන් ම ඉදිරිපත් කිරීමට  අටුවාකරුට ඉඩ සැලසීමෙන් අවුල්  සහගත තත්වය තවත් ත්‍රීව්‍ර වී තිබේ. 

කම්ම නියාමයට සහ චිත්ත නියාමයට ද අමතරව බුද්ධඝෝෂ හිමිගේ අර්ඨ කථාවලදී  එකතු කරන ලද තවත් මිත්‍යාදෘෂ්ඨික අදහසක් වශයෙන් කම්ම සරික්ඛතා සoකල්පය දැක්විය හැකිය. මීට අනුව සමාන කර්මයන්ට සමාන විපාක ලැබෙන ආකාරය දැක්වෙයි. මෙම අදහස පැහැදිලි කිරීම සදහා ම ලියන  ලද  ප්‍රේත  වත්ථු ප්‍රකරණය  සහ විමාන වත්ථු ප්‍රකරනය පශ්චාද් පිටක ග්‍රන්ථවලට අයත් කෘති දෙකක් වේ.

සමාන කර්මයන් ට සමාන විපාක ලැබීම බුදුන්ගේ අදහසක් නො වන අතර ප්‍රේතයන්  වශයෙන් උපන් අය ගැන හෝ විමාන දේවතාවන් ගැන හෝ පාළි පිටක ග්‍රන්ථයන්හි සදහන් නොවේ. ප්‍රේතයන්ගේ  ලෝකයකට අයත් වන්නන් ගැන හෝ ඔවුන් සමග කරන ගනුදෙනු ගැන හෝ පාළි පිටක ග්‍රන්ථයන්හි නො දැක්වේ. 

උපුටා ගැනිම එම් එම් ජේ මාරසිංහ මහතා (හිටපු මහාචාර්‍ය සහ අධ්‍යයන අංශාධිපති, පාළි සහ බෞද්ධ අධ්‍යයන අංශය – බී,ඒ (ගෞ) (ලංකා); Phd) විසින් රචිත ” බුදු දහම දේවාගමක් කිරීම කෘතියෙන්. 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22818

Leave a Reply