Sanskara – Patticca Samuppadaya Deshana (13) – Ven Katukurunde Ñāṇananda Thero

compress_download (1)සසර දුකට මුල පුරන්නේ ත් සංස්කාර යි – පටිච්චසමුප්පාද දේශනා (13) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති,යංචි දුක්‌ඛං සම්‌භොති, සබ්‌බං සඞ්‌ඛාරපච්‌චයා;
සඞ්‌ඛාරානං නිරොධෙන, නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවො.
‘‘එතමාදීනවං ඤත්‌වා, දුක්‌ඛං සඞ්‌ඛාරපච්‌චයා;
සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්‌ඤානං උපරොධනා;
එවං දුක්‌ඛක්‌ඛයො හොති, එතං ඤත්‌වා යථාතථං.
‘‘සම්‌මද්‌දසා වෙදගුනො, සම්‌මදඤ්‌ඤාය පණ්‌ඩිතා;
අභිභුය්‍ය මාරසංයොගං, න ගච්‌ඡන්‌ති පුනබ්‌භව’’න්‌. – ද්‌වයතානුපස්‌සනාසුත්‌තංසුත්‌තනිපාතය – ඛුද්‌දකනිකාය

නිවනේ ශාන්ත, ප්‍රනීත බව ප්‍රකාශ කෙරෙන පද මාලාවේ මුලටම සදහන් වන්නේ සබ්බ සංඛාර සමථ නම් වූ සියලු සංස්කාරයන්ගේ සංසිදීම යි.  අවිද්‍යා අන්ඳකාරය තුල සසර දුකට මුල පුරන්නේ ත් සංස්කාර යි. මේ නිසා පටිච්චසමුප්පාද ධර්මය හරි හැටි වටහා ගැනීමට “සංස්කාර” කියන වචනය තුල ඇති ගැඹුරුවූත්, පුලුල්වූත් අර්ථ සමුදාය හෙලිපෙහෙලි කරගත යුතු ය. එයට මුලාරම්භයක් වශයෙන් මෙම 13 වෙනි දේශනාවට මාතෘකාව කර ගත්තේ සුත්තනිපාතයේ  12.ද්වේතානු පස්සනා සූත්‍රයේ එන ගාථා තුනක්.  ද්වේතාවක් වශයෙන්, අනුපස්සනා දෙකක් වශයෙන් ප්‍රස්තුත ධර්ම කාරණා ඉදිරිපත් කිරීම මේ සූත්‍රයේ විශේෂත්වය යි.  

මෙතන දී බුදුරජාණන් වහන්සේ මේ සංස්කාර පිළිබඳ කථාව සංඝයා වහන්සේලාට මෙහෙමයි ඉදිරිපත් කරන්නේ, මහණෙනි! මැනවින් ද්වේතානු පස්සනාවේ යෙදීමේ තවත් ක්‍රමයක් තිබේ දැ යි කෙනෙක් අසනු ඇතොත් ඒ අයට තිබිය හැකි යැයි කිව යුතු ය. කෙසේ ද තිබිය හැක්කේ?  ………………

Download

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16969

1 comments

    • sujatha on June 7, 2014 at 3:59 pm
    • Reply

    If you know the address or telephone No. of Ven. Dankande Dhammarathana thero in Sri Lanka. Pl. email me.

    Theruwan saranai

Leave a Reply