Feb
08

A Pilgrimage to Burma – Ven.Na Uyane Ariyadhamma Thero

compress_ven_nauyane_Ariyadhamma
හාකල්ප ,අසංඛෙය්‍ය ,පරමායුෂ සම්බන්දව විචිත්‍රවත් ධර්ම දේශනාවක්පූජ්‍ය නාඋයනේ අරියධම්ම මහනාහිමි

නම් වශයෙන් සදහන් වන අටවිසි බුදුවරයන් වහන්සෙලා ගැන සලකා බලමු. දීපංකකර  බුදුරජාණන් වහන්සෙගේ පරමායුෂ අවුරුදු  ලක්ෂයයි.උන්වහන්සෙගේ පරිනිර්වානයෙන් පසුව මහාකල්ප අසංඛෙය්‍යක් බුදුවරයන් වහන්සෙලා පහල  වුනේ නැහැ .අසංඛෙය්‍යක් කියන්නේ කොපමන කාලයක් ද?එකයි බිංදු එකසිය හතලිහයි. 

මහාකල්පය කියන එක කොච්චර දිග ද?යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ඒක ඝන ශෛලමය පර්වතයක් උඩින් අවුරුදු සියයකට වරක් යන දේවතාවකුගේ දිව සළුව ඇතිල්ලීමෙන් මේ පර්වතය යම්තාක් කාලයක දී මහ පොලොවට සමතලා වෙන්න පුළුවන් ඒක කොච්චර කාලෙකින් ද සිදුවෙන්නේ අවුරුදු සියයකට වරක් දිවසළුව ඇතිල්ලීමෙන්. යොදුනක් කියන්නේ සැතපුම් දහසයක් නෙ…… කලපය ඊටත් වඩා දිගයි.



Download
 
.

Jun
08

Abhidharmaya Part 1

අභිධර්ම පිටකය හැදින්වීම – 1 වෙනි කොටස


අභිධර්ම පිටකය යනු කුමක්ද?

බුදුරජානණ්වහන්සේ බුදු වීමෙන් සතරවන සතියේ රතනාගරයේ- දෙවියන් විසින් මවන ලද රුවන් ගෙහි වැඩ හිද එක දිගට ම සතියක් මුලුල්ලේ සිහිකරන්න ට යෙදුනා වූ සප්ත ප්‍රකරනය යි.

බුදුරජානන්වහන්සේ අභිධර්ම පිටකය දේශනා කොට වදාළේ   බුදුවීමෙන් සත්වන වර්ෂයේ දී දෙව්ලොවදී ය. මනා ලෙස විග්‍රහ කර ඇති මෙම දේශනා  කොටස් වශයෙන් මින් ඉදිරිය ට ඔබගේ ධර්ම අවබෝධය පිනිස පල කෙරේ.


Download

 

===================================================================

කියවීම සදහා සම්පූර්ණ අභිධර්ම පිටකය පහත වෙබ් අඩවියෙන් ඔබට ලබා ගත හැක.

http://www.aathaapi.net/Thripitaka.html


Oct
01

Agasaw Padavi Pirinamima – Ven Na Uyane Ariyadhamma Thero

අගසව් පදවි පිරිනැමීම

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

අනෝමදස්සී බුදුරජානන් වහන්සේ පහල වි සිටි සමයේ සරද නම් උසස් භ්‍රාහ්මණ වංශයේ නැණවත් තරුණයෙක්. ත්‍රීවේදය පරතරට ඉගෙන ගෙන මේ ජිවිතය ගැන ණුවනින් කල්පනා කර ගිහිගෙයින් නික්මී තවුස් පැවිද්දෙන් පැවිදි වී ධ්‍යාන ලබා ගත් අතර එතුමා අනුව යමින් තවත් 74,000ක් දෙනා ධ්‍යාන ලබා එතුමා ආචාර්‍යවරයා වශයෙන් ආශ්‍රය කරමින් සිටින අතරේ,  අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ මෙම 74,000 ම නිවන් අවබොධ කරන බවත් මෙම සරද තාපසයන් වහන්සේත් උසස් ප්‍රාර්ථනයක් කරන් බව දිවැසින් දැන මෙම ස්ථානයට වැඩම කල සේක.

පසුව බුදුරජානන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් අගසුව් දෙනම සහිත ලක්ෂයක් මහරහතන් වහන්සේලා එම ස්ථානයට ඉර්ධියෙන් වැඩම කොට සරද තවුසානන් ඇතුළු 74,000 පිරිස විසින් සම්පාදනය කරන ලද මල් ආසන මත වැඩසිටිමින් බුද්ධප්‍රමුක මහරහන්තන් වහන්සේලා දින සතක් සමාපත්තියට සම වැදී සිටි අතරේ සරද තාපසයනන් වහන්සෙ මල් කුඩයක් මවාගෙන බුදුරජානන් වහන්සේගේ සිරස් තලයට ඉහලින් අල්ලාගෙන නොසෙල් වී මෙම දින සතම බුදුගුණ සිතින් කියවමින් සිට. සත් දින අවසානයේ බුදුරජානන් වහන්සේගේ විධානයෙන් අග්‍රශ්‍රාවක නිසභ මහරහත් වහන්සේගේ අනුමෝදනා දේශනාව අසා සිට මෙම සරද තාපසයාණන් වහන්සේ ද මතු බුදුරජාණන් වහන්සේ නමකගේ අගසව් වීමට ප්‍රාර්ථනා කරන ලදී. එතුමා ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේගේ ධර්‍මය දායාදකොට බුද්ධපුත්‍ර නමින් ශාරීපුත්‍ර නම්වූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ය….. 

 
Download


Oct
24

Ahaara (Food) – Ven Piyadassi Thero

ආහාර

පූජ්‍ය පියදස්සී නාහිමි


Download


Older posts «