Does Ananda Bodhi belong to Buddha’s time? ආනන්ද බෝධිය බුද්ධ කාලයට අයත් ද?

ආනන්ද බෝධිය බුද්ධ කාලයට අයත් ද? නැත 

මෙහි දක්වනවා මේ ආනන්ද බෝධිය රෝපනය කලේ බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයේ කියා. ඒ බව පිටකයේ තිබෙන්නේ කොහේ ද? එය කොතනකවත් නො මැති අතර අප වැරදි නම් එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිමු. අපගේ අදහස් දැක්වීම අවසන්

බුද්ධ පූජා සහ බෝධි පූජා

බුද්ධ පූජා සහ බුද්ධ වන්දනා සදහා ද බුදුන්ගේ අනුමැතිය ලැබූ බවද එම වන්දනා සහ පූජා චාරීත්‍රයන් බුද්ධ කාලයේ සිටම බෞද්ධ ව්‍යවහාරයේ පැවති බවද සනාථ කිරීම සදහා බුද්ධඝෝෂ විසින් කාලිංග බෝධි ජාතකයට ලියූ අට්ඨ කථාව අතරමග ආනන්ද බෝධියක් පිළිබඳ කථාවක් යොදා ගැනීම ද ගැටලු සහගතය.

මෞර්ය අධිරාජ්‍ය යුගයේ ඇති වූ ප්‍රාදේශීය ගෝත්‍රික සමාජ ප්‍රධාන සමාජය හා එකතු වීමේ දී සිදු වූ ආගමික හා සංස්කෘතික සංස්ලේෂණයන්ගේ ප්‍රතිඵල වශයෙන් ප්‍රධාන ආගම් හා එකතු වූ ආගමික සංකේතයන් අතර බෞද්ධයන් ගේ බෝධි වෘක්ෂය ද වූ බව පෙනෙන මුත් එය පූජනීයත්වයට සහ වන්දනීයත්වයට පත්වීම සිදු වූයේ බුද්ධඝෝෂ යුගයේදී බව පෙනේ. බුද්ධඝෝෂගේ අට්ඨකථාවේ කාලය වන ක්‍රිස්තු වර්ෂ පස්වන(5) සියවසට සිදුවීමක් බුද්ධ කාලයේ සිදුවීමක් වශයෙන් මවාපෑම ගැටලු සහගතය. උපුටා ගැනිම එම් එම් ජේ මාරසිංහ මහතා (හිටපු මහාචාර්‍ය සහ අධ්‍යයන අංශාධිපති, පාළි සහ බෞද්ධ අධ්‍යයන අංශය – බී,ඒ (ගෞ) (ලංකා); Phd) විසින් රචිත ” බුදු දහම දේවාගමක් කිරීම කෘතියෙන්. 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22811

Leave a Reply