Alagaddūpama Sutta – Opamma Vagga, Muulapannasapali, Majjhima Nikāya

අලගද්දූපමසුත්තං මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » ඔපම්මවග්ගො » 

238 මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්ම, වෙදල්ල යන ධර්ම ඉගෙනගන්නාහුය. ඔහු ඒ ධර්ම ඉගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් සලකා නොබලන්නාහුය. නුවණින් අර්ථය සලකා නොබලන්නාවූ ඔවුනට එය හොඳින් නොවැටහෙයි. ඔව්හු අන්‍ය වාදවලට දොස් දැක්වීමේ හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරොපනයෙන් නිදහස් කරගැනීමේ හෝ අදහසින් ධර්මය උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඒ ප්‍රයෝජනයද නොලබත්. නොමනාව ගන්නා ලද්දාවූ ඔවුන්ගේ ඒ ධර්මය බොහෝ කාලයක් මුළුල්ලෙහි ඔවුනට අවැඩ පිණිස දුක් පිණිස පවතී. ඊට හේතු කවරේද යත්? මහණෙනි, ධර්මය නොමනාව ගත් බැවිනි.

“මහණෙනි, සර්පයින්ගෙන් ප්‍රයෝජන ඇත්තාවූ සර්පයන් සොයන්නාවූ සර්පයන් සෙවීමෙහි හැසිරෙන්නාවූ පුරුෂයෙක් තෙම මහත් සර්පයෙකු දක්නේය. හෙතෙම ඒ සර්පයා කඳෙන් හෝ නගුටින් හෝ අල්වාගන්නේය. ඒ සර්පතෙම ආපසු කරකැවී ඔහුගේ අත හෝ බාහුව හෝ මින් පිටත් අන් අඟපසගක් හෝ දෂ්ට කරන්නේය. හෙතෙම ඒ හේතු කොටගෙන මරණයට හෝ පැමිණෙන්නේය. මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ සර්පයා වරදවා අල්වාගත් හෙයිනි.

238‘‘ඉධ, භික්ඛවෙ, එකච්චෙ මොඝපුරිසා ධම්මං පරියාපුණන්ති – සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තෙ තං ධම්මං පරියාපුණිත්වා තෙසං ධම්මානං පඤ්ඤාය අත්ථං න උපපරික්ඛන්ති. තෙසං තෙ ධම්මා පඤ්ඤාය අත්ථං අනුපපරික්ඛතං න නිජ්ඣානං ඛමන්ති. තෙ උපාරම්භානිසංසා චෙව ධම්මං පරියාපුණන්ති ඉතිවාදප්පමොක්ඛානිසංසා ච. යස්ස චත්ථාය ධම්මං පරියාපුණන්ති තඤ්චස්ස අත්ථං නානුභොන්ති. තෙසං තෙ ධම්මා දුග්ගහිතා දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු? දුග්ගහිතත්තා, භික්ඛවෙ, ධම්මානං.

‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, පුරිසො අලගද්දත්ථිකො අලගද්දගවෙසී අලගද්දපරියෙසනං චරමානො. සො පස්සෙය්‍ය මහන්තං අලගද්දං. තමෙනං භොගෙ වා නඞ්ගුට්ඨෙ වා ගණ්හෙය්‍ය. තස්ස සො අලගද්දො පටිපරිවත්තිත්වා. හත්ථෙ වා බාහාය වා අඤ්ඤතරස්මිං වා අඞ්ගපච්චඞ්ගෙ ඩංසෙය්‍ය. සො තතොනිදානං මරණං වා නිගච්ඡෙය්‍ය මරණමත්තං වා දුක්ඛං. තං කිස්ස හෙතු? දුග්ගහිතත්තා, භික්ඛවෙ, අලගද්දස්ස. එවමෙව ඛො, භික්ඛවෙ, ඉධෙකච්චෙ මොඝපුරිසා ධම්මං පරියාපුණන්ති – සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තෙ තං ධම්මං පරියාපුණිත්වා තෙසං ධම්මානං පඤ්ඤාය අත්ථං න උපපරික්ඛන්ති. තෙසං තෙ ධම්මා පඤ්ඤාය අත්ථං අනුපපරික්ඛතං න නිජ්ඣානං ඛමන්ති. තෙ උපාරම්භානිසංසා චෙව ධම්මං පරියාපුණන්ති ඉතිවාදප්පමොක්ඛානිසංසා ච. යස්ස චත්ථාය ධම්මං පරියාපුණන්ති තඤ්චස්ස අත්ථං නානුභොන්ති. තෙසං තෙ ධම්මා දුග්ගහිතා දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු? දුග්ගහිතත්තා භික්ඛවෙ ධම්මානං……

අලගද්දූපමසුත්තං මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » ඔපම්මවග්ගො » 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3046

1 comments

  1. අපගේ පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි අලගද්දූපම සූත්‍රය තුලට පිවිසීමට ඉතාමත් වටිනා ප්‍රවේශයක් ලබාදෙනවා උන්වහන්සේ විසින් රචිත “සංකල්පය සහ යථාර්ථය” http://www.dhammikaweb.com/?p=20213 පොතේ පිටු අංක 41 -42 පිටු අතරින්. එය ඔබටත් බුද්ධ වචනයේ ආශ්චර්‍ය් වටහා ගැනීමෙන්, බුද්ධ වචනයම ඇසුරේම සිටීමට හේතු වේවා. කටුකුරුන්දේ ඤාණනන්ද හිමිගේ වදන් නම් ” මිත්‍යදෘශ්ටි ඛණ්ඩනය කරනවිට පමණක් නොව සම්මාදිට්ඨිය දේශනා කරනවිට පවා මුනිවරයා තුළ කිසිදු දෘෂ්ටියක් නැත. සම්මාදිට්ඨිය තුළම එහි සමතික්‍රමණයට තුඩුදෙන බීජය ගැබ්ව ඇතැයි කිවහැක්කේ, එහි පරමාර්ථය එයත් ඇතුළු සියලුම ද්‍රෂ්ටීන්ගෙන් සිත විමුක්ත කිරීමම බැවිනි. ධර්මයෙහි මේ විසංවාදී ලක්ෂණය ප්‍රථම වරට ධර්මය ඇසූ සමාජය තුළ ආන්දෝලනයක් ඇති කරන ලද බව බුදුරජාණන් වහන්සේම අලගද්දූපම සූත්‍රයේ දී මෙසේ ප්‍රකාශ කරති.

    ‘‘ඉධ, භික්ඛු, එකච්චස්ස එවං දිට්ඨි හොති – ‘සො ලොකො සො අත්තා, සො පෙච්ච භවිස්සාමි නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො, සස්සතිසමං තථෙව ඨස්සාමී’ති. සො සුණාති තථාගතස්ස වා තථාගතසාවකස්ස වා සබ්බෙසං දිට්ඨිට්ඨානාධිට්ඨානපරියුට්ඨානාභිනිවෙසානුසයානං සමුග්ඝාතාය සබ්බසඞ්ඛාරසමථාය සබ්බූපධිපටිනිස්සග්ගාය තණ්හාක්ඛයාය විරාගාය නිරොධාය නිබ්බානාය ධම්මං දෙසෙන්තස්ස. තස්ස එවං හොති – ‘උච්ඡිජ්ජිස්සාමි නාමස්සු, විනස්සිස්සාමි නාමස්සු, නස්සු නාම භවිස්සාමී’ති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. එවං ඛො, භික්ඛු, අජ්ඣත්තං අසති පරිතස්සනා හොතී’’ති. (

    මහණ මේ ලෝකයෙහි ඇතැම් අයෙකුට ” ඒ ලෝකයයි , ඒ ආත්මයයි. ඒ මම පරලොව ගොස් නිත්‍ය වන්නෙමි, ස්ථීර වන්නෙමි, සදාකාලික වන්නෙමි, වෙනස් නොවන ස්වභාවය ඇත්තෙම් වන්න්නෙමි, ශාස්වතයක් මෙන් එසේම සිටින්නෙමි’යි මෙබඳු දෘෂ්ටි වේද, හෙතෙම සියලු දෘෂ්ටි, දෘෂ්ටි ඇතිවන තැන්, දෘෂ්ටි පිහිටන තැන් දෘෂ්ටි නැගී සිටීම්, දෘෂ්ටි බැසගැනීම්, දෘෂ්ටි සිතෙහි ලැගගැනීම් මුලසුන් කිරීමටද සියලු සංස්කාරයන් සංසිඳවීම පිණිසද සියලු උපධීන් අතහැරීම පිණිසද, තන්හාව ක්ෂය කිරීම පිණිසද, විරාගය පිණිසද නිරෝධය පිණිසද නිර්වානය පිණිසද, දහම් දෙසන තථාගතයන් වහන්සේගේ හෝ තථාගතශ්‍රාවකයෙකුගේ හෝ දේශනාව අසයි.

    ඔහුට මෙවැනි අදහසක් වෙය්; (අනුපත්ති වශයෙන්) උච්ඡේද වන්නෙම්ල, විනාශ වන්නෙම්ල, (උප්පති වශයෙන්) නොවන්නෙම්ල (යනුවෙනී. හෙතෙම ශෝක කරයි, ක්ලාන්ත වෙයි, වැලපෙයි, ලයෙහි අත්ගසා ගෙන හඬයි. මුළාවට වැටෙයි, මහණ මෙසේ තමා පිලිබඳ වූවක් නැති කල්හි තැතිගැන්ම වෙයි.

    මෙයින් පෙනීයන පරිදි සම්මාදිට්ඨියෙහි ඉලක්කය සියලුම දෘෂ්ටි මෙන්ම ඒවාට ඇති ප්‍රවණතාවන්ද මුලිනුපුටා දැමීමයි. ක්‍රමක්‍රමයෙන් නමුත් මුළු මහත් සංකල්ප ගොඩනැගිල්ලම ඉවත් විය යුතු වේ.

Leave a Reply