Is it wrong to have sex with a prostitute ?

ගණිකාවක් සමග කායික ඇසුරක් ලබාගත්තට දෙන්නටම කිසිම පවක් වෙන්නෙ නැහැ – කෝරලයාගම සරණතිස්ස හිමි

කොහේද බුදුරජාණන් වහන්සේ මේ බව දේශනා කොට වදාළේ. කහපාට සිවුර දරාගෙන සිටීද, උන්වහන්සේලා අනිවාර්‍යෙන් බුද්ධ වචනයේ යොමුව දිය යුතුය. කරුණාකරල මේ දේශනාවට පිරිසිදුවූ බුද්ධ වචනය පෙන්වන්න.

බුද්ධකාලේ ගනිකාවන් සිටියට බුදුරජාණන් වහන්සේ  ගනිකාව ලගට යෑම ගැන හෝ කමක් නැහැ ගියාට පවක් වෙන්නේ නැහැ කියාවත් කතිකාවතක් කලේ කොතන ද? මේවා මුන්වහන්සේ පෙනවා දිය යුතුය. මේ දේශනාවට අනුව නම් ගනිකාවන් ලගට යෑමට මුනිසුන්ට අනුබලයක් දෙන්නේ. අටුවා/ටීකා තිප්පනි ඕනේ නැහැ පෙන්වන්න බුද්ධ වචනය පිටකයෙන් ගෙන මේ දේශනාවට අදාල වන. බුද්ධ දේශනාවේ අප දැක නැත මෙවන් දේශනාවල්. අපව නිවැරදි කරන්න බුද්ධ වචනය ඉදිරියට ගෙන. 

 

පිටක යොමුව:-

කාමමිත්යාචාර ගැන සූත්‍ර ගණනාවක් තියෙනවා මේ ඉන් කීපයක් පමණී. මේ ස්වාමීන් වහන්සේගේ දේශනාව සමග සංසන්දනය කර බලන්න පිරිසිදු වූ බුද්ධ වචනයට වෙලා තිබෙන හානිය.

  •  අඞ්ගුත්තරනිකාය » චතුක්කනිපාතපාළි » (9) 4. මචලවග්ගො » පාණාතිපාතසුත්තං    “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි පිහිටියේ වේ. කවර සතරකින්ද යත්? “සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, “මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේද, එසේ නරකයෙහි වේ.”
  • සංයුත්තනිකාය » නිදානවග්ගපාළි » ධාතුසංයුත්තං » කම්මපථවග්ගො, 5. දසකම්මපථ සූත්‍රය“මහණෙනි, ….කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ….
  • අඞ්ගුත්තරනිකාය » චතුක්කනිපාතපාළි » (27) 7. කම්මපථවග්ගො, 3. කාමවිච්ඡාචාර සුගති දුග්ගති සූත්‍රය    “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ. “කාමමිච්ඡාචාරී වේද, අනුන්ද කාම මිච්ඡාචාරයෙහි සමාදන් කරවයිද, කාම මිච්ඡාචාරයෙහි අනුදන්නේ වේද, කාම මිච්ඡාචාරයෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

 

 

“කාමමිච්ඡාචාරී වේද, අනුන්ද කාම මිච්ඡාචාරයෙහි සමාදන් කරවයිද, කාම මිච්ඡාචාරයෙහි අනුදන්නේ වේද, කාම මිච්ඡාචාරයෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

 

 

කවර හෙයින් කාමයන්ට මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්‍ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් භයින් නොමිදෙයි. පරලොවත් භයින් නොමිදේ. එහෙයින් ගඬ යනු කාමයන්ට මේ නමෙකි.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22607

Leave a Reply