Auspicious time to become a monk – මහණකිරීම් ආදී ශාසනික වැඩවලදී නැකැත් බැලීම යෝග්‍ය ද? වල්පොල රාහුල හිමියන්

උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’

මහණකිරීම් ආදී ශාසනික වැඩවලදී නැකැත් බැලීම යෝග්‍ය ද?

සැබවින්ම නැත. නැකැත් බැලීම අශාසනික තිරශ්චීන විද්‍යාවකි. එය බුද්ධ වචනයට කරන නින්දාවකි. 

බුද්ධ ශාසනයේ අදහස හරිහැටි තේරුම් නො ගත් ආත්මශක්තියක්, ආත්ම විශ්වාසයක් නැති අභ්‍යන්තර දියුණුවෙන් අඩු භික්ෂූහු මහණ උපසපන් කිරීම්, ප්‍රතිමා, විහාර, දාගැබ් තැනීම් ආදීයේදී නැකැත් බලන්න පටන්ගත් හ. “උග්ගණ්හාථ භික්ඛවේ නක්ඛත්තං’  යි විනයෙහි නැකැත් ඉගෙනීමට නියමයක් තිබේ. ඒ පොහෝ පැවරුණු සම්බන්ඳ දිනයන් දැන ගැනීම පිණිස මිස අනෙක් වැඩට නැකැත් බලන්නට නොවේ. 

උපුටා ගැනීම වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියේ” පිටු අංක 57

පාද සටහන්:-

පිටකයේ නැකත් ගැන බුදුන් වදාළ සූත්‍රයක් තිබේ. වත්ථුපම සූත්‍රය – මජ්‌ඣිම නිකාය -> මූල පන්නාසකය -> 1. මූලපරියාය වර්ගය පිරිසිදු වූවහුට හැම කල්හි ම උතුරුපල්ගුන නැකත වේ. පිරිසිදු වූවහුට හැමකල්හි පොහොය වේ.  සූත්‍රය කියවීමට

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22430

Leave a Reply