Category Archive: Buddhism for Kids

Sep 08

Pavidi kireemata – Shasanavatharanya, Ven Rerukane Chandawimala Thero

පැවිදි කිරීමට සුදුසු නොසුදුසු පුද්ගලයෝ  පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි – ශාසනාවතරණය පිටු අංක 35 සිට 37 දක්වා

මහරු සිවුරට මුවා වී යම් යම් නොමනා අදහස් ඉටු කර ගැනීමේ අදහසින් පැවිදි වන්නට උත්සාහ කරති.

සමහරු පහසුවෙන් ජීවත් විය හැකි වෙතයි සිතා පැවිදි වන්නට උත්සාහ කරති.

සමහරු තමන්ගේ යම්කිසි අදහසක් ඉටු කරගන්නා රිසියෙන් දරුවන් පැවිදි කර වන්නට උත්සාහ කරති.

—————————————————–

අද වන විට නොසුදුස්සෝ මහණ කරවීම නිසා ශ්‍රි ලංකාව තුල බුද්ධ සාසනය ක්‍රමයෙන් පරිහානියට යමින් පවතින අතර අද බුද්ධ වචනය ක්‍රමයෙන් ලංකාවෙන් තුරන් වෙමින් පවතින තත්වයට 90% වැඩි ප්‍රතිශතයක් වගකිව යුත්තේ ද මේ නොසුදුස්සෝ මහණ කරවීම මත බව නො රහසකී.

Read
Download

මෙම සම්පූර්ණ “ ශාසනාවතරණය “ පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

ශාසනාවතරණය

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20942

Mar 30

Many Mansions – Edgar Cayce – Sinhala Translation

සංසාර මන්දිරය නොහොත් ඇමෙරිකානු දිවැසින් දුටු කර්මය සහ පුනර්භවය – කන්නිමහර සුමංගල හිමි

බෞතික විද්‍යාවන් ගුරුකොට ගන්නා නවීන මිනිසා පැරණි ආගම් වල එන කර්ම විපාක විස්තර ඒ අයුරින් ම පිළිගැනීමට මැලිවෙයි. අද සිටින බෞද්ධ දරුවන් පවා ඔවුන්ගේ ගුරු දෙමාපියන් පිළිගන්නා තරමට පරලොවත් කර්ම විපාකත් පිළිගැනීමට සූදානම් නැත.

මේ පොතෙහි වටිනාකම ඇත්තේ ඔවුනට පවා බොහෝ දුරට ඒත්තු යන අයුරින් පුනර්ජන්මවාදයත්, කර්මවාදයත් ඉදිරිපත් කිරීම තිබීමය. මගේ විශ්වාසයට අනුව මේ වාද දෙක මහජනයාව ඒත්තු යන අයුරින් ඉදිරිපත් කිරීම මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි කරුණාව ඇත්තකුගෙන් ඉටුවිය යුතු සේවයෙකි. හැකිනම් සත්වයෙකුට මෙලොව දී පැමිණෙන දුක් පමණක් නොව පරලොව දී පැමිණෙන්න ට ඇති දුක් ද ඉවත් කළ යුතු ය. මිත්‍යාදෘෂ්ඨි ඇත්තෝ දෘෂ්ඨි නිසා ම වැඩියෙන් පව් කොට වැඩියෙන් දුක් ලබති.  

මේ පොතෙන් විද්‍යාව ගුරුකොට ගත් නවීන ලෝකයට ගැලපෙන අයුරින් පවට හේතු වන මිත්‍යදෘෂ්ඨි රාශියකට පහර වදී. දැනට විද්‍යාව ඒක පාක්ෂික වී ඇති බව පෙනේ. මේ පොතෙන් නවීන විද්‍යාව සම්පූර්ණ කරගත හැකි බව පෙන්වා දෙනු ලැබේ…..

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20871

Oct 02

Kapruk Puuja

රුවන්වැලිසෑ චෛත්‍යරාජායන් වහන්සේ අභියස අද වනවිට තරඟයක් බවට පත්වී තිබෙන “කප් රුක් පූජා”

kapruk_unnamedඅද වන විට කප් රුක් පූජාවන් නැති වන්දනා නඩ ඉතාමත් විරල වන අතර රුවන්වැලි සෑ සමිදුන්ගේ පේසා වළලු වටේ මොවුන් දුවන්නේ සෙල්ලම් පිට්ටනි වල ගම හරහා දුවන ආකාරයට වීමත්, එක පිරිසක් පූජාකළ ඒක උඩින් විනාඩි ගාණක් යන්නට ප්‍රථම තව එකක්. අන්තිමට අප දැක්කා පරණ ඒවා බිම ගොඩ ගසා තියෙන වා. 

දැන් තිබෙන්නේ “කප් රුක්“ පූජා යුගයකි. බණ පින්කම්, පිරිත් පින්කම් දැන් අඩුය. දේව පූජා ත් දැන් අඩුය. දැන් බෙහෙවින් කෙරෙන්නේ කප් රුක් පූජා ය. සාස්තරකාරයා, කේන්දරකාරයා අපලයට දැන් නියම කරන්නේ කප් රුක් පූජාව ය. විභාග වලින් සමත් වීම ට, මන්ත්‍රීකම ලැබීමට, රැකියාව ලැබීමට, නඩුවෙන් බේරීමට, වෙලදාම දියුණුකර ගැනීමට  මෙකල කරන්නේ කප් රුක් පූජාව ය.  

කප් රුක් පූජාව බොහෝ ඵලදායක පින්කමක් වුව ද, දැනුමක් නැතිව කරන්නවුන්ට එයින් නියම ඵලයක් නොලැබේ. එහි නියම ඵලය ලැබීමට නම් අඩු තරමේ මේ දිවිල්ල නවත් වා. මේ දුවන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රොණයක් සර්වඥ්ඤ දාතූන් වහන්සේ වැඩ සිටින මහා ස්තූපයේ නේ ද? කියලා අපේ මිනිස්සු හිතනව නම් මෙසේ ගම හරහා දුවන අන්දමට ස්තූපයේ දුවන්නේ නැහැ. මේ දුවන ගිහියෙක් වේවා, සංඝයා වහන්සේ කෙනෙක් වේවා. අප නම් සිතන්නේ අඩුතරමේ මෙම මහා ස්තූපයේ ඉතිහාස කථාව වත් නො දන්නා අය බවයි. ඉතින් කෙසේ ද සද්ධාව ඇතිවන්නේ. ඉන්ද්‍රිය ධර්ම පටන් ගන්නේ ම සද්ධාව යන ඉන්ද්‍රිය ධර්මය හරහා බව මේ දුවන කීයෙන් කී දෙනා ද දන්නේ? අඩු වශයෙන් කීයෙන් කී දෙනා ද පංචශීලයවත් සමාදම් වෙලා මේ උතුම් ස්ථානයට එන්නේ? ……..

මේ වන්ඳනා නඩ භාරව එන ගිහි නායකයෙක් වේ වා, සංඝයා වහන්සේ නමක් වේවා, මේ උතුම් සිද්ධස්ථාන වන්ඳනා කරන්න එන සියළු දෙනා ව පංචශීලයේ පිහිට වා, මේ උතුම් බෞද්ධ සිද්ධස්ථාන වල ඉතිහාසය, එම ස්ථාන වල හැසිරෙන්න ඕනේ ආකාරය වත් පෙන් වා දෙන වා නම්, එය තම තමන්ගේ සද්ධාව වැඩි දියුණු වෙන වා සේම අන්යන්ගේ ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන සද්ධාව ඇති කරගන්න හේතු වෙන වා ඇත.

එවිට සියළු දෙනාගේ ඉන්ද්‍රිය ධර්ම ( සද්ධා, වීර්‍ය, සති, සමාධි, ප්‍රඥ්ඤා) වල මුලින් ම එන සද්ධාව සිත් තුල වර්ධනය කර ගැනීම සදහා මේ උතුම් සිද්ධස්ථාන තෝතැන්නක් වන වා නිසැක ය.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20653

Older posts «

Facebook Auto Publish Powered By : XYZScripts.com