මස්මාංස වලට තිබෙන රස්තෘෂ්ණාව නිසා බුද්ධ වචනය විකෘති කිරීම

මෙය අමුඅමුවේ බුදුදහම වැරදි කොනෙන් භාවිතා කිරීම මස්මාංස වලට තිබෙන රස්තෘෂ්ණාව නිසා. හේතුඵල දහමක් නම් බුදුදහම පානාතිපාතයෙන් සතුන් මරණ එක තහනම් වුනා වනිජ්ජා සූත්‍රයෙන් මස්මාංස විකුණන එක තහනම් කොට වදාළා බුදුරජාණන් වහන්සේ එතකොට සතුන් මරන්නෙත් නැත්නම් විකුනන්නත් නැත්නම් කොහොමද කන්නේ? බුදුරජාණන් වහන්සේ හේතුව නසන්නයි ධර්ම දේශනා කොට වදාළේ. බලන්න අවබෝධයෙන් හේතුව නසන මාර්ගයය ලස්සනට පෙන්වා ඇති ආකාරය මෙම සූත්‍රයන් වල දී. (තවත් සූත්‍රයන් මෙම සාකච්ඡාවේ අන්තිමට සඳහන් කොට ඇත බුද්ධිමතුන්ගේ විමසුම පිණිස)  . මෙන්න වනිජ්ජා සූත්‍රය සහ පානාතිපතා සූත්‍ර දෙක. මේ ස්වාමීන් වහන්සේගේ දේශනාවේ කොහේද බුද්ධ වචනය පෙන්වන තැනක් ? එහෙන් මෙහෙන් සූත්‍රයන්ගේ කෑලි අරගෙන  බුදුහාමුදුරුවන් මස් කෑමට අනුබල දුන් බව කියා මේ කරන්නේ ලොකු වරදක් දහමට. කොහොමද කියන්නේ ඔබගේ පිඟානයට වැටෙන මස්කෑල්ල පසුපස තිබෙන්නේ මෛත්‍රියක් කියල. මේ මස් කෑල්ල පසුපස තිබෙන්නේ මහා සත්ව ඝාතනයක්. ලේ පෙරි පෙරී මරණ සතෙකුගේ කෑල්ලක්. කොහොමද කියන්නේ මා නො දුටු, අසා නැති, සැක නැති කියන්නේ. බුදුහාමුදුරුවන් කීවේ ඒක වක්‍රාකාරව එම මසක් හොයාගන්න බැරි වෙන්න. මේක බුද්ධ වචනය විකෘති කිරීමක්.

මෙතන කියනව බුදුහාමුදුරුවන් මස් කන්න කිව්වෙත් නැහැ, කන්න එපා කිව්වේත් නැහැ. කැමති කෙනෙකුට කන්න පුලුවන් කියලා.  කැමති කෙනෙක් ස්වාමීන් වහන්සේලාට මස්මාංස පූජා කරන්න, අකමැති කෙනෙක් පූජා නොකර ඉන්න කියා බුදුරජණන් වහන්සේ කොහේ ද මේ කථාව දේශනා කොට තිබෙන්නේ???   මේකත් බුද්ධ වචනය විකෘති කිරීමක් ධර්මයේ කොහේද මේ කතාව තියෙන්නේ? (1.19 විනාඩියේ දී)  අප මේ බව පහත ජීවක සූත්‍ර විග්‍රහයේ දී විග්‍රහ කර බුද්ධ වචනය විකෘති වීම පෙන්වා දී ඇත.

දානෙට මස් දීල පව් පුරෝගන්න එපා;- දවසක් බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ සිටි අති පූජ්‍ය නාරද නා හිමියන්ට දානයකට ආරාධනා ලැබුණා. දානයට සත්ව මාංශ සකස් කරලා තිබුණා. සත්ත්ව මාංශ බෙදන විට නාරද නා හිමියන් පාත්‍රයට උඩින් අත තිබ්බා. කිරි හොදියි, කොළ මැල්ලුමක් එක්ක උන්වහන්සේ දානය වැළඳුවා. දානය වළඳලා අවසානයේ භුක්තානුමෝදනාව සිද්ධ කළේ නාරද නා හිමියන්. එහිදී උන්වහන්සේ ඉතා වටිනා අදහසක් ප්‍රකාශ කළා. “මට පින් අනුමෝදන් කිරීමට අමාරුයි. දානය පිළියෙළ කළ අය දැනටමත් පව් අනුමෝදන් කරගෙන හමාරයි. මම වැළඳූ දානයට නං පින් අනුමෝදන් කරන්න පුළුවන්. http://www.dhammikaweb.com/?p=13662  ( අපගේ එකතු කිරීම:- බලන්න සාංගික දාන, මංගල උත්සව සහ වෙනත් උත්සව තියෙන වේලාවල් වලට මෙන්න බලන්න අපේ අය සතුන්ට මරණ වරෙන්තු දී පලමු සිල්පදය වන පානාතිපාතය කඩාගෙන සතර අපායට යන මඟ පාදා ගන්න ආකාරය. ඒ ඒ ප්‍රදේශ වල මස්මාංස විකුණන වෙළද සැල් දන්නවා මේ ප්‍රදේශ වල මේ උත්සව තිබෙන දිනයන් මොකද ඒ උත්සව තිබෙන අයනේ කලින් ඇනවුම් බාරදෙන්නේ මට අහවල් දවසේ කුකුල් මස් මෙච්චර කිලෝ ගාණක් එළුමස් මේච්චර කිලෝ ගාණක් ඕනේ කියල. ඉතින් ප්‍රාණඝාතයට (සතුන් මරන්න ඇනවුම යන්නේ කාගෙන් ද?) නැහැ මම ඇනවුම දෙන්නේ මස් කඩේට මිසක් මස් මරණ කෙනාට නොවේ කියන්න පුළුවන් ද? ඔබගේ ඇනවුම ගන්න මස්කඩේ කෙලින්ම කියන්නේ මස් මරණ අයට , එම නිසා ඔබ ප්‍රාණඝාතයට හසු වී හමාරයි. )

බුදුරජාණන් වහන්සේ මහා සත්ව ඝාතනයකින් පසු ඔබගේ කෑම මේසයට එන මස්මාංස කිසි දිනක අනුදැන් වදාළා නොමැති බව පෙන්වීමට පහත සූත්‍රයන්  බුද්ධිමතුන්ගේ විමර්ෂණය සදහා ඉදිරිපත් කරන්නෙමු.
  • 2.1.5 ජීවක සූත්‍රය – යෙ තෙ ජීවක එවමාහංසු: සමණං ගොතමං උද‍්දිස‍්ස පාණං ආරභන‍්ති. තං සමණො ගොතමො ජානං උද‍්දිස‍්සකටං මංසං පරිභුඤ‍්ජති පටිච‍්චකම‍්මන‍්ති, න මෙ තෙ වුත‍්තවාදිනො, අබ‍්භාචික‍්ඛන‍්ති ච පන3 මන‍්තෙ අසතා අභූතෙන. තීහි ඛො අහං ජීවක ඨානෙහි මංසං අපරිභොගන‍්ති වදාමි: දිට‍්ඨං සුතං පරිසඞ‍්කිතං, ඉමෙහි ඛො අහං ජීවක තීහි ඨානෙහි මංසං අපරිභොගන‍්ති වදාමි. තීහි ඛො අහං ජීවක ඨානෙහි මංසං පරිභොගන‍්ති වදාමි: අදිට‍්ඨං අසුතං අපරිසඞ‍්කිතං, ඉමෙහි ඛො අහං ජීවක තීහි ඨානෙහි මංසං පරිභොගන‍්ති වදාමි.< //   අපගේ එකතු කිරීම:-  පාළිය පමණක් සදහන් කරන්නේ මෙහි සිංහල තේරුම තුල වැරදි එකතු කිරීම් තිබෙන නිසයි. අප මේ ජීවක සූත්‍රය සූත්‍රය මේ දේශනාවත් එක්ක සංසන්දනය කර බලමු    මම නො දුටු! මා වෙනුවෙන් නො මරපු! මට ඒ පිළිබදව සැක කළ නො හැකි! හරි දැන් බලමු එහෙම මාංසයක් හොයා ගන්න පුළුවන් ද කියලා… මම කඩයට ගියා මිලදී ගත්තා ගෙදරට ගෙනවිත් උයාගෙන කෑවා. මම මේ කරන්නේ ආත්ම වංචාවක් !. මම කඩයට ගිහිල්ලා මස්මාංස මොනම දෙයක් ගත්තොත්, මම සැක කරන්නේ කොහොම ද මං වෙනුවෙන් මරන්නේ නැහැ කියලා. මම මෙහෙන් මස් කිලෝ එකක් ගන්න කොට මම අරහෙන් කුකුලෙක් මරන්න මග පාදලා ඉවරයි. ඒ නිසා කිසි කෙනෙකුට බැහැ ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය හොයා ගන්න. සවන් දෙන්න මේ දේශනයට අවබෝධ කරගන්න සත්‍යය. http://www.dhammikaweb.com/?p=13822 .
  • Jivaka sutta in english  “Jivaka, I say that there are three instances in which meat should not be eaten, when it is seen, not heard, and not suspected [that the living being has been slaughtered for oneself]  The words that the translators have placed in brackets ” that the living being has been slaughtered for oneself “  do not appear in the Pali text. They were added by the Translators for the sake of clarity…..  “Surely the idea is that meat is not to be eaten if it is seen, heard from others, or suspected by oneself to be meat.” believe that the Buddha meant to excuse only the accidental eating of meat, which incurs no blame because it involves no intent…Buddha was creating an extremely narrow exception to a broad general rule. The exception presumes the rule. “Do not eat meat”. If there were no such rule, there would be no need for the exception. In fact, the exception reinforce the rule.

(2.14 විනාඩියේ දී) කියනවා මාලු කෑල්ලක් කථාවක් ගෙන මේ මාලුවා මේ වෙලාවේ මනුස්සයෙක් වෙලා, දෙවිකෙනෙක්, නැත්නම් මාලුවෙක් වෙලා ඉපදිලා ඉන්න පුලුවන්. ඒ කියන්නේ ඒ මාලු කෑල්ල ගන්න මාලුවාගේ ජීවිය ඒ වෙලාවේ වෙන තැනක නිසා වැළදුවාව කමක් නැහැ කියන එක නොකියා කියනවා.  එතකොට පංසිල් වල මුලට එන පානාතිපාතය උල්ලංගනය වෙන බව නො දන්නවා ද? මේ මාලුවා ඔබගේ කෑම මේසයට එන්නේ සත්ව ඝාතනයකින් කියන එක දන්නේ නැහැ.  එතකොට මේ ලෝකේ සිටින සත්තු ටික මරලා කාල එගොල්ලන්ට දිව්‍යලෝකේ යන්න මං සාදා දෙමු කියා ද කියන්නේමම නො දුටු! මා වෙනුවෙන් නො මරපු! මට ඒ පිළිබදව සැක කළ නො හැකි  කියා කෙසේ ද ?. මේක ආත්ම වංචාවක්, බුද්ධ වචනයට කරන අපරාධයක්. මස්කන්න තිබෙන තෘෂ්නාව නිසා. කැමති නම් මස්මාංස කන්න, නමුත් තමන්ගේ මස්මාංස රස්තෘෂ්ණාව සාදාරණීකරනය ට මේ උතුම් වූ බුද්ධ වචනය භාවිතා කරන්න එපා. ඒක පාපයක්. ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය

  • 7. වණිජ්‌ජාසුත්‌තං – වණිජ්‌ජාසුත්‌තං, උපාසකවග්‌ගො, පඤ්‌චකනිපාත -අඞ්‌ගුත්‌තරනිකාය ( Page 338 to 339 -pdf 359) 177. ‘‘පඤ්‌චිමා , භික්‌ඛවෙ, වණිජ්‌ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්‌ච? සත්‌ථවණිජ්‌ජා, සත්‌තවණිජ්‌ජා, මංසවණිජ්‌ජා, මජ්‌ජවණිජ්‌ජා, විසවණිජ්‌ජා – ඉමා ඛො, භික්‌ඛවෙ, පඤ්‌ච වණිජ්‌ජා උපාසකෙන අකරණීයා’’ති. සත්‌තමං. – මංසවණිජ්‌ජා – මෙම බුදුන්ගේ වචනය වන පාළිය සිංහලට පරිවර්ථනය වීමේදි එය මස්වෙළදාම විය යුතු ය. මෙහි කුමන මස් ද කියා නැත. සතුන්ගේ මස්. ආයේ මේකට අටුවා ටීකා පැත්තට යන්න ඕනේ නැහැ. ඕනේම පොඩි ලමයෙකුටත් තේරෙන පුංචි පාළි වචනයක්. මංසවණිජ්‌ජා = මස්වෙළදාමයි. http://www.dhammikaweb.com/?p=13901
  • 1. පාණාතිපාතීසුත්‌තං – (27) 7. කම්‌මපථවග්‌ගො – චතුක්‌කනිපාතපාළි – අඞ්‌ගුත්‌තරනිකාය. 264 ’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ. ’’කවර සතරකින්ද යත්. තමන්ද සතුන් මරන්නේ වේද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, සතුන් මැරීමෙහි අනුදන්නේ වේද, සතුන් මැරීමෙහි ගුණ කියයිද, ……සම්පූර්ණ සූත්රයම කියවීමට පාණාතිපාතීසුත්‌තංhttp://www.dhammikaweb.com/?p=21012
අපි මස් මිලදී ගන්නා විට හෝ වෙනත් අයෙකු මිල දී ගත් මස් අනුභව කරන විට, අපි මස් කර්මාන්තය නමින් හැඳින්වෙන බිහිසුණු සත්ව ඝාතන යන්ත්‍රයට බලය සපයන එන්ජිම බවට පත්වෙමු. අපගේ අපිරිසිදු වැඩ වෙනත් කෙනෙකුට පැවරීමෙන් සහ නිර්නාමිකත්වයේ වෙස්මුහුණ පිටුපස සැඟවී සිටීමෙන් අපට නිර්දෝෂී බව ප්‍රකාශ කළ නොහැකිය. (When we buy meat, or eat meat that someone else has bought, we become the engine that powers the terrible killing machine called the meat industry.  We cannot claim innocence by delegating our dirty work to someone else and hiding behind the mask of anonymity.)
.
…පෙ… “එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ආමකමංසපටිග්ගහණා පටිවිරතා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ආමකමංසපටිග්ගහණා අප්පටිවිරතා…පෙ…. පඤ්චමං. Pali Sutta  – 5. ආමකමංස සූත්‍රය  (“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම් සත්වකෙනෙක් අමු මස් පිළිගැණීමෙන් වැළකුණාහු වෙත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වකෙනෙක් අමු මස් පිළිගැන්මෙන් නොවැළකුණාහුවෙත්ද, ඒ සත්වයෝ තුමූ අතිශයින් බොහෝ වෙත්.)
බුදුරජාණන් වහන්සේ මස්මාංස කන්න කිසි දිනක අනුදැන් වදාළා නොමැති බව පෙන්වීමට තවත් සූත්‍රයන් කීපයක්:- (රසතෘෂ්ණාව නිසා මෙම සූත්‍රත් වැරදි කොනෙන් භාවිතා කර තිබෙනවා මස් කන අය)
  • 5. ආමකමංස සූත්‍රය –  9. තතිය ආමකධඤ්ඤ වර්ගය, 12. සච්ච සංයුත්තය, මහා වර්ගය , සංයුත්තනිකායො
  • – ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය:මොකක්ද ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය කියන්නේ? මම නො දුටු! මා වෙනුවෙන් නො මරපු! මට ඒ පිළිබදව සැක කළ නො හැකි! හරි දැන් බලමු එහෙම මාංසයක් හොයා ගන්න පුළුවන් ද කියලා…
  • දේවදත්ත ඉල්ලූ වර පහ මස්කන්නන් නිතර සාදාරණීකරනයට ගන්නේ මෙම වර පහෙන් පස්වෙනි වරය ගැන පමණී.
  • – ආමගන්ධී සූත්‍රයමොවුන්ගේ මස් එක් අයෙකුට අන්භව කිරීමට අවම තරමින් ලිහිණියන් සියයක්වත් මැරිය යුතු ය. කිසිවකුට කිසි කලක අබමල් රේණුවක වරදක් නොකළ මෙම පක්ෂින්ට වධ දී, අතපය සිඳ මරා, ඇල්හාලේ බත් සමග වැළදීමට කාශ‍යප බුදුරදුන් පෙලඹුනා යැයි පැවසීම ඇදහිය නො හැකි කරුණකී. බුද්ධ අපහාසයකී!
  • උත්පලවන්නා රහත් තෙරණියට පූජා කළ සොර වැද්දාගේ අමු මාංශ දානය:- උත්පලවන්නා රහත් තෙරණිය සම්බන්ද මෙම කථාව ධර්මය ගෑවී ඇත්තේ කෙසේ ද? මෙම කතාව නිවන හා සම්බන්ද ධර්ම කොටසක් ද? එම කථාව වෙවැනි විචිත්‍ර ලෙස ධර්මය තුල විග්‍රහ වීම සැකයට භාජනය විය යුත්තක් ම වන්නේ මෙහි මස් කන්නන්හට ගැලවිජ්ජාවක් ලෙසට තමාගේ කුසය සතුන්ගේ මලකුනු තැන්පත් කරන සුසාන භූමියන් කර ගන්නා අතර තවත් අහිංසකයන්ටත් ධර්මයේ තියෙන බව පෙන්වා ඔවුනගේ කුසවලුත් සූසාන භූමියන් බවට පත් කිරීමට මග පාදන නිසාය. ධර්මයේ නාමයෙන් අප මස් කමු යන්න ප්‍රචලිත කිරීමයි මෙවැනි  පසුව ධර්මයට එකතු වූ කථාවල් මස් කන්නන් ප්‍රයෝජනයට ගන්නේ
======================

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21994

Leave a Reply