Daneta Mas Deela Paw Purawaganna Epa දානයට මස් දීල පව් පුරව ගන්න එපා

දානෙට මස් දීල පව් පුරෝගන්න එපා

Dana2දවසක් බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ සිටි අති පූජ්‍ය නාරද නා හිමියන්ට දානයකට ආරාධනා ලැබුණා. දානයට සත්ව මාංශ සකස් කරලා තිබුණා. සත්ත්ව මාංශ බෙදන විට නාරද නා හිමියන් පාත්‍රයට උඩින් අත තිබ්බා. කිරි හොදියි, කොළ මැල්ලුමක් එක්ක උන්වහන්සේ දානය වැළඳුවා. දානය වළඳලා අවසානයේ භුක්තානුමෝදනාව සිද්ධ කළේ නාරද නා හිමියන්. එහිදී උන්වහන්සේ ඉතා වටිනා අදහසක් ප්‍රකාශ කළා. “මට පින් අනුමෝදන් කිරීමට අමාරුයි. දානය පිළියෙළ කළ අය දැනටමත් පව් අනුමෝදන් කරගෙන හමාරයි. මම වැළඳූ දානයට නං පින් අනුමෝදන් කරන්න පුළුවන්.”

පංච ශීලයේ පළමු සිල් පදයේ තේරුම ගැඹුරින් විග්‍රහ කළොත් එතැන ප්‍රධාන කරුණු තුනක් කියැවෙනවා. මම සතුන් නොමරමි. මැරීමට අනුබල ද නොදෙමි. යම් කෙනෙක් සතෙකු මරනවා නං ඔහු එයින් මුදා ගනිමි යි යන ප්‍රධාන කරුණු තුන පංච ශීලයේ පළමු සිල් පදයෙන් කියැවෙනවා. යම් කෙනෙක් පළමු සිල් පදය සමාදන් වෙනවා කියන්නේ ඔය කියන කරුණු තුනම රකින්න පොරොන්දු වෙනවා කියන එකයි. ගොඩාක් අය ඔය කරුණු තුනෙන් දෙවැනි කාරණය ඉෂ්ට කරන්න දායක වෙනවා. යම් කෙනෙක් මස් මාංශ කනවා නං ඒ කෙනා සතුන් මැරීමට අනුබල දීලා තියෙනවා. මිනිස්සු මස් මාංශ කෑවොත් තමයි, සතුන් මරලා වෙළෙඳ පොළට එවන්නේ.

ඒ අනුව ඉතාම පැහැදිලියි යම් කෙනෙක් සත්ත්ව මාංශ අනුභව කරනවා නං ඒ කෙනා පළමු සිල් පදය උල්ලංඝණය කරනවා කියන එක. ඒ වගේම මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙන බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ, පාණාතිපාත සූත්‍රයේ දී දේශනා කරලා තියෙනවා. සතුන් මැරීම, මැරවීම, මස් මාංශ විකිණීම, මිලට ගැනීම, ඉවීම, අනුභව කිරීම ආදියෙන් ප්‍රාණඝාතය හා ඊට අනුබල දීමෙන් වළකමි යන පංච ශීලයේ පළමුවන ශික්ෂා පදය උල්ලංඝණය වෙනවා. එම සතාගේ කැමැත්තක් නැතිව එම මස් බලෙන්ම මංකොල්ලකමින් ලබාගන්නා නිසා සොරකම් කිරීමෙන් වැළකීමේ පංච ශීලයේ දෙවන ශික්ෂා පදයත් උල්ලංඝණය වෙනවා.

පංච ඉන්ද්‍රියයන් අතරින් දිව පිනවීම සඳහා රස තෘෂ්ණාවෙන් කෙරෙන කාමයෙහි වැරැදි හැසිරීමත් නිසා වැරැදි කාම සුවයෙන් වැළකීමේ පංච ශීලයේ තෙවැනි ශික්ෂා පදයත් උල්ලංඝණය වෙනවා. සතුන් මැරීම පවක් බව කිය කියා, සත්ත්ව මාංශ කෑම වැරැදි නැත, ඉන් අත්වන පවක් නැත කියමින් බොරු ප්‍රකාශ කරන නිසා බොරුවෙන් වැළකීමේ පංච ශීලයේ සිවුවැනි ශික්ෂා පදයත් උල්ලංඝණය වෙනවා.

Read More

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13662

7 comments

Skip to comment form

    • Perera on August 2, 2012 at 8:55 pm
    • Reply

    Itha Vatina daham panividayak aneka varayak isthuthi. thava thavath mevage da idripath karanna. minissu mula vela inne.

    Theruawan Saranai.

    Perera

    • luckmini on August 5, 2012 at 6:06 pm
    • Reply

    අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ, පාණාතිපාත සූත්‍රයේ දී දේශනා කරලා තියෙනවා

    කරුනාකරලා මට මෙ සදහන් සුතෘරය කියවන්න පුලුවන්ද

    • Kapila on August 29, 2012 at 2:54 pm
    • Reply

    භික්ෂූන් ජීවිතාන්තය දක්වා මස් මාංශයෙන් වැලකීමට සිල්පදයක් පනවන ලෙස ඉල්ලු විට බුදුන් වහන්සේ එසේ නොකළේ මන්ද?  එසේම අනුභවයෙන් වැලකීමට විශේෂ මාංශ 10ක් වදාළේ මන්ද?

    1. ඔබගේ පැනයට පිලිතුරු මෙහි ඇත. අවබෝධයෙන් කියවන්න. වටහා ගන්න සත්‍යය.

      – බුද්ධිමතුන්ගේ විමසුන් ඇසින් බැලීම පිණිසයි!

      මස්මාංශ කමින්, බුදුරජාණන් වහන්සේ මස්මාංශ කෑම අනුමත කළ ඇති බව ත්‍රිපිටකය වැරදි කොනින් ගෙන, එහි කොටස් පරිඝනක මැජික්කාරයන් සේ අහිංසක මිනිසුන් ඉදිරියේ පෙන්වා විජ්ජාවෙන් තම තමන්ගේ මස් ප්‍රේතකම සාදාරණීකරනයට ගෙන, බුදුදහමට නිගා කරමින්, බුද්ධ වචනය වෙනස් කරමින්. මස්මාංශ කෑම බුදුරජාණන් වහන්සේ අනුමත කළ බවත් එම නිසා බෞද්ධයන් මස්මාංශ කෑමට සුදුසු බවත් පවසමින් මේ පිරිසිදු වූ ත්‍රිපිටක ධර්මය මොවුන්ගේ රසතෘෂ්ණාව සදාරණීකරනයට භාවිතා කරමින් ඔවුනුත් ඔවුන් පස පස යන්නන් ද සතර අපායට යන ගමනට එකතු කරගනිමින්, බෞද්ධයන් තව තවත් මස්මාංශ කෑමට පොලබවින් රට පුරා ධර්මදේශනා පවත්වන මිත්‍යාදෘෂ්ඨිකයන්(විශේෂයෙන් ගිහි දේශකයන් පිරිසක්) භාවිතයට ගන්න එක කරුණක් වූ දේවදත්ත ඉල්ලූ වර පහ.

      දේවදත්තගේ ඉල්ලු අවසාන ශික්ෂා පදය පමණක් ගෙන තර්ක විතර්ක ඉදිරිපත් කරන තෘෂ්ණාභරිතයනට දිය හැකි එකම අවවාදය දේවදත්ත බුදුපියාණන් වහන්සේගෙන් පැනවීමට ඉල්ලා සිටි අනෙක් ශික්ෂාපද සතර මොනවාදැයි සොයා බැලීමය.

      බුද්ධ චරිතයේ මෙවන් සිදුවීම් කොතෙකුත් ඇත. නමුත් මස්කන්නන් නිතර සාදාරණීකරනයට ගන්නේ මෙම වර පහෙන් පස්වෙනි වරය ගැන පමණී.ඉතිරි හතර මොනවාදැයි දැවත් සොයා බලන්න. දේවදත්ත ඉල්ලා සිටියේ ද පස්වැන්න පමණක් වෙනම නොව ශික්ෂා පද පහම එකවර පනවන ලෙසය.

      එම සිල්පද පහෙන් මුල් හතරම අත්තකිලමතානුයෝගයන්ය. පස්වැනි සිල්පදය විශේෂයෙන් පැනවීමට කිසිදු හේතුවක් නැත. එය පංච ශීලයේ ප්‍රථම සහ දෙවන පිල්පදයේම ඇත. එසේම උතුම් කරණීය මෙත්ත සූත්‍රයේමද ඇත.

      බුදුරදුන් තුන්කල් පෙනෙන නුවණැතියෙකු හෙයින් මෙම සංසාරික දුෂ්ටයා එන්නේ කුමකටදැයි දකින්නට ඇත. ඒනිසා උන්වහන්සේ නිශ්ෂබ්දව තුෂ්නිම්භූතව මෙම අවස්ථාවේ වැඩ සිටියා විනා කිසිවක් ශ්‍රී මුවින් වදාලේ නැත. බුදුවරුන්ගේ චර්යාව අනවශ්‍ය තැනදී කථා නොකර නිශ්ෂබ්දව සිටීමයි.

      Read More ….http://www.dhammikaweb.com/?p=13966

      =====================================
      ඔබගේ පහත පැනයට පිලිතුරු මෙහි ඇත. අවබෝධයෙන් කියවන්න. වටහා ගන්න සත්‍යය.
      අනුභවයෙන් වැලකීමට විශේෂ මාංශ 10ක් වදාළේ මන්ද?

      විනය පිටකය ලියවුනේ කවදාද? සිතන්න. බුදුරජාණන් වහන්සේ එසේ දෙසුවේ ඇයිද කියා පිළිගත හැකි සාධාරණ පිළිතුරක් තිබේ ද? අප විමසිය යුතු ය.

      අනෙක තහනම් කළ ඇතැම් මස් වර්ග ඇති සතුනට පමණද මරණවිට මරණ භය, වේදනාව, දුක සන්තාපය ඇතිවන්නේ

    • Wimal on March 11, 2015 at 4:31 pm
    • Reply

    Aparade kauru unath Budu baNa danne nathi kenek.
    Owa dewadaththage bana misak budu bana newe. Dan Oya kaapu kola Hadanna panuwo ki denek maranna athida BETH gahala???

    1. ඔබ මේ බුදුබණ කියන්නේ සතුන් මරා උන්ගෙන් ගන්නා මේ මස්මාංශ කෑම හොදයි කියන එක ද? ඔබගේ තර්කය නිවැරදි වන්න තිබුනා ගස් වලින් මේ මස්මාංශ කඩලා කනවා නම්. මේ මස්මාංශ කන්න සතෙකුගේ දිවි තොර කරන්නම සිදුවෙනවා මහත්මයාණෙනි.

      බුදුදහම වැරදි කොනෙන් අල්ලා ගත්තාම වෙන දේ තමා. බුදුදහම කියන්නේ තෘෂ්ණාව ක්‍රමයෙන් නසන මාර්ගයක්,මස්මාංශ කන්නේ රස්තෘෂ්ණාව වැඩි අය. හොඳින් නුවණින් විමසා බලන්න. මස්මාංශ කථාව පසුව දහමට එකතු වුනු බව තරයේ සිතන්න.

      මස්මාංශ කෑමට අනුබල දෙන්න ත්‍රිකෝටික පාරිශුද්ධියත්, සිහ සේනාධිපති සූත්රයන් ගෙන බුදුහාමුදුරුවන් මස් කෑමට අනුබල දුන් බව කියා සමහර ධර්මය ගැන දන්නේ නැති බඩජහරි කමට ධර්මය විකෘති කරන අය ඉන්නවා බෞද්ධයන් අතරත්…..

      බුදුරජාණන් වහන්සේ දෙසා වඳාළ අප මෙසේ විස්තර කරමු. එය හොඳින් පරිශීලනය කරන්න.
      ජීවකය දිට්ඨං, සුතං, පරිසංකිතං, දැකීමෙන්, අසා දැනගැනීමෙන් සහ සැකයක් ඇතිවීමෙන් ද පිරිසිදු වූ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය මම වළදමි. මස් කවලම් නැති බවට මෙකී පරීක්ෂණ තුනෙන්ම සමත් නම් මම වළඳමි. මෙසේ සඳහන් කලේ මියගිය වෙලේ සිට ක්ෂණයක් පාසා කුණුවී යන මළ සිරුරක් වැළඳීම නොවේ.මෘතශරීරයක් කෝටි තුන් වතාවක් පිරිසිදු බව කීමට නොවේ. දානයට මාංශ කලවම් නම් මම නොවළඳමි යන්න පෙන්වීමට ය. තවද, තුන්කල් පෙනෙන දිවැස් ඇති සම්බුදුපියාණන්ට අමුතුවෙන් ත්‍රිකෝටි පරීක්ෂණ අවශ්‍ය නැත. මේ කීවේ අපටයි, බැරි වෙලාවත් මෙම පරීක්ෂණ තුනෙන්ම සමත්ව ආහාර වැළඳීමෙන් පසුව අපට දිවැස් නොමැති නිසා යමෙකු කීවොත් මස් හැන්දක් එළවලු ව්‍යංජන වලට කලවම් වෙලා කියා අප සිත් සැලෙන නිසා එහි ඇවැතක් නැතිබව පෙන්වා දීමටයි බුදුරජාණන් වහන්සේ ත්‍රිකෝටික පාරිශුද්ධියක් ගැන දෙසුවේ. බුදුරජානන් වහන්සේලාගේ චර්යාව එයයි. කිසිවක් එක එල්ලේ නොදෙසයි.
      උපමා උපහරන ඇතිව මතක සිටීමටම තර්කවිතර්ක කොට විසදා ගැනීමට යමක් දේශනා කරයි.
      පසුව රස තෘෂ්ණාව ඉහවහ ගියවූවන් තමන්ට සිතැගි පරිධි බුද්ධ දේශන වෙනස් කර ලීවද සියලු සිල්පද වලට ඔවුන්ගේ ත්‍රිකෝටිකය අදාල කරගත හැකි බවට වන යථාර්තය සුදන මොළවලින් තේරුම් නො ගත්හ. ඒ නිසාවෙන්ම ඔවුන්ගේ මාංශවලට පමණක් අදාල ත්‍රිකෝටික බොරුව අප හට පහසුවෙන් ඉවත් කිරීමට හැකිවිය..

      මොකක්ද ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය කියන්නේ? මම නො දුටු! මා වෙනුවෙන් නො මරපු! මට ඒ පිළිබදව සැක කළ නො හැකි!
      හරි දැන් බලමු එහෙම මාංසයක් හොයා ගන්න පුළුවන් ද කියලා…
      මම කඩයට ගියා මිලදී ගත්තා ගෙදරට ගෙනවිත් උයාගෙන කෑවා. මම බේරිලා. මට කිසි ගැටලුවක් නැහැ. මම නොවේ මැරුවේ. මම ඕකට උදව් කරලත් නැහැ.
      මේ කරන්නේ ආත්ම වංචාවක් !. සවන් දෙන්න මේ දේශනයට අවබෝධ කරගන්න සත්‍යය. http://www.dhammikaweb.com/?p=13822

      ඔබ! ඔබ ගැනම ස්වයං විග්‍රහයක යෙදෙන්න. ඔබගේ ආහාරයට අනිවාර්යෙන්ම මස්මාංශ ආහාර තිබිය යුතු ම නේ ද? ඔබට මස්මාංශයක් නැත්නම් කෑම කන්නට නො හැකි නේ ද? අන්න එතනින් ඔබ පටන් ගන්න නුවණින් සිතන්න. එවිට ඔබගේ රසතෘෂ්ණාව කෙතරම් ද කියා වැටහේවි.

Leave a Reply