දවසක් බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ සිටි අති පූජ්‍ය නාරද නා හිමියන්ට දානයකට ආරාධනා ලැබුණා. දානයට සත්ත්ව මාංශයි, බිත්තරයි සකස් කරලා තිබුණා. සත්ත්ව මාංශයි, බිත්තරයි බෙදන විට නාරද නා හිමියන් පාත්‍රයට උඩින් අත තිබ්බා. කිරි හොදියි, කොළ මැල්ලුමක් එක්ක උන්වහන්සේ දානය වැළඳුවා. දානය වළඳලා අවසානයේ භුක්තානුමෝදනාව සිද්ධ කළේ නාරද නා හිමියන්. එහිදී උන්වහන්සේ ඉතා වටිනා අදහසක් ප්‍රකාශ කළා. “මට පින් අනුමෝදන් කිරීමට අමාරුයි. දානය පිළියෙළ කළ අය දැනටමත් පව් අනුමෝදන් කරගෙන හමාරයි. මම වැළඳූ දානයට නං පින් අනුමෝදන් කරන්න පුළුවන්.”
පංච ශීලයේ පළමු සිල් පදයේ තේරුම ගැඹුරින් විග්‍රහ කළොත් එතැන ප්‍රධාන කරුණු තුනක් කියැවෙනවා. මම සතුන් නොමරමි. මැරීමට අනුබල ද නොදෙමි. යම් කෙනෙක් සතෙකු මරනවා නං ඔහු එයින් මුදා ගනිමි යි යන ප්‍රධාන කරුණු තුන පංච ශීලයේ පළමු සිල් පදයෙන් කියැවෙනවා. යම් කෙනෙක් පළමු සිල් පදය සමාදන් වෙනවා කියන්නේ ඔය කියන කරුණු තුනම රකින්න පොරොන්දු වෙනවා කියන එකයි. ගොඩාක් අය ඔය කරුණු තුනෙන් දෙවැනි කාරණය ඉෂ්ට කරන්න දායක වෙනවා. යම් කෙනෙක් මස් මාංශ කනවා නං ඒ කෙනා සතුන් මැරීමට අනුබල දීලා තියෙනවා. මිනිස්සු මස් මාංශ කෑවොත් තමයි, සතුන් මරලා වෙළෙඳ පොළට එවන්නේ.
ඒ අනුව ඉතාම පැහැදිලියි යම් කෙනෙක් සත්ත්ව මාංශ අනුභව කරනවා නං ඒ කෙනා පළමු සිල් පදය උල්ලංඝණය කරනවා කියන එක. ඒ වගේම මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙන බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ, පාණාතිපාත සූත්‍රයේ දී දේශනා කරලා තියෙනවා. සතුන් මැරීම, මැරවීම, මස් මාංශ විකිණීම, මිලට ගැනීම, ඉවීම, අනුභව කිරීම ආදියෙන් ප්‍රාණඝාතය හා ඊට අනුබල දීමෙන් වළකමි යන පංච ශීලයේ පළමුවන ශික්ෂා පදය උල්ලංඝණය වෙනවා. එම සතාගේ කැමැත්තක් නැතිව එම මස් බලෙන්ම මංකොල්ලකමින් ලබාගන්නා නිසා සොරකම් කිරීමෙන් වැළකීමේ පංච ශීලයේ දෙවන ශික්ෂා පදයත් උල්ලංඝණය වෙනවා. පංච ඉන්ද්‍රියයන් අතරින් දිව පිනවීම සඳහා රස තෘෂ්ණාවෙන් කෙරෙන කාමයෙහි වැරැදි හැසිරීමත් නිසා වැරැදි කාම සුවයෙන් වැළකීමේ පංච ශීලයේ තෙවැනි ශික්ෂා පදයත් උල්ලංඝණය වෙනවා. සතුන් මැරීම පවක් බව කිය කියා, සත්ත්ව මාංශ කෑම වැරැදි නැත, ඉන් අත්වන පවක් නැත කියමින් බොරු ප්‍රකාශ කරන නිසා බොරුවෙන් වැළකීමේ පංච ශීලයේ සිවුවැනි ශික්ෂා පදයත් උල්ලංඝණය වෙනවා.
http://www.dinamina.lk/manchu/art.asp?id=2011/12/20/mpg03_0
5 comments
No ping yet
Perera says:
August 2, 2012 at 8:55 PM (UTC 5.5)
Itha Vatina daham panividayak aneka varayak isthuthi. thava thavath mevage da idripath karanna. minissu mula vela inne.
Theruawan Saranai.
Perera
luckmini says:
August 5, 2012 at 6:06 PM (UTC 5.5)
අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ, පාණාතිපාත සූත්‍රයේ දී දේශනා කරලා තියෙනවා
කරුනාකරලා මට මෙ සදහන් සුතෘරය කියවන්න පුලුවන්ද
Root Admin says:
August 13, 2012 at 8:14 PM (UTC 5.5)
http://assets4.dhammikaweb.com/uploads/2012/08/PanathipathaSutta_KammapathaVaggo_AnguttaraNikaya2_Page486_487.pdf
Kapila says:
August 29, 2012 at 2:54 PM (UTC 5.5)
භික්ෂූන් ජීවිතාන්තය දක්වා මස් මාංශයෙන් වැලකීමට සිල්පදයක් පනවන ලෙස ඉල්ලු විට බුදුන් වහන්සේ එසේ නොකළේ මන්ද? එසේම අනුභවයෙන් වැලකීමට විශේෂ මාංශ 10ක් වදාළේ මන්ද?
Root Admin says:
October 3, 2012 at 2:26 PM (UTC 5.5)
ඔබගේ පැනයට පිලිතුරු මෙහි ඇත. අවබෝධයෙන් කියවන්න. වටහා ගන්න සත්‍යය.
- බුද්ධිමතුන්ගේ විමසුන් ඇසින් බැලීම පිණිසයි!
මස්මාංශ කමින්, බුදුරජාණන් වහන්සේ මස්මාංශ කෑම අනුමත කළ ඇති බව ත්‍රිපිටකය වැරදි කොනින් ගෙන, එහි කොටස් පරිඝනක මැජික්කාරයන් සේ අහිංසක මිනිසුන් ඉදිරියේ පෙන්වා විජ්ජාවෙන් තම තමන්ගේ මස් ප්‍රේතකම සාදාරණීකරනයට ගෙන, බුදුදහමට නිගා කරමින්, බුද්ධ වචනය වෙනස් කරමින්. මස්මාංශ කෑම බුදුරජාණන් වහන්සේ අනුමත කළ බවත් එම නිසා බෞද්ධයන් මස්මාංශ කෑමට සුදුසු බවත් පවසමින් මේ පිරිසිදු වූ ත්‍රිපිටක ධර්මය මොවුන්ගේ රසතෘෂ්ණාව සදාරණීකරනයට භාවිතා කරමින් ඔවුනුත් ඔවුන් පස පස යන්නන් ද සතර අපායට යන ගමනට එකතු කරගනිමින්, බෞද්ධයන් තව තවත් මස්මාංශ කෑමට පොලබවින් රට පුරා ධර්මදේශනා පවත්වන මිත්‍යාදෘෂ්ඨිකයන්(විශේෂයෙන් ගිහි දේශකයන් පිරිසක්) භාවිතයට ගන්න එක කරුණක් වූ දේවදත්ත ඉල්ලූ වර පහ.
දේවදත්තගේ ඉල්ලු අවසාන ශික්ෂා පදය පමණක් ගෙන තර්ක විතර්ක ඉදිරිපත් කරන තෘෂ්ණාභරිතයනට දිය හැකි එකම අවවාදය දේවදත්ත බුදුපියාණන් වහන්සේගෙන් පැනවීමට ඉල්ලා සිටි අනෙක් ශික්ෂාපද සතර මොනවාදැයි සොයා බැලීමය.
බුද්ධ චරිතයේ මෙවන් සිදුවීම් කොතෙකුත් ඇත. නමුත් මස්කන්නන් නිතර සාදාරණීකරනයට ගන්නේ මෙම වර පහෙන් පස්වෙනි වරය ගැන පමණී.ඉතිරි හතර මොනවාදැයි දැවත් සොයා බලන්න. දේවදත්ත ඉල්ලා සිටියේ ද පස්වැන්න පමණක් වෙනම නොව ශික්ෂා පද පහම එකවර පනවන ලෙසය.
එම සිල්පද පහෙන් මුල් හතරම අත්තකිලමතානුයෝගයන්ය. පස්වැනි සිල්පදය විශේෂයෙන් පැනවීමට කිසිදු හේතුවක් නැත. එය පංච ශීලයේ ප්‍රථම සහ දෙවන පිල්පදයේම ඇත. එසේම උතුම් කරණීය මෙත්ත සූත්‍රයේමද ඇත.
බුදුරදුන් තුන්කල් පෙනෙන නුවණැතියෙකු හෙයින් මෙම සංසාරික දුෂ්ටයා එන්නේ කුමකටදැයි දකින්නට ඇත. ඒනිසා උන්වහන්සේ නිශ්ෂබ්දව තුෂ්නිම්භූතව මෙම අවස්ථාවේ වැඩ සිටියා විනා කිසිවක් ශ්‍රී මුවින් වදාලේ නැත. බුදුවරුන්ගේ චර්යාව අනවශ්‍ය තැනදී කථා නොකර නිශ්ෂබ්දව සිටීමයි.
Read More ….http://www.dhammikaweb.com/?p=13966
=====================================
ඔබගේ පහත පැනයට පිලිතුරු මෙහි ඇත. අවබෝධයෙන් කියවන්න. වටහා ගන්න සත්‍යය.
අනුභවයෙන් වැලකීමට විශේෂ මාංශ 10ක් වදාළේ මන්ද?
විනය පිටකය ලියවුනේ කවදාද? සිතන්න. බුදුරජාණන් වහන්සේ එසේ දෙසුවේ ඇයිද කියා පිළිගත හැකි සාධාරණ පිළිතුරක් තිබේ ද? අප විමසිය යුතු ය.
අනෙක තහනම් කළ ඇතැම් මස් වර්ග ඇති සතුනට පමණද මරණවිට මරණ භය, වේදනාව, දුක සන්තාපය ඇතිවන්නේ