Walking Meditation – Bhikkhu Katukurunde Ñāṇananda

බුදුරදුන් භගග දේශයෙහි සුංසුමාරගිරෙහි වැඩවෙසෙන අවස්ථාවක මහ මුගලන් තෙරුන් වහන්සේ මගධ රටේ කලලවාලමුතත ගමෙහි භාවනා පර්‍යංකයේ නිදිකිරමින් හිඳිනු දිවැසින් දැක ඍදධියෙන් එහි වැඩමකර ‘‘මොගගලලාන, ඔබ නිදි කිරනවා නොවේදැ‘යි ඇසූහ. ‘‘‘එසේය ස්වාමීනි’යි පිළිතුරු දුන්විට, බුදුරජාණන්වහන්සේ නිදිමත ලෙඬේට අවදි-පෙති 7ක් වැනි පහත සඳහන් ක‍්‍රමවත් උපදෙස් පෙළ දී වදාළහ.
  1. යම් සංඥාවක් ඇතිව වෙසෙද්දී නිදිමත බැස ගත්තේ නම් ඒ සංඥාව මෙනෙහි නොකරව. ඒ සංඥාව බහුලව නොකරව.
  2. මෙසේ වෙසෙද්දීත් ඒ නිදිමත පහනොවේ නම්, අසා ඇති පරිදි, උගෙන ඇති පරිදි යම් ධම_යක් ගැන සිතින් විතර්ක කරව, විචාරණය කරව, මනසින් දැකගනුව.
  3. මෙසේ වෙසෙද්දීත් ඒ නිදිමත පහනොවේ නම් අසා ඇති පරිදි උගෙන ඇති පරිදි ධම_යක් සවිස්තරව සජඣායනා කරව.
  4. මෙසේ වෙසෙද්දීත් ඒ නිදිමත පහනොවේ නම් දෙකන් සිළු අදුව, අතින් සිරුර පිරිමදුව.
  5. මෙසේ වෙසෙද්දීත් ඒ නිදිමත පහනොවේ නම්, අස්නෙන් නැඟිට දියෙන් ඇස් පිරිමැද දිශා දෙසබලව, අහසේ තරු දෙස බලව.
  6. මෙසේ වෙසෙද්දීත් ඒ නිදිමත පහනොවේ නම්, ආලෝක සංඥාව මෙනෙහි කරව. දවල්ය යන සංඥාව අධිෂඨාන කරව. දවල් යම්සේද රැයද එසේමය. රැය යම්සේද, දවල්ද එසේමය. මෙසේ විවෘතවූ නො ඇවුරුණ ප‍්‍රභාවත් සිතක් වඩව.
  7. මෙසේ වෙසෙද්දීත් ඒ නිදිමත පහනොවේනම් ඇතුළට හැරුණ ඉඳුරන් ඇතිව, බැහැරට නොගිය මනසින් යුතුව පසු පෙර සංඥාවෙන් සක්මනට අදිටන් කරව.

 

මෙසේ වෙසෙද්දීත් ඒ නිදිමත පහ නොවේ නම්, මොග්ගල්ලාන, (දකුණු) පාදයෙහි (වම්) පාදය මදක් ඇද තබාගෙන සිහිනුවණින් යුතුව, නැඟිටින සංඥාව මෙනෙහි කොට, දකුණැලයෙන් (සිංහ සෙය්‍යාවෙන්) සයනය කරව. පිබිදුන කල්හිද, වහා නැගිටිය යුතුය. ‘සයන සුවයෙහි, ස්පර්ශ  සුවයෙහි, නිදිසුවයෙහි ගැලී නොසිටිමි’ යන අදහසිනි. මෙසේය, මොග්ගල්ලාන ඔබ හික්මිය යුත්තේ.”

වඩාත් සන්සුන් ඉරියවුව වන පර්‍යංකය තහවුරු කරගැනීමට යෝගාවචරයා උත්සාහ කළ යුතු බවත් නිදිමත ජයගැනීමේ ක‍්‍රියාදාමයේ අවසන් අදියර පමණක් සක්මනට පැවරිය යුතු බවත් මෙයින් හැඟේ.

පර්‍යංකයේ   ඇතිවන නිදිමත සක්මනට ආරාධනාවක් ලෙස අවිචාරයෙන් නොගතයුතුය. නිශ්චිත කාලසටහනක අවශ්‍යතාව නිසා ඇතැම් භාවනා මධ්‍යස්ථානවල පැයක් පර්‍යංකයේ සහ පැයක් සක්මනේ යෙදීමේ භාවනා රටාවක් අනුගමනය කැරෙයි. ආධුනිකයින්ට එයින් යම් ශික‍ෂණයක් ලැඛෙතත් ඉඳහිට හෝ පර්‍යංක කාලය අවසාන හරියේදී එවැන්නකු තුළ පවා යම් සමාධියක් සකස් වෙතොත්, එය බිඳගෙන අනිවාර්‍යෙන් සක්මනට යාමට සිදුවෙතොත් එය නුවණට හුරු නොවේ. කෙසේ වෙතත් බුදුරදුන්ගේ උපදෙස් අනුව සක්මන හා පර්‍යංකය පුහුණු කරමින් ජාගරියානු යෝගය ගොඩනගාගත් ඇතැම් යෝගාවචරයකුට චරිතානුකූලව සක්මන වඩා සමාධියට හිතකර ලෙස වැටහී යා හැකිය. එවැන්නකු වැඩිකාලයක් සක්මනේම ගත කිරීමෙහි වරදක් නැත. සාමාන්‍යයෙන් සයන ඉරියවුව නින්දට ළඟ නිසා යෝගාවචරයකුට ඒතරම් සුදුසු නැති නමුත් අධික සක්මනෙන් ඇතිවන උදධචචය ඇතැම්විට සයනයේදී සන්සිඳී වීර්‍ය සමතාව සැලසී සමාධිය මතුවීමට ඉඩ ඇත.

උපුටා ගැනීම:- පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි විසින් රචිත ”  සක්මනේ නිවන” පොතෙන් පිටු අංක 1-2 

 

 

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21934

Leave a Reply