Vanijja Sutta – බෞද්ධයන්ට මස්මාංශ වෙළදාම කැප ද? අකැප ද?

Mansa_Vanijjaවණිජ්‌ජා සූත්‍රයේ බුද්ධ වචනය ඇතුලත් ත්‍රිපිටකයේ සහ අටුවා/ටීකා අර්ථ විග්‍රහය – බුද්ධිමතුන්ගේ විමර්ෂණය සදහා

7. වණිජ්‌ජාසුත්‌තං – වණිජ්‌ජාසුත්‌තං, උපාසකවග්‌ගො, පඤ්‌චකනිපාත -අඞ්‌ගුත්‌තරනිකාය ( Page 338 to 339 -pdf 359) 177. ‘‘පඤ්‌චිමා , භික්‌ඛවෙ, වණිජ්‌ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්‌ච? සත්‌ථවණිජ්‌ජා, සත්‌තවණිජ්‌ජා, මංසවණිජ්‌ජා, මජ්‌ජවණිජ්‌ජා, විසවණිජ්‌ජා – ඉමා ඛො, භික්‌ඛවෙ, පඤ්‌ච වණිජ්‌ජා උපාසකෙන අකරණීයා’’ති. සත්‌තමං. සූත්‍රයට පිවිසීමට – 

මංසවණිජ්‌ජා – මෙම බුදුන්ගේ වචනය වන පාළිය සිංහලට පරිවර්ථනය වීමේදි එය මස්වෙළදාම විය යුතු ය. මෙහි කුමන මස් ද කියා නැත. සතුන්ගේ මස්. ආයේ මේකට අටුවා ටීකා පැත්තට යන්න ඕනේ නැහැ. ඕනේම පොඩි ලමයෙකුටත් තේරෙන පුංචි පාළි වචනයක්. මංසවණිජ්‌ජා = මස්වෙළදාමයි.

දැන් අපි,  අපගේ කලින් කතිකාවතට එවූ අටුවා/ටිකා දෙස හොඳින් බලමු.

මෙහි සූත්‍රය සහ අටුවාව ගෙන බලමු –

සූත්‍රය – 7. වණිජ්‌ජාසුත්‌තං

177. ‘‘පඤ්‌චිමා, භික්‌ඛවෙ, වණිජ්‌ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්‌ච? සත්‌ථවණිජ්‌ජා, සත්‌තවණිජ්‌ජා, මංසවණිජ්‌ජා, මජ්‌ජවණිජ්‌ජා, විසවණිජ්‌ජා – ඉමා ඛො, භික්‌ඛවෙ, පඤ්‌ච වණිජ්‌ජා උපාසකෙන අකරණීයා’’ති. සත්‌තමං.

අටුවාව –
=====
7. වණිජ්‌ජාසුත්‌තවණ්‌ණනා

177. සත්‌තමෙ වණිජ්‌ජාති වාණිජකම්‌මානි. උපාසකෙනාති තිසරණගතෙන. සත්‌ථවණිජ්‌ජාති ආවුධභණ්‌ඩං කාරෙත්‌වා තස්‌ස වික්‌කයො. සත්‌තවණිජ්‌ජාති මනුස්‌සවික්‌කයො. මංසවණිජ්‌ජාති සූකරමිගාදයො පොසෙත්‌වා තෙසං වික්‌කයො. මජ්‌ජවණිජ්‌ජාති යංකිඤ්‌චි මජ්‌ජං කාරෙත්‌වා තස්‌ස වික්‌කයො. විසවණිජ්‌ජාති විසං කාරෙත්‌වා තස්‌ස වික්‌කයො. ඉති සබ්‌බම්‌පි ඉමං වණිජ්‌ජං නෙව අත්‌තනා කාතුං, න පරෙ සමාදපෙත්‌වා කාරෙතුං වට්‌ටති.

අටුවාවේ සිංහල තේරුම
==============
“වණිජ්‌ජාති” යනු වාණිජ ශාස්ත්‍රය යි / කර්මය යි. “උපාසකෙනාති” යනු තිසරණ සරණ ගිය කෙනා යි. “සත්‌ථවණිජ්‌ජාති” යනු අයුධ සකස් කර විකිණීම යි. “සත්‌තවණිජ්‌ජාති” යනු මිනිස් වෙළඳාම යි. (මිනිසුන් විකිණීම නොහොත් වහල් වෙළඳාම). “මංසවණිජ්‌ජාති” යනු ඌරන්, මුවන් ආදී සතුන් පෝෂණය කර ඔවුන් විකිණීම යි. “මජ්‌ජවණිජ්‌ජාති” යනු යම් කිසි මද්‍යක් (මදයට හේතු වන දෙයක්) සකස් කර විකිණීම යි. “විසවණිජ්‌ජාති” වස විෂ සකස් කර විකිණීම යි. මේ සියලු වාණිජ කර්මයන් තමා නො කිරීම සහ අනුන් උනන්දු කරවීම ද නො කළ යුතු ය.

මෙයට අනුව “මංසවණිජ්‌ජාති” යනු ඌරන්, මුවන් ආදී සතුන් පෝෂණය කර ඔවුන් විකිණීම යි.

————-අපගේ විග්‍රහය ——————————————————————-
බුද්ධිමතුනේ ඉහත සදහන් අටුවා විග්‍රහයේ —–“මංසවණිජ්‌ජාති” යනු ඌරන්, මුවන් ආදී සතුන් පෝෂණය කර ඔවුන් විකිණීම යි—— මෙම වචනය හොදින් බලන්න. එතකොට මේ මාංශවවනිජ්ජා කියන්නේ මුව සහ ඌරු මස් වෙළදාම ද? අනිත් සත්තුන්ගේ මස් ගස් වලද එල්ලා තිබෙන්නේ. එසේ නම් මුවවනිජ්ජා, ඌරුවනිජ්ජා කියා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැත්තේ ඇයි? මෙය පැහැදිලිව මස්මාංශ කන්න තිබෙන තෘෂ්ණාවට ද මෙම බුද්ධ වචනය වැරදි ලෙස භාවිතා කර ඇත්තේ කියා ඔලු ගෙඩියක් තියෙන කෙනෙකුට නො වැටහෙන්නේ ද? ....බෞද්ධයන් වශයෙන් පෙනීසිටිමින් මාංශ කන්න තියෙන ප්‍රේත කමට බුද්ධ වචනය මෙලෙස විකෘති කරන අයට යන්නට වෙනම අපායක් නිර්මානය කරන්න වෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ එපා..එපා, කියූ මස්වෙළදාම කරන්නන් මැරී අපායේ යනකොට යමරජතුමාට කියන්න ද මා වරදක් කලේ නැහැ.අටුවා වල තියෙන ඌරුමස් සහ මුවමස් මා විකිනුවේ නැහැ. හරක්මස්, කුකුල් මස් වගේ ඒවා විතරයි විකුනුවේ කියාලා කියනවිට මොකද වෙන්නේ…බුද්ධ වචනය වෙනස් කිරීමේ පාපයටත්, මිත්‍යාදෘෂ්ටියේ පාපයටත්, බොරුකීමේ පාපයටත් වෙන වෙනම අප දුක් විදින්න තමයි වෙන්නේ..
================================
————-අපගේ විග්‍රහය ———මේ තියෙන්නේ අනිත් ටිකාව..දෙවියනේ මෙවන් අපරාධයක් බුද්ධ වචනයට කරන…බුද්ධිමතුනේ මෙය හොදින් කියවන්න..බෞද්ධයාට කැරකිල්ල හැදිලා ඇති බවක් තාමත් ඔබට නොපෙනේ ද? මිනිසුනේ මේ පාපි ක්‍රියාවන්ට අනුබල නො දෙන්න.
————
ටීකාවේ මෙය තවත් විස්තර කෙරේ –

7-8. වණිජ්‌ජාසුත්‌තාදිවණ්‌ණනා – (ටීකාව) –
=======================
සූකරමිගාදයො පොසෙත්‌වා තෙසං වික්‌කයොති සූකරමිගාදයො පොසෙත්‌වා තෙසං මංසං සම්‌පාදෙත්‌වා වික්‌කයො

සිංහල තේරුම –
========
“සූකරමිගාදයො පොසෙත්‌වා තෙසං වික්‌කයොති” යනු ඌරන් මුවන් ආදී සතුන් පෝෂණය කර ඔවුන්ගෙන් මස් සම්පාදනය කර විකිණීම යි.

————-අපගේ විග්‍රහය ————————————
බලන්න ඉහත ටීකාවෙන් කර ඇති විනාශය – ——- ඌරන් මුවන් ආදී සතුන් පෝෂණය කර ඔවුන්ගෙන් මස් සම්පාදනය කර විකිණීම ය—එතකොට අනිත් සත්තු පණ ඇති එවුන් නොවේ ද?.

තමන්ගේ නිවසින්, පාසැලෙන් පටන් ගන්න. අප බුදුරජාණන් වහන්සේ දෙසූ මෙත්තා, කරුණා, මුදිතා වඩන්න.මෙම විග්‍රහයම ඇති මස් විකුන්නන් හට ඒ පාපක්‍රියාවෙන් මිදෙන්න. මස් කන්නන් මෙම පාපික්‍රියාවට තමන් උපයන මුදලෙන් අනුග්‍රහය නොදක්වන්න. පින්වතුනේ මේ 84,000 දහසක් ධර්මස්කන්ධය පුරාවටම තියෙන්න සතරබ්‍රහ්ම විවරනයයි…සියලු සත්වයෝ සුවපත් වෙත් වා! එක සිතෙන් කියන්න පුලුවන් වෙයි මේ මස්මාංශ කෑම නැවැත්වූ දවසට. එය ඔබට සැප පිණිස හේතු වනවා සේම, සියලු සත්වයන්ට සැප පිණිස හේතු වනවාමයි..

පාදක සටහන්:-

12.9.5. ආමකමංස සූත්‍රය – සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 9. තතිය ආමකධඤ්‌ඤ පෙය්‍යාල වර්ගය

3927. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් අමුමස් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් අමුමස් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ … වීර්ය්‍ය කටයුතු යි

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13901

2 comments

1 pings

    • Tharinda on July 17, 2014 at 4:53 am
    • Reply

    ඌරන්, මුවන් “ආදී” සතුන් පෝෂණය කර ඔවුන් විකිණීම යි.

    ඔබ ආදී සතුන් (වැනි සතුන්) කියන වදන දැක දැක්ම එය බැහැර කරන්නේ මන්ද? එකල ඌරන් මුවන් වැනි සතුන් පෝෂණය කොට විකිණීමක් තිබුන නිසා (ලංකාවේ පමණක් නොවේ), එම කරුණ උදාහරනයකටයි ගෙන ඇත්තේ. ඒක තේරුම් නොගන්න එක කියවන කෙනාගේ වැරැද්ද.

    අනෙත් කරුණ බ්‍රහ්ම විහාර නැත්නම් විහරණ ඇරෙන්න බ්‍රහ්ම විවරණ (explanation) කියල හඳුන්වාදීමක් නෑ.

    ඔබේ උත්සාහය අගය කරනවා. මස් මැරීම මේ රටෙන් ඉවත් කල යුතු දෙයක්.

    සම්බුදු සරණයි!

    1. තරිදු මහතා,

      ඔබ මෙ විග්‍රහ කරන මුවන්, ඌරන් කථාව බුද්ධ වචනයේ, කොතන ද තිබෙන්නේ. එය තියෙන්නේ අටුවා. ටීකා වල පමණයි. හොදට වනිජ්ජා සූත්‍රය (7. වණිජ්‌ජාසුත්‌තං – වණිජ්‌ජාසුත්‌තං, උපාසකවග්‌ගො, පඤ්‌චකනිපාත -අඞ්‌ගුත්‌තරනිකාය ( Page 338 to 339 -pdf 359) 177. ‘‘පඤ්‌චිමා , භික්‌ඛවෙ, වණිජ්‌ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්‌ච? සත්‌ථවණිජ්‌ජා, සත්‌තවණිජ්‌ජා, මංසවණිජ්‌ජා, මජ්‌ජවණිජ්‌ජා, විසවණිජ්‌ජා – ඉමා ඛො, භික්‌ඛවෙ, පඤ්‌ච වණිජ්‌ජා උපාසකෙන අකරණීයා’’ති. සත්‌තමං.) විග්‍රහ කර බලන්න. භග්‍යවතුන් වහන්සේ එහි බොහෝම පැහැදිලිව විග්‍රහ කොට වදාළා තියෙනව. එහි සතෙක් ගැන සදහන් නැහැ, මස් වෙළදාම නො කළ යුතු දෙයක්, එය පවක් බව පැහැදිලි කොට වදාළා. ඉබේ මැරුනු සතුන්ගේ මස් වෙළදාම් කළාට කමක් නැහැ කියලත් නැහැ. මොකද භාග්‍යවතුන් වහන්සේට වැරදුනේ නැහැ. දැනගෙන හිටියා පසු කාලීන මස්කන්නන් ඒකත් නිදහසට කාරනයක් කර ගනී කියා. ඒකයි කෙලින්ම මස් වෙළදාම තහනම් කළේ.

      බුදුදහම යනු හේතුඵල දහමක් බවත් බුදුරජාණන් වහන්සේ විසින් පානාතිපාතයෙන් ප්රාණඝාතය තහනම් කළ අතර වනිජ්ජා සූත්රයට අනුව මස්මාංශ වෙළදාම තහනම් කළා. එනම් මරන්නේ නැත්නම්, වෙළදාම් කරන්නේත් නැත්නම් කෙසේ මස් කන්න ද? හේතුව නසන විට ඵලය ඉබේටම නැති වෙනවා නොවේ ද? මෙය ගැඹුරෙන් තමාගේ නුවණින්ම අවබෝධ කර ගත යුතු කාරණයකී. තවදුරටත් කරණීය මෙත්ත සූත්රයෙන් ” සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ” සියලුම සතුනට මෙත්වඩන ලෙසට අවවාද කොට වඳාළා. බලන්න මෙම සූත්රයෙන් මොන සත්වයා ද මෙත් වැඩීමට හසු නොවුනු සත්වයා.(Eg; සියලු ප්රාාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද? ..etc). ඔබ මේ මොහොතේ මෙත්වඩපු සත්වය මතු දිනකදී ඔබගේ කෑම පිගානයට එන බව වටහා ගැනීමම, බෞද්ධයාට කරකැවිල්ල හැදිලා නොවේ ද? සිතන්න අවබෝධයෙන්.

      ඔබ හොදට සොයා බලන්න. මට මතකයි එක පිංවත් ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් එක මහත්තයෙක් ඔබ මේ මතුකළ කරුණ වගේ දෙයක් ඇසුවා. බෞද්ධයන් වශයෙන් මස්මාංශ කෑම පාපයක් ද කියලා.…උන්වහන්සේ ඉතාමත් අගනා, කෙටි පිලිතුරක් ලබා දුන්නා මෙසේ.

      “මහත්තයා ඔබ ඔබගේ දිවෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නේ මගෙන් ඇසුවේ” කියා. ඉන් පසු අප දැක්කේ නැහැ ඒ මහත්තයා. එක සැරේම අතුරුදහන් වුනා ධම්ම ශාලාවෙන්.

  1. […] වණිජ්‌ජා සූත්‍රය:- මංසවණිජ්‌ජා – මෙම බුදුන්ගේ වචනය වන පාළිය සිංහලට පරිවර්ථනය වීමේදි එය මස්වෙළදාම විය යුතු ය. මෙහි කුමන මස් ද කියා නැත. සතුන්ගේ මස්. ආයේ මේකට අටුවා ටීකා පැත්තට යන්න ඕනේ නැහැ. ඕනේම පොඩි ලමයෙකුටත් තේරෙන පුංචි පාළි වචනයක්. මංසවණිජ්‌ජා = මස්වෙළදාමයි. අටුවාව බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් මස්මාංස විකිණීම සහ බුදුරජාණන් වහන්සේව ඇපයට තබා තමන්ට මස් කන්න තිබෙන රසතෘෂ්ණාව බේරගන්න අසාර්ථක උත්සාහයක යෙදී ඒ උප්පරවැට්ටියේම අටුවාචාරින් වහන්සේලාම පැටලී ඇති අන්දම හදුනා ගැනීමට මේ විග්‍රහය බුද්ධ වචනය ඇසුරෙන්ම හඳුනා ගන්න.  බුද්ධ වචනය සමග බුද්ධ වචනයට දුන් පරස්පර වැරදි අටුවාව හදුනා ගැනීමට මේ විග්‍රහය අවබෝධයෙන් කියවීමට පිවිසෙ… […]

Leave a Reply