බුද්ධිමතුනේ අවබෝධය පිණිසයි!!!!
ආමගන්ධී සූත්‍රය – !කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලිහිණි මස් සමග ඇල් හාලේ බත් වැළදූ බව කියැවෙයි. මෙතනදී ලිහිණියන් ශරීර බුදුපියාණන් වෙනුවෙන් දන්දුන් බවක් නොකියවේ. ලිහිණියන් යනු ඉතා ලස්සන හා අහිංසක කිසිදු හිරිහැරයක් කාහටවත් නැති තම දරුපැටවුන් සමග අහිංසකව අහසේ රෑන් පිටින් ලස්සන රටාවකට ඉගිලෙන පක්ෂී කොට්ඨාශයකී. අහසේ කෑම නැත. අහසේ වතුර නැත. ඒ සියල්ල ලැබීමට උන්ට බිමට ඒමට සිදුවේ. ඉන්නෙ අධික භීතියෙනි.
පොලොවේ පවතින ආකර්ෂණ ශක්තියට එරෙහිව පියාඹන ලිහිණි ආදී සියලුම පක්ෂීන් නිතර සිටින්නේ කුසගින්නෙනි. මියගිය පක්ෂියෙකුගේ තටු නිකමට ගලවා බලන්න මස් කළදක්වත් නැත.ඇත්තේ ඇටකටු “සෙට්” එකකී. ලිහිණියන් යනුද මෙවන් සදහටම කුසගින්නේ සිටින අන්ත අසරණ පක්ෂී කොට්ඨාශයකි. සිය ශරීර බුදුන්ට දන් නොදුන් මෙම අසරණයින්ව ඝාතනයට පොළොවට ගන්නට ඇත්තේ ඉතාමත් රැවටීමකට පත්කිරීමෙන් විය යුතු ය. කැමති කෑම ආදිය පොළොවේ අතුරා සැඟවී සිට දැල්දමා විය යුතු ය.
මොවුන්ගේ මස් එක් අයෙකුට අන්භව කිරීමට අවම තරමින් ලිහිණියන් සියයක්වත් මැරිය යුතු ය. කිසිවකුට කිසි කලක අබමල් රේණුවක වරදක් නොකළ මෙම පක්ෂින්ට වධ දී, අතපය සිඳ මරා, ඇල්හාලේ බත් සමග වැළදීමට කාශයප බුදුරදුන් පෙලඹුනා යැයි පැවසීම ඇදහිය නො හැකි කරුණකී. බුද්ධ අපහාසයකී! බුද්ධ අපරාධයකි.අඳෝමැයි! මෙවන් අපහාස අනන්තරීය ගෙවිය නොහැකි පාපකර්මයන් සේ සලකත්වා!!!! ඉහත ආකාරය මේ සතුන් රවටා අල්වා ගෙන මැරුවේ නැත්නම් අද වගේ කුකුල්, හරක් වැනි ගොවිපලවල් වගේ එදාත් ලිහිණි මස්ම දන් දීමට ලිහිණි ගොවිපලවල් පවත්වන්නට ඇත. කොයි වල යන්න ද? මෙවන් බුද්ධෝප්වාද බුද්ධාපරාධ කළවුන් කොයිසක්වල යන්න ද? – උපුටා ගැනීම පූජ්‍ය සිසිලචන්ද්‍ර මයිත්‍රී හිමිපාණෝ විසින් රචිත නිර්මාංශ ප්‍රශ්නයට අභියෝගාත්මක පිළිතුරක් යන ග්‍රථයෙන්
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා(සියලු සත්වයෝ සුවපත් වෙත්වා) ලෙස දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ මේ අපරාධ අනුමත කරයි ද? බුද්ධිමතුනේ, මෙම ප්‍රශ්නය ඔබට විසදා ගැනීම පිණිසයි! සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා! …. සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නො
කාමෙසු විනෙය්යන ගෙධං
නහිජාතු ගබ්භසෙය්යං පුනරෙතීති
මේ පින් සියළු සත්වයෝ ද! සියළු දෙවියෝ ද අනුමෝදන් වෙත් වා! සාදු! සාදු! සාදු!
උපුටා ගැනීම පූජ්‍ය සිසිලචන්ද්‍ර මයිත්‍රී හිමිපාණෝ විසින් රචිත නිර්මාංශ ප්‍රශ්නයට අභියෝගාත්මක පිළිතුරක් යන ග්‍රථයෙන්
පාදක සටහන්:-
7.1.3. මාංසපිණ්‌ඩ සූත්‍රය- සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 7. ලක්ඛණ සංයුක්තය » 1. ප්‍රථම වර්ගය
364. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මස්පිඩක් (වූ ප්‍රෙතයකු) දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මෙය ලුහුබඳිමින් කඩා කත් ,ඉරා කත්. ඒ මස් පිඩ ද බැගෑහඬ නගයි … මහණෙනි ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ … මේ සත්ත්වතෙමේ මේ රජගහනුවර ම ලිහිණි වැද්දෙක් විය. … ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
Recent Comments