Yasodarawatha

යසෝද්දරාවත

සාරාසංක්‍ය කප් ලක්සය පෙරුම් පුරා
සොළසා සංක්‍ය කප් ලක්සය පෙරුම් පු රා
සූවිසි සංක්‍ය කප් ලක්සය පෙරුම් පු රා
මෝරා පුබුදු මල ලෙස බුදු වු ලොව් තු රා

නිමනැති සංසාර සාගරය පීන ලා
නිමනැති වස්තු ඇස් ඉස් මස් දන් දී ලා
නිමනැති වීරියක් කෙරුවාය හිත වෙ ලා
නිමනැති බුදු බවට ජීවිත දන් දී ලා

දීපංකර බුදුන් ලෝකෙට පහළ වෙනා
සුමේද නම් තපසුව බෝසත් එදි නා
කඳුරැලියේ වැඩ සිටි මහතා එදි නා
මේ මහතා මතු බුදු වෙයි වදාර නා

සිරි හස්තෙන් මල් පූජා කළ තැන දී
දෙසිතක් නැතුව නියමයි එක සිත් පැහැ දී
දෝත පුරා වැඳ පිදු රඹගම් පුර දී
නියත විවරණේ ලැබුණේ එතැන්හි දී

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21980

Leave a Reply