සංඝරත්නය සහ සාංඝිකය – උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’
අපි ගිහියෝ වෙමු. අපට ගුණදම් රකින්නට නුපුළුවන, බුදුසසුන රකින්නට නුපුළුවන එය ‘භික්ෂූන්ට භාරය’ යි සිතා ගිහි මිනිස්සු බුද්ධශාසනය රැකීමේ ‘කොන්ත්‍රාත්” වැඩය භික්ෂූන්ට භාරදී සිටිති.
ඔවුහු භික්ෂූන්ට කෑම්,බීම්, ඇඳුම්, පැළදුම්, ඉදුන්, හිටුම් සහ අනෙක් වුවමනා සියල්ලත් සපයති. එහෙයින් මේ ‘කොන්ත්‍රාත්’ වැඩය හරියට නො කරන කල ඔවුහු භික්ෂූන්ට බැන වදිති.
නො එක් කපටි, කෛරාටිකම් වලින් ධන ය සපයමින් දුෂ්චරිත කරමින් සිට, තමාට ඉඩ ඇති වේලාවක පන්සලට ගොස් පින් ගෙනෙන්නට භික්ෂුව ලඟ පින් එකතුකරගෙන තිබිය යුතුයයි ගිහියා සිතයි.
භික්ෂුව දුස්ශීල නම් ඔහුගේ ගබඩාවේ පින් නැත. එහි පින් නැතිවූ කල තමා පින් ගන්නේ කොතැනින් දැයි ගිහියා භයවී භික්ෂුවට බැන වදියි.
උපුටා ගැනීම වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියේ” පිටු අංක 70
Recent Comments