බුදුදහම සහ බුද්ධගෝෂ දහම

අපට මතකයි එක්තරා දේශනයක් අවසානයේ අපේ උගත් මහාචාර්‍ය්වරයෙක් ඉතාමත් වේදනාවෙන් ප්‍රකාශ කළා “ අද ලංකාවේ මුල්බැසගෙන තිබෙන්නේ බුදුදහම නොවේ බුද්ධගෝෂ දහම” කියලා. එය මොනතරම් නිවැරදි ද කියා අපට සිතුනා අද මුහුණු පොතේ තිබෙන බහුතරයක් පිටු තනිකරම බුද්ධගෝෂ හිමියන් දුන් අටුවාව කරේ තියාගෙන පිරිසිදු වූ බුදුදහම විකෘති කරනවා.  අප මේ බුද්ධගෝෂ හිමියන්ගේ අර්ථවිකුර්ති කරන ලද දේශනා බුද්ධ වචනය සාධක ඇතිව පෙන්වා දුන්නත් ඔවුන් බුද්ධ වචනයට පයින් ගසා, බුද්ධවචනය වෙනස් කිරීමේ පාපයට හසුවී බුද්ධගෝෂ දහම තදින් වැළදගෙන ඇති ආකාරය පෙනීයනවා. මේවාට වගකියන්නත් ඕනේ ඔවුනට ගුරුහරුකම් දෙන ගුරුවරුන්ම තමයි. බුදුදහම අභියෝගයට ලක් කරමින් ඔවුන් යම් යම් නිකායවල් ප්‍රසිද්ධ කරන්න දඟලන බවක් පේනවා. ඔවුන්ගේ ගුරුවරයන් දෙස බැලීමේදී පවා එය හොඳින් වැටහෙනවා. ඔවුනට බුදුවී ඇත්තේ ඔවුනගේ ගුරුවරුන් බව පේනවා බුදුදහම වැරදි කොනෙන් අල්ලාගෙන ඇති ආකාරය දැක්කාම. ඔවුනගේ ඒ දුෂ්ඨ පරමාර්ථයට ප්‍රයෝජනයට ගත හැක්කේ දැනට ප්‍රපංචවලින් ගහණ අටුවාව නිසා, ඔවුන් බුද්ධ වචනය වල දමා, ඔවුනගේ අපාගාමී වැඩපිළිවෙලට බුද්ධගෝෂ අටුවාව යොදාගෙන තිබෙන වා. මේක ඉතාමත් සෝචනීය තත්වයක්. 

උදාහරනයක් වශයෙන් අප පෙන්වා දුන් වනිජ්ජා සූත්‍රයට අර්ථ විකෘති කර දී තිබෙන අටුවා/ටීකා පෙන්වා දුන්නත් ඔවුන් පිළිගන්නේ බුදුරජාණන් වහන්සේගේ දහම නොවේ මේ රසතෘෂ්ණාව නිසා වැරදියට අර්ථ දී ඇති අටුවා/ටීකා සම්ප්‍රදාය යි. අප අටුවාචාරින් වහන්සේලාට ගෞරව කරන්නේ උන්වහන්සේලා මේ අටුවා/ටීකා බුද්ධ වචනයට පිටින් තැබීම පිළිබඳවයි. අටුවාචාරීන් වහන්සේලා වුනත් දැනගෙන ඉන්න ඇති මේ බුද්ධ වචනයට අර්ථකතන දෙනව කියන්නේ දැළි පිහියෙන් කිරි කනව වගේ වැඩක් කියල. ඒකයි උන්වහන්සේලා මේ අටුවා සම්ප්‍රදාය බුද්ධ වචනයට පිටින් තිබ්බේ යම් වැරදි අර්ථකතනයන් බුද්ධ වචනයට දී තිබේනම් බුද්ධ වචනය වෙනස් කිරීමේ පාපයෙන් ගැලවෙන්න. බලන්න එදා සිට අද දක්වා මේ අටුවා සම්ප්‍රදාය අභියෝගයට ලක් කරමින්, අටුවාව දුන් අර්ථයන් දුර්වල එසේත් නැත්නම් දෝෂසහගත බව අපගේ උගත් එඩිතර ස්වාමීන් වහන්සේලා වගේම ගිහිබවතුන් බුද්ධවචනය ඉදිරියට ගෙන පෙන්වා දී තිබෙන වා මහාචාර්‍ය මාරසිංහ මහතා වැනි උගතුන් පවා. ( උදා:-The great betrayal of Theravada Buddhism? – Prof. M. M. J. Marasinghe) 

නමුත් අපේ උන්දැලෑ බුද්ධ වචනය විසි කරල බුද්ධ වචනය බවට අටුවාව ගත්තා අටුවාව තියෙන තැන තියෙන්න නොදී. අපේ මේ සමූහයන් වන “……… මගයි”  (Path to ………) “ඒ මගයි” “මේ මගයි” කියා   මේ අටුවා බුද්ධ වචනය ලෙසට අරගෙන මිත්‍යදෘෂ්ඨිය පතුරුවනවා. බුදුන් දෙසූ නිවන් මග නොවේ මුන්දැලෑ යන්නේ. මුන්දැලෑ යන්නේ බුද්ධගෝෂ නිවන් මගයි. ඔවුන් ඒ ඒ සමූහයන් නම් කර තිබෙන වචන වලින්ම පේනවා ඔවුන් ‘නිවනත්” තැනක් කරගෙන සිටින්නේ බව. ඔවුන් කෙලින්ම ප්‍රකාශ කරනවා බුද්ධගෝෂ අටුවාව බුද්ධ වචනයම බව. බලන්න මේ අය නොමග ගොස් තිබෙන ආකාරය. නමුත් මොවුනට අවසානයේ යන්නේ වෙන්නේ බුද්ධ වචනය වෙනස් කිරීමේ පාපයට “සතර අපාගාමි මග” බව මොවුනට තේරෙන්නේ නැහැ. අප මෙසේ අදහස් ප්‍රකාශ කරන්නට යෙදුනේ බුද්ධ වචනයට මේ අය කරන හානිය නිසයි. නුවණැත්තෝ මෙය වටහා ගනිත්වා.

අටුවාවෙන් අර්ථ විකෘති වී ඇති සූත්‍ර මෙසේ පෙන්වා දෙන්නෙමු. පළමුවෙන් අප

> වනිජ්ජා සූත්‍රය ගමු. වණිජ්‌ජා සූත්‍රයේ බුද්ධ වචනය ඇතුලත් ත්‍රිපිටකයේ සහ අටුවා/ටීකා අර්ථ විග්‍රහය – බුද්ධිමතුන්ගේ විමර්ෂණය සදහා – 7. වණිජ්‌ජාසුත්‌තං – වණිජ්‌ජාසුත්‌තං, උපාසකවග්‌ගො, පඤ්‌චකනිපාත -අඞ්‌ගුත්‌තරනිකාය ( Page 338 to 339 -pdf 359) 177. ‘‘පඤ්‌චිමා , භික්‌ඛවෙ, වණිජ්‌ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්‌ච? සත්‌ථවණිජ්‌ජා, සත්‌තවණිජ්‌ජා, මංසවණිජ්‌ජා, මජ්‌ජවණිජ්‌ජා, විසවණිජ්‌ජා – ඉමා ඛො, භික්‌ඛවෙ, පඤ ්‌ච වණිජ්‌ජා උපාසකෙන අකරණීයා’’ති. සත්‌තමං. – 

මංසවණිජ්‌ජා – මෙම බුදුන්ගේ වචනය වන පාළිය සිංහලට පරිවර්ථනය වීමේදි එය මස්වෙළදාම විය යුතු ය. මෙහි කුමන මස් ද කියා නැත. සතුන්ගේ මස්. ආයේ මේකට අටුවා ටීකා පැත්තට යන්න ඕනේ නැහැ. ඕනේම පොඩි ලමයෙකුටත් තේරෙන පුංචි පාළි වචනයක්. මංසවණිජ්‌ජා = මස්වෙළදාමයි. සූත්‍ර යොමුව 

නමුත් අටුවාව කියන්නේ , මංසවණිජ්‌ජාති” යනු ඌරන්, මුවන් ආදී සතුන් පෝෂණය කර ඔවුන් විකිණීම යි.// අපගේ විග්‍රහය:- මෙම වචනය හොදින් බලන්න. එතකොට මේ මාංශවවනිජ්ජා කියන්නේ මුව සහ ඌරු මස් වෙළදාම ද? අනිත් සත්තුන්ගේ මස් ගස් වලද එල්ලා තිබෙන්නේ. එසේ නම් මුවවනිජ්ජා, ඌරුවනිජ්ජා කියා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැත්තේ ඇයි? මෙය පැහැදිලිව මස්මාංශ කන්න තිබෙන තෘෂ්ණාවට ද මෙම බුද්ධ වචනය වැරදි ලෙස භාවිතා කර ඇත්තේ කියා ඔලු ගෙඩියක් තියෙන කෙනෙකුට නො වැටහෙන්නේ ද? 

මෙන්න ටීකාව:- ඌරන් මුවන් ආදී සතුන් පෝෂණය කර ඔවුන්ගෙන් මස් සම්පාදනය කර විකිණීම යි. අපගේ විග්‍රහය:-
බලන්න ඉහත ටීකාවෙන් කර ඇති විනාශය – ——- ඌරන් මුවන් ආදී සතුන් පෝෂණය කර ඔවුන්ගෙන් මස් සම්පාදනය කර විකිණීම ය—එතකොට අනිත් සත්තු පණ ඇති එවුන් නොවේ ද?.  බෞද්ධයාට කැරකිල්ල හැදිලා ඇති බවක් තාමත් ඔබට නොපෙනේ ද? මිනිසුනේ මේ පාපි ක්‍රියාවන්ට අනුබල නො දෙන්න.මූලපරියාය වගේ ගැඹුරු සූත්‍රවලට බුද්ධගෝෂ හිමියන් අටුවාව දෙන්න ඉතාමත් කෙටියෙන් වුනාට මේ වනිජ්ජා සූත්‍රයට අටුවාව දෙනවා දීර්ඝව. සිතාගන්න පුළුවන්නේ එයට හේතුව. භය වුනාද දන්නේ නැහැ බුද්ධ වචනයයට අනුව බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙළදාව වන ‘මස්මාංස” වෙළදාම සියලුදෙනාම නතර කළොත් මස් කන්න බැරිවෙයි කියලා. රසතෘෂ්ණාව නිසා බුද්ධ වචනයට පයින් ගැසූ හේතුව මනාව වැටහෙන වටිනා සූත්‍රයක් මේ වනිජ්ජා සූත්‍රය. බෞද්ධයන්ට මස්මාංශ වෙළදාම කැප ද? අකැප ද?

> මූලපරියාය සූත්‍රය – 1. මූල පරියාය වර්ගය, මූලපණ්ණාසක, මජ්ඣිම නිකාය – මෙම සූත්‍රයට බුදුගොස් හිමියන් දෙන අටුවාව:-

මේ විවරණයේ දී බුද්ධගෝෂ හිමියන් “නිබ්බාන” යන්නෙන් මෙහිදී අදහස් කරන්නේ අන්‍යතීර්ථකයන්ගේ “නිබ්බාන” සංකල්ප පහ පමනක් බව පෙන්වා දීමට සුහුසුළු වෙති. මෙසේ පටු අර්ථයකින් ගැනීම සූත්‍රයේ ගැඹුරු අන්තර්ගත හා කිසිසේත් නොසැසඳෙන්නකී. අටුවා සම්ප්‍රදාය, බොදු හද බැඳගත් චිරාගත “නිබ්බාන” සංකල්පය බේරා ගැනීමට ගත් අනිසි ප්‍රයත්නයක් ඒ තුළින් ප්‍රකට වේ  මූල පරියාය සූත්‍රය

මේ තරම් දිගු සූත්‍ර දේශනාවක් දෙසීමට විශේෂයෙන් අරමුණුවූ භික්ෂූන්ගේ සතුටට හේතු නොවීයයි සඳහන් වන අන් තැනක් නැති තරම් ය. ඒ නිසා අටුවා මතය සහේතුක විය හැකිය. අප ඉහත දැක්වූ පරිදි මේ සූත්‍රය සමස්තයක් වශයෙන් සංකල්පයන්ගේ මෙන්ම ඒවායේ ක්‍රියාකාරක පද සම්බන්ධයේ යථා තත්වය හෙළිදරව් කරයි. සංකල්ප බෞතික හෝ අධ්‍යාත්මික හෝ වේවා, ලෞකික හෝ වේවා, ලෝකෝත්තර හෝ වේවා ආධානග්‍රාහීව දෘෂ්ටිග්‍රාහයෙන් නොගත යුතු ය. ඒවා පරමාර්ථ වශයෙන් නොගතයුතු අතර, අධ්‍යාත්මික ප්‍රයත්නය තුළදීම අවස්ථානුකූලව ඒවා අතහැර දැමිය යුතු වේ. සූත්‍රයේ සැබෑ අර්ථසාරය මෙය නම් එය ඇසූ ඒ මානත්ථදධ භික්ෂූන් දුර්මුඛ වීමෙහි පුදුමයක් නැත. අටුවා මතයට අනුව නම් ඔවුන් දුර්මුඛ වූයේ මේ ගැඹුරු සූත්‍ර දේශනාව ඔවුන්ට තේරුම් නොගිය නිසා ය. එහෙත් ඒ වෙනුවට අපට පෙන්වාදිය හැක්කේ ඔවුන් දුර්මුඛවූයේ සූත්‍රය තේරුම් ගත් නිසාම බව ය. ඔවුන්ගේ මානය දුරුවූයේ (අටුවාව කියන පරිදි ) සූත්‍රයේ ගැඹුරු බව නිසා නොවේ. සූත්‍රය තුළින් ඉස්මතු කෙරෙන භාෂාවේ අන්තර්ලීන අපෝහක බවම ඔවුන්ගේ මානය මර්දනය කළබව කිව හැකිය. සම්පූර්ණ විග්‍රහය කියවීමට පිවිසුම

ජටා සූත්‍රය     – සංයුත්‌තනිකාය-සගාථාවග්‌ගපාළි-1. දෙවතාසංයුත්‌තං , 3. ජටාසුත්‌තං 

‘අන්‌තො ජටා බහි ජටා, ජටාය ජටිතා පජා; තං තං ගොතම පුච්‌ඡාමි, කො ඉමං විජටයෙ ජට’’න්‌ති. ‘‘සීලෙ පතිට්‌ඨාය නරො සපඤ්‌ඤො, චිත්‌තං පඤ්‌ඤඤ්‌ච භාවයං; ආතාපී නිපකො භික්‌ඛු, සො ඉමං විජටයෙ ජටං.

‘‘යෙසං රාගො ච දොසො ච, අවිජ්‌ජා ච විරාජිතා; ඛීණාසවා අරහන්‌තො, තෙසං විජටිතා ජටා. ‘‘යත්‌ථ නාමඤ්‌ච රූපඤ්‌ච, අසෙසං උපරුජ්‌ඣති; පටිඝං රූපසඤ්‌ඤා ච, එත්‌ථෙසා ඡිජ්‌ජතෙ ජටා’’.

ඉතින් මේ ගාථා හතර අතුරින් මුල් ගාථ දෙක බොහෝ දෙනා දන්නවා ඇති මොකද විශුද්ධි මාර්ගයේ ඒ බුද්ධගෝස අටුවාචාරීන් වහන්සේ  විශුද්ධි මාර්ගට පාදක කරගෙන තිබෙන්නේ මේ මුල් ගාථා දෙකයි.

කොටින්ම ඒ නාමයත්, රූපයත් අතර ඒවාට අදාල නිමිති ලක්ෂණ වලින් වෙලුමක් වගේ බැඳිලා තිබෙනවා ඕක තමයි අපට පේන විදිහට  “අන්‌තො ජටා ව”. ඊලගට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා නාමරූපයත්, විඥ්ඥායත් අන්යෝන්‍ය වශයෙන් වෙලිළා පවතින වා   ඕක තමයි   “බහි ජටා  ව” නමුත් අප මෙහෙම තේරුවට

බුද්ධගෝස අටුවාචාරින් වහන්සේ සංයුත්‌තනිකායේ ජටා සූත්‍රයට අටුවාව දෙන්නේ මෙහෙමයි. උන්වහන්සේ කියන්නේ ජටාව කියන්නේ තන්හාව, ” අන්‌තො ජටාව” කියන්නේ තමන්ගේ පරිශ්කාර වලට තියෙන තන්හාව, “බහි ජටාව” කියන්නේ අනුන්ගේ පරිශ්කාර වලට තියෙන තන්හාව කියා. තවත් විදිහකට තෝරනවා තමන්ගේ ආත්මභාවය මේ ශරීරය, මේ ශරීරයට තියෙන ඇල්ම තමා අන්තො ජටා ව, අනුන්ගේ ශරීර වලට තියෙන ඇල්ම, අනුන්ගේ ආත්මභාව වලට තියෙන ඇල්ම තමයි බහි ජටා ව. ( බලන්න කොපමන දුර්වල විග්‍රහයක් ද කියා මේක) . තවත් තේරුමක් දෙනවා, ආධ්‍යාත්මික ආයතන හය එනම් ඇස,කන,නාසය,දිව,කය,මන කියන හයේ අන්තො ජටා ව, බහි ජටා ව යනු ඒවාට තියෙන අරමුණු, රූප,ශබ්ධ,ඝන්ධ,රස,කොට්ඨබ්බ,ධම්ම ඔන්න ජටා ව තෝරන හැටි බුධගෝස හාමුදුරුවෝ. ඉන් පස්සේ නාමය තෝරන්නේ වේදනා, සංඥ්ඥා,සංස්කාර,විඥ්ඥාණ කියන හතර ස්කන්ධය කියා. නාමය කියන්නේ කිසි සේත් එතනට විඥ්ඥාණය අයිති නැහැ. නාමයට කිසිසේත් විඥ්ඥාණය අයත් වන්නේ නැහැ, නාමය කියන්නේ වේදනා, සංඥ්ඥා, චේතනා, පස්ස,මනසිකාර කියන ධර්ම පහ බව. නාමයට විඥ්ඥාණය අයත් වන්නේ නැති බව පෙන්වීමට තවත් සූත්‍ර දේශනාවක් තමයි.  මජ්‌ඣෙසුත්‌තං – අඞ්‌ගුත්‌තරනිකාය, ඡක්‌කනිපාතපාළි, 6. මහාවග්‌ගො – ‘‘නාමං ඛො, ආවුසො, එකො අන්තො, රූපං දුතියො අන්තො, විඤ්ඤාණං මජ්ඣෙ, තණ්හා සිබ්බිනී; තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. (නාමය එක් අන්තයක, රූපය දෙවෙනි අන්තයයි. විඤ්ඤානය මධ්‍යයයි, සිබ්බනි නම් තෘෂ්ණාව ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ) මෙම සූත්‍රයේ ද නාමයට පිටින් විඤ්ඤානය තිබෙන බව පැහැදිළි වේ. 

බලන්න අටුවා සම්ප්‍රදාය තුල කවුරුත් කියන්නේ, නාමය කියලා කියන්නේ අර ස්කන්ධ හතර කියා. එය එහෙම් පිටිම්ම වැරදියි. විඥ්ඥාණය කිසිසේත් නාමයට ඇතුල් කරන්න බැහැ. 

ඔන්න ඊලගට “පටිඝං රූප සංඥ්ඥා” කියන එක තෝරන්නේ අටුවාචාරීන් වහන්සේ මෙහෙමයි…..………..සම්පූර්ණ විග්‍රහය 

පගේ විග්‍රහය:- අපේ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ අපට මතකයි මේ විශුද්ධි මාර්ගයේ ඉතාමත් දුර්වල වූ අටුවාව පෙන්වා දී, පිරිසිදු වූ බුද්ධ වචනයේ ආශ්චර්‍ය පෙන්වා දුන්නා. දැනට දැන උගත් ස්වාමීන් වහන්සේලා බොහෝමයක් දන්නවා බුද්ධගෝෂ හිමිගේ විශුද්ධි මාරගයේ දෝෂ. සෝම හිමි, කටුකුරුන්දේ හිමි වැනි කීපනමක් ඉදිරියට ඇවිත් ඉතාමත් එඩිතරව වැරදි අර්ථනිරූපන පෙන්වා දී පිරිසිදු වූ බුද්ධ වචනයට අටුවා/ටීකා නිසා හානි වූ තැන් පෙන්වා දුන්න බව අප නමස්කාරපූරකව උන්වහන්සේලාව මේ අවස්ථාවේ මතක් කර පින්දෙනවා. ස්වාමීන් වහන්සේලා එඩිතරව මේ විශුද්ධි මාර්ගයේ/අටුවා දෝෂ පෙන්වීමට මැළි වන්නේ අද ශ්‍රි ලංකා බෞද්ධ සමාජයේ මුල්බැසගෙන තිබෙන්නේ බුද්ධගෝෂ හිමි දුන් අටුවා/ටීකා සම්ප්‍රදාය නිසා . ඕනෑතරම් අපේ අය ඉන්නවා ඉදිරියට එන ස්වාමීන් වහන්සේලාට පහර දෙන්න. 

අවසාන වශයෙන් අපේ ඒ විශිෂ්ඨ මහාචාර්‍යතුමා නැවත මතක් කරන්න කැමතියි එතුමා එඩිතරව කීවේ “ අද ලංකාවේ මුල්බැස තිබෙන්නේ බුද්ධගෝෂ දහම මිසක් බුදුදහම නොවේ ” කියල. එතුමාට අප නිදුක් නිරෝගී බව පතනවා මේ අවස්ථාවේ දී. ඔබතුමාට බුද්ධ වචනය රකින්න තවත් ශක්තිය ලැබේවා.  

ඉදිරියේ දී අටුවා සම්ප්‍රදාය තුල අර්ථ විකෘති වූ බුද්ධ වචනය තවත් පෙන්වා දීමට බලාපොරොත්තු වෙමු.

මේ ලිපිය කියවන අපේ බෞද්ධයන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරමු. ඔබ සොයාගත් යම් බුද්ධ වචනයට හානිවූ, අර්ථ විකෘති වූ විග්‍රහයන් මෙම ලිපියේ comment කොටසේ සදහන් කරන මෙන් ඉල්ලා සිටිමු.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21541

Leave a Reply