Nama-Rupa & Vinnana (04) – Ven Katukurunde Ñāṇananda Thero

Nama_Rupa_Vignanaනාම-රූපය සහ විඥ්ඥාණය පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

‘‘අන්‌තො ජටා බහි ජටා, ජටාය ජටිතා පජා; තං තං ගොතම පුච්‌ඡාමි, කො ඉමං විජටයෙ ජට’’න්‌ති.

‘‘සීලෙ පතිට්‌ඨාය නරො සපඤ්‌ඤො, චිත්‌තං පඤ්‌ඤඤ්‌ච භාවයං; ආතාපී නිපකො භික්‌ඛු, සො ඉමං විජටයෙ ජටං.

‘‘යෙසං රාගො ච දොසො ච, අවිජ්‌ජා ච විරාජිතා; ඛීණාසවා අරහන්‌තො, තෙසං විජටිතා ජටා.
‘‘යත්‌ථ නාමඤ්‌ච රූපඤ්‌ච, අසෙසං උපරුජ්‌ඣති; පටිඝං රූපසඤ්‌ඤා ච, එත්‌ථෙසා ඡිජ්‌ජතෙ  ජටා’’.

ඉහත ගාථා දකින්න ලැබෙන්නේ සංයුත්‌තනිකාය-සගාථාවග්‌ගපාළි-1. දෙවතාසංයුත්‌තං , 3. ජටාසුත්‌තං 

සූත්‍රය පාළියෙන් සහ ආසන්න වශයෙන් සිංහල තේරුම කියවීමට

එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නය තමා පලවෙනි ගාථාවෙන් දක්වන්නේ, ඊලග ගාථා තුනේ තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ දුන් පිලිතුරුයි. ” ප්‍රඥ්ඥාවන්ත වූ මනුෂ්‍යයා…….මෙසේ විග්‍රහ කරමින් අවසාන ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ වඳාළ සේක. යම් තැනක නාමයත්, රූපයත් – පටිඝයත්, රූප සංඥාවත් සම්පූණයෙන්ම වලකවා ගනු ලැබේ ද, මෙතනයි ඒ ජටාව සිඳිනු ලබන්නේ. ඔන්න එතකොට ගාථාවල සාමාන්‍ය අර්ථය. ඉතින් මේ ගාථා හතර අතුරින් මුල් ගාථ දෙක බොහෝ දෙනා දන්නවා ඇති මොකද විශුද්ධි මාර්ගයේ ඒ බුද්ධගෝස අටුවාචාරීන් වහන්සේ  විශුද්ධි මාර්ගට පාදක කරගෙන තිබෙන්නේ මේ මුල් ගාථා දෙකයි. නමුත් අපට පේන හැටියට, අන්තිම ගාථාව තමයි වැදගත්ම, ගැඹුරුම ගාථාව,  අපි පසුගිය දේශනාවේ දී මහානිධාන සූත්‍රය ආශ්‍රයෙන් පැහැදිලි කළා, නාමයෙන් කෙරෙන හැදින්වීම තුලින් රූපයට අධිවචනසම්පස්සියක් සැලසෙන බවත්, රූපයෙන් ලැබෙන ගැටීම තුලින්, නාමයට පටිඝසම්පස්සියක් ලැබෙන බවත්, මේ දෙක එකතු වෙලයි ස්පර්ශය හැදෙන්නේ කියා.  කොටින්ම ඒ නාමයත්, රූපයත් අතර ඒවාට අදාල නිමිති ලක්ෂණ වලින් වෙලුමක් වගේ බැඳිලා තිබෙනවා ඕක තමයි අපට පේන විදිහට  “අන්‌තො ජටා ව”. ඊලගට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා නාමරූපයත්, විඥ්ඥායත් අන්යෝන්‍ය වශයෙන් වෙලිළා පවතින වා   ඕක තමයි   “බහි ජටා  ව”

නමුත් අප මෙහෙම තේරුවට බුද්ධගෝස අටුවාචාරින් වහන්සේ සංයුත්‌තනිකායේ ජටා සූත්‍රයට අටුවාව දෙන්නේ මෙහෙමයි. උන්වහන්සේ කියන්නේ ජටාව කියන්නේ තන්හාව, ” අන්‌තො ජටාව” කියන්නේ තමන්ගේ පරිශ්කාර වලට තියෙන තන්හාව, “බහි ජටාව” කියන්නේ අනුන්ගේ පරිශ්කාර වලට තියෙන තන්හාව කියා. තවත් විදිහකට තෝරනවා තමන්ගේ ආත්මභාවය මේ ශරීරය, මේ ශරීරයට තියෙන ඇල්ම තමා අන්තො ජටා ව, අනුන්ගේ ශරීර වලට තියෙන ඇල්ම, අනුන්ගේ ආත්මභාව වලට තියෙන ඇල්ම තමයි බහි ජටා ව. තවත් තේරුමක් දෙනවා, ආධ්‍යාත්මික ආයතන හය එනම් ඇස,කන,නාසය,දිව,කය,මන කියන හයේ අන්තො ජටා ව, බහි ජටා ව යනු ඒවාට තියෙන අරමුණු, රූප,ශබ්ධ,ඝන්ධ,රස,කොට්ඨබ්බ,ධම්ම ඔන්න ජටා ව තෝරන හැටි බුධගෝස හාමුදුරුවෝ. ඉන් පස්සේ නාමය තෝරන්නේ වේදනා, සංඥ්ඥා,සංස්කාර,විඥ්ඥාණ කියන හතර ස්කන්ධය කියා

නාමය කියන්නේ කිසි සේත් එතනට විඥ්ඥාණය අයිති නැහැ. පසුගිය දේශනාවේ දී (185) ඇගිලි ගනින්නට සලස්වා බුද්ධ වචනය හිතට කා වැද්දුවා, නාමයට කිසිසේත් විඥ්ඥාණය අයත් වන්නේ නැහැ, නාමය කියන්නේ වේදනා, සංඥ්ඥා, චේතනා, පස්ස,මනසිකාර කියන ධර්ම පහ බව. 

බලන්න අටුවා සම්ප්‍රදාය තුල කවුරුත් කියන්නේ, නාමය කියලා කියන්නේ අර ස්කන්ධ හතර කියා. එය එහෙම් පිටිම්ම වැරදියි. විඥ්ඥාණය කිසිසේත් නාමයට ඇතුල් කරන්න බැහැ. 

ඔන්න ඊලගට “පටිඝං රූප සංඥ්ඥා” කියන එක තෝරන්නේ අටුවාචාරීන් වහන්සේ මෙහෙමයි…..………..

.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14537

Leave a Reply