පංචසීලයවත් ආරක්ෂා කර ආනිසංස ලබා ගන්න

විශේෂයෙන් අපේ ශ්‍රී ලාංකික, බුද්ධ වචනය එහාට මෙහාට තමාට ඕනේ විදිහට භාවිතා කරන අයට, ගිරව් වගේ ඔහේ ධර්ම කරුණක් ගෙන දිගට හරහට අටුවා ලියන අයට, බෞද්ධයන් කියන්න බැහැ. බෞද්ධ වන්න අඩුතරමේ පංචසීලයවත් ආරක්ෂා කරන අය වෙන්න එපැයි. යම් බුද්ධ වචනයක් විග්‍රහ කරනවා නම් එය ගත්තේ බුද්ධ වචනයේ කොතනින් ද කියා පෙන්වා දීම වටිනවා. එය තමන්ගේ යුතුකමක් වගේම තමාගේ වගකීමක්. නැත්නම් තමන් බුද්ධ වචනය වෙනස් කිරීමේ පාප කර්මයට හසුවෙන වා.

අද බලන්න මූණුපොතේ තියෙන්නෙම තම තමාට ගැලපෙන විදහට බුද්ධ වචනය වෙනස් කර හදගත් විලම්බීත. එය බුද්ධ වචනය සපුරා වෙනස් කිරීමක්. අපේ ස්වාමින් වහන්සේලා එදා ඔවුන් කුමන දහම් කරුණක් පෙන්වූවත් ඒවාට අදාල ත්‍රිපිටක පරිච්ඡේද සදහන් කරන්න අමතක කලේ නැහැ. මොකද අවසානයට එම විග්‍රහයන් ත්‍රිපිටක ධර්මයන් ට අනුව, තීරණ තීන්දු ගතයුතු නිසා ඒවා කියවන, අසන අය.

නමුත් අපේ ගොයියන් හරිම දක්ෂයි තමා දන්නවා කියා පෙන්වන්න. නමුත් ඔවුන්නට ඇත්තෙ දැනුම මිසක් අවබෝධයක් නොවේ. එක අවස්ථාවක මම ගිරවියෙක්ගෙන් සහ ගිරව් කීප දෙනෙක්ගෙන් ඇසුවා මුසාවාදයක් නො කියා කියන්න. ඔබලා පන්සිල් රැකින අය ද කියලා මෙතරම් ධර්ම දැනුමක් කථා කරන. මේ අයගෙන් මා හට පිලිතුරක් ලැබුනේ නැහැ. එසේ නම් පන්සිල්වත් නො රැක මේ ගිරව් වගේ ලියන්නේ, කියන්නේ බුදුහාමුදුරුවන්ටත් වඩා ධර්ම දැනුමක් තියෙනවා වගේ ඉන්න අය ලග පංසිල්වත් නැද්ද? තම තමා ස්වයං විග්‍රහය යෙදන්න අවස්ථාව දැන් පැමිණ ඇත. 

අප සමහර ගිරවියන්/ගිරවුන්ට ඔවුන් මතුපිටෙන් පමනක් විදහා දක්වන ධර්ම කරුණු වලට අදාල සූත්‍ර පෙන් වා දුන් විටද ඔවුනට කේන් ති යනවා. ඒවට ඔවුන් කැමති නැහැ. බුද්ධ වචනය නිසා වැඩිය යමක් කියන්නත් බයයි ඔවුන්. නමුත් ඔවුනට අනුව, ඔවුනට ගැලපෙන දහම බුද්ධ වචනයේ නැති බව තමා පෙනෙන්න තිබෙන්නේ. 

අවසාන වශයෙන් අද ශ්‍රී ලංකාවේ පිරිසිදු වූ බුද්ධ වචනය තිබේ ද? එසේම නැත්නම් අද ඇත්තේ බුද්ධගෝෂ හිමියන්ගේ සදොස් වලින් පරිපූර්ණ දහමක් නොවූ යම් යම් ප්‍රපංච ඇති ඉගැන්වීම ද කියා තම තමන් ම ස්වයං විග්‍රහයක යෙදුනේ නම් සොයා ගත හැකිය.

අද අපට සමහර පංසල් වලින් පවා ඇසෙන්නේ බුද්ධ වචනයට හාත්පසින් ම වෙනස් වූ ගායනා ස්වරූපයෙන් එන බුදුබණ නොවූ කවිබණ ය. බලන්න මේ වෙන පරිහානිය.

දැන් මිනිස්සු යන්නේ ගැල්බැදගෙන කප් රුක් පූජා http://www.dhammikaweb.com/?p=20653, මහා මල් පූජා, කරන්න. මේ හැම දෙයකින් සෙතක් සැලසෙන්නේ අඩු වශයෙන් පංසිල් වත් රකින අයට බවවත් මේ ගැල්පුරවාගෙන යන නඩේ අය දන්නවද දන්නේ නැහැ. නඩේ ගුරාවත් මේ සිල් රකින අය ද? නැවතී. සිතන්න වටිනවා. 

අඹුදරුවන් රකිමින් ගිහි ගෙයි ඉන්නා උපාසක උපාසිකාවන් විසින් රැකිය යුතු නිත්‍ය ශීලය කිමෙක් ද? වැරදි පහෙන් වැලකීම ය. http://www.dhammikaweb.com/?p=19597

බුදුරජානණ් වහන්සේ පරිනිර්වාණයට ආසන්න කාලයේ දී පාඨලීපුත්‍ර නගරයට වැඩිය අවස්ථාවේ පාඨලීපුත්‍ර වැසියන්ට පංච සීලය නොරැකීමේ ආදීනව පහක් සහ පංච සීලය රැකීමේ දී ලැබෙන ආනිසංස පහක් විස්තර කරමින් සීලය නොරැකීම නිසා ධනයෙන් පිරිහෙන අතර අපකීර්තියටත් පත්වේ, සීලය නොරකින්නා බියගුලු කෙනෙක් ද, ගුණමකු කෙනෙක් ද, මරණාසන්න මොහොතේ දී සිහිමුලා වූවෙකු වී, මරනිණ් මතු අපාගත වන බවත් දේශනා කොට වදාළ සේක. සීලය රකින්නා ධනවත් වන බවත්, සීලවන්තයාගේ ගුණ දසත පැතිරෙන අතරේ මරණාසන්න මොහොතේ දී මනා සිහිනුවණින් යුක්ත වේ, අවසානයේ මරණින් මතු සුගතියේ ඉපදේhttp://www.dhammikaweb.com/?p=9495

අද සමාජයේ කීදෙනෙක් පන්සිල් රැක්කොත් මෙහෙම ප්‍රතිලාභ පහක්(5) ලැබෙනවා කියා දන්නවා ද?????  …ඔබට මිලමුදල්, යානවාහන,ගේදොර,ඉඩකඩම් භුක්ති විදින්න ඕනේ ද? පසුව සුවසේ මැරෙන්න, මැරුනට පසුව දිව්‍යලෝකයේ නැත්නම් මනුස්ස ලෝකේ සැප ඇතිව ඉපදෙන්න ඕනේ ද?.මේ දේශනාව හොදින් අවබෝධයෙන් අසන්න. එවිට ඔබට ඒ ප්‍රතිලාභ පහ දැනගත හැකිය. http://www.dhammikaweb.com/?p=1100

 

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21035

3 comments

    • Anura on September 9, 2018 at 2:08 am
    • Reply

    Pansil gena kiyana suttraya kiyanna

    1. පංසිල් රැකීමෙන් ලැබුණු ආනිසංස වලට උදාහරනයක්:-
      පඤ්චසීල සමාදානිය ස්ථවිරාවදානය ( ත්‍රිපිටකය -> සූත්‍ර පිටකය -> ඛුද්‌දක නිකාය -> අපදාන පාලි – භික්ඛූ අපදාන 1 -> 3. සුභූති වර්ගය )
      951. අනවමදර්ශී බුදුරජානන් වහන්සේගේ නිසභ නම් ශ්‍රාවකයෙක් වී ය. මම උන්වහන්සේ වෙත එළඹ පඤ්චශික්‍ෂාපද (=පන්සිල්) ගතිමි.
      952. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයුෂ විද්‍යමාන වේ. එපමණ කලක් සම්පූර්‍ණ වූ පන්සිල් රැකීමි.
      953. මැරෙණ කල පැමිණි කල්හි දෙවියෝ මා අස්වසත්. (කෙසේද? යත්:) “නිදුකානෙනි, ඔබට මේ දහසක් අසුන් යෙදූ (දිව්‍ය) රථය එළඹ සිටියේ යˮ (කියායි.)
      954. අන්තිම සිත (=චුතිචිත්තය) පවත්නාකල්හි මාගේ (පඤ්ච) සීලය සිහි කෙළෙමි. මැනැවින් කරණ ලද (ඒ කුශල) කර්‍මය හෙතු කොට ගෙණ මම තව්තිසාදෙව්ලොවට ගියෙමි.
      955. ශක්‍රදෙවෙන්ද්‍රව තිස්වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. අප්සරාවන් විසින් පිරිවරණ ලදු ව දිවසුව අනුභව කෙළෙමි.
      956. මම පන්සැත්තෑවරක් සක්විති රජ වීමි. (ලබනලද) මහත් වූ ප්‍රදෙශරාජ්‍යය ගණන් වශයෙන් (මෙපමණ ය යි) කිය නො හැකිය.
      957. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් චුත ව වෛශාලී නගරයෙහි අතිශයින් ආඪ්‍ය වූ මහාසාරකුලයෙහි උපන්නෙමි.
      958. බුදුසසුන බබළද්දී වස් එළඹෙන කාලයෙහි මාගේ මවු තොමෝ ද පිය තෙමේ ද පඤ්චශික්‍ෂාපද (පන්සිල්) ගත්තාහු ය…… පඤ්චසීල සමාදානිය ස්ථවිරාවදානය

    2. 10. පඤ්චසීලසුත්තං ( ත්‍රිපිටකය -> සූත්‍ර පිටකය -> සංයුත්‌ත නිකාය -> සළායතන වර්ගය -> 3. මාතුගාම සංයුක්තය -> 2. අනුරුද්ධ වර්ගය )
      303
      ‘‘පඤ්චහි, අනුරුද්ධ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. කතමෙහි පඤ්චහි? පාණාතිපාතා පටිවිරතො ච හොති, අදින්නාදානා පටිවිරතො ච හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො ච හොති, මුසාවාදා පටිවිරතො ච හොති, සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා පටිවිරතො ච හොති – ඉමෙහි ඛො, අනුරුද්ධ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතී’’ති. දසමං.
      303
      “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී. කවර ධර්ම පසකින්ද යත්, සතුන් මැරීමෙන් වැළකුනී වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුනී වෙයිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනී වෙයිද, බොරු කීමෙන් වැළකුනී වෙයිද, මදයට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර බීමෙන් වැළකුනී වෙයිද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදීයයි” වදාළසේක.

Leave a Reply