KAVI BANA බුදුබණ වෙනුවට, කොඩිවිනයක් වීගෙන යන කවිබණ නොහොත් පරිහානියක ඇරඹුම

කොඩිවිනයක් වීගෙන යන බුදුබණ නො වන කවිබණ !

බුදුබණ වෙනුවට දැන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තාලෙට ගායනා කරන බණ නොවූ කවි!!!

ඇත්තෙන්ම මේ කවිවලට කව්බණ කීම ම වැරදියි. පංසල් වලින් ඇසිය යුත්තේ බුදුරජාණන්ගේ ධර්මය මිසක් තාලෙට ගායනා කරන කවි නො වේ. අපේ පංසල්වල ස්වාමින් වහන්සේලා, ගිහිසභා නො දැන සිටියා ද මේ ගායනා කිරීම් ගැනත් ඒවා වැරදිබව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

ඛුද්‌දකවත්‌ථූනි 5.  ඛුද්දකවත්ථුක්ඛන්ධකං , චූළවග්ගපාළි – විනයපිටකය. 

මහණෙනි, දික් වූ ගීහඬින් දහම් නො ගැයිය යුතු. යමෙක් ගයන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ “යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක… 

ඉතින් ඉහත බුද්ධ වචනයට අනුව ද? අද බොහෝමයක් පංසල් වල පිංකම් කෙරෙන්නේ?? මේ පරිහානිය, බුද්ධ වචනයට වෙන විනාශය වහාම පංසල් වලින් මුලින් උපුටා දැම්මේ නැත්නම් ඉක්මනින්, මතක තියාගන්න ඉදිරියේ පංසල් වලත් සංගීත සංදර්ශන, බාල් නැටුම්, දැන් ලංකාවේ ජනප්‍රියම රංගන වල හෙලුවෙන් නැටීම් , සීසන් 1, සීසන් 2 එහෙමත් තියන්න අවසර ලැබෙයි. කොහොමත් දැන් season කථාව ශ්‍රී ලංකාවේ බුදුදහම තුලට කුන්ඩලණී උදවිය ගෙනත් නේ තියෙන්නේ.

අපේ සංඝයා වහන්සේලා මේ ගැනත් හිතන්න කාලය ඇවිත් තිබෙන්නේ දැන්. ඔබවහන්සේලා ඔය පංසල් හැදුවට, අන්තිමට ඔබවහන්සේලාට මේ පංසල් නැතිවෙන කාලයත් මේ අනුව වැඩි ඈතක නොවේ.

දැන් පංසල් බොහෝමයකින් ඇසෙන්නේ බුදු බණ නොව කවි. හැම පන්සලකම වගේ මිනිස්සුන්ව  පංසිල් සමාදන් කරවනවා නමුත් ඒ පංසිල් රකින හැටි රැකීමෙන් ලැබෙන ආනිසංස පෙන්වා දෙන එක හරිම විරලයි. පේන විදිහට අද බොහෝමයක් පංසල් වල පෙන් වා දෙන්නේ බුදුබණ නොව, පුදුම පරිහානියක් මේ සාසනයට ගෙන දෙන්නේ. 

දුෂ්සීල ගිහියන්ගේ  ඉල්ලුමට සැපයුම දීමයි අද බොහෝමයක් පංසල් වලින් කරන්නේ. හැම පන්සලක්ම නොවේ. මේවා දකිනකොට තම තමා දැනගන්න ඕනේ තමන්ගේ පංසලේ ක්‍රියා පටිපාටිය. මොකද මේක බුද්ධ සාසනය, බුදුරජාණන් වහන්සේගේ සාසනය.  එය රැකීමයි කළ යුත්තේ ගිහිපැවිදි සියල්ලෝම
සෝම හාමුදුරුවන්ගෙන් පසු මේ පංසිල් ඉදිරියට ගෙන දේශනා කරන බණ, පංසිල් රැකීමේ ආනිසංස පැත්ත දේශනා කරන වා බොහෝම අඩුයි අපේ පංසල් වල, අපට මෙසේ ද සිතෙන වා. මොකද අද බොහෝමයක් චංඩාල උපාසක උපාසික උදවිය පංසල් ආවාට පන්සිල් රකින අය හොයා ගන්න අමාරුයි නේ. මේ පංසිල් ගැන දේශනා කලොත් මේ උපාසක/උපාසිකා පංසල් හතර මායිමට එන්නේ නැතිවෙයි කියලා  බය හිතෙනව ද කියලා අපි අසනවා.
දැන්, දැන්  කවිබණ මණ්ඩපත් හදාගෙන, කවිපති, සාස්ත්‍රපති පට්ටන් හදාගෙන, යුගාසන කවිබණ, අලුත් පට්ටන් වන කවිබණ හාමුදුරුවෝ, මොනව ද මේ කරන්නේ? තමා විසින් තමන්ගේ බෙල්ල නේ ද කපන්න හදන්නේ?. 
මේක දැන් මුදල් හම්බ කරන ව්‍යාපරයක් වෙලා හමාරයි. චීවර පොරවාගත් වෙළදුන් දැන් බිහිවිගෙන යනවා. හොද කටහඩක් තිබේ ද, හොද ගායන හැකියාවක් තිබේ ද, කෙලින්ම සංයුක්ත තැටියක් කලා වෙළද පොලට දැම්ම සල්ලි හම්බ කරන්න. බුදුහාමුදුරුවන් එදා  10. මණිචූළකසුත්‌තං, 8. ගාමණිසංයුත්‌තං , සළායතනවග්‌ගපාළි, සගාථාවග්‌ගපාළි – සංයුත්‌තනිකාය සූත්‍රයෙන් (…ගාමණිය, ශ්‍රමණශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු අකැපය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු පිළිනොගනිත්….  පෙන්වා දුන් සංඝයා වහන්සේට අකැප මුදල් මේ හම්බ කරන්න යන්නේ කවුරුන් වෙනුවෙන් ද? බුදුවදනට පයින් ගසා. සිතන්න මොහොතක්.
අප මේ මොහොතේ අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි සහ අනගාරික ධර්මපාල තුමා අතර හමුවීමේ දී සංගයාවහන්සේ සහ මුදල් පරිහරනයමාතෘකාව යටතේ ඇතුවූ සංවාදයක් මතුකිරීම මේ අවස්ථාවට ගැලපෙයි කියා සිතුවෙමු.  

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21052

Leave a Reply