මේ අලුත් අවුරුද්දේ සිතන්න යමක් ! 2018-04-14

අලුත් අවුරුද්ද – මේ කාලය අපට භවබෝග, අස්වැන්න ලැබීම සිදුවන කාලය. ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වයෙන් ගොවිතැනේ අස්වැන්න ලැබෙන්නේ මේ කාලයේ. වී ගෙට අරගෙන බුදුන්ට, දෙවියන්ට පූජා කරලා මුලින් ම අපේ පරිභෝජනයට ගැනීම සිදුවන්නේ මේ කාලයේ. අපේ අවුරුදු උත්සවයේ පිළිබිඹු වන්නේ එයයි. – අවුරුදු දවසේ සිතන්න වටිනා දෙයක් තියෙන වා, බලන්න පසුපස හැරී ඔබ අද අවුරුදු සමරන්නේ බැංකුවෙන් ණයක් අරගෙන ද? නැත්නම් කාට හෝ ණය වෙලා ද? ඔබගේ අටුකොටු පිරී තිබෙන්නේ ඔබගේ ගෙවත්තේ නැත්නම් ගොවිපොලේ බවභෝග වලින් ද? එය එසේ නම් අද දුක් නොවී ඊලග අවුරුද්දේ අවුරුදු සමරන්න අද සිට තමන්ගේ ගෙවත්තෙන්, අතහැර දමා තිබෙන පොඩි ඉඩම් කැබැල්ලේ හැකි අයුරින් කෘෂිකර්මාන්තය පටන් ගන්න අදිටන් කරගන්න මේ අවුරුදු දිනයේ දී.

මෙය තමතමන්ගේ ගෙවත්තෙන් පටන් ගැනීම තමාගේ පසුම්බියට සහනක් ගෙනදෙයි. රටේ නායකයින් ලබාදෙන සහනයක් ගැන ඔබට විශ්වාසයක් තිබේ ද තවත්? අපේ රටට අද වෙලා තියෙන නස්පැත්තිය තමා රටේ තීරණ තීන්දු ගන්නා තැන් වල සිටිනා රටට නිවැරදි නායකත්වයක් දෙන්න නො හැකි, මේ රට කෘෂිකාර්මික රටක් බව නොදත් අය විසින් පාලනය වීමයි. මේ අය එදා සුද්දා හදුනාගත් දෙය වත් නො දන්නා අය වීමයි. බලන්න අද පිටරට පටවන තේ කොලත් හැදුවේ සුද්දා. අපේ දේශීය කෘෂිකර්මාන්තය කොහේ ද අද තියෙන්නේ. අන්තිමට අපේ ගොවියනුත් අතරමං කර පොහොර සහනාධාර වලට පෙලපාලි යන තත්වයට සහ දිවිනසා ගන්නා තත්වයකට ඇද දැමුවේ ද එදා සිට අද වනතෙක් පත්වුනු නායකයින් වීම කනගාටුවට කාරණයක්. දියුණු ලෝකයේ නායකයින් බයිසිකලයෙන්, කෝච්චියෙන් ගමන් යන විට අපේ නායකයින් ගියේ මේ දියුණු රටවල සාදා නිම කල වෙඩි නො වදිනා බෙන්ස් රථයෙන්, බලන්න අපේ රට ඇද වැටී ඇති තැන.

කෘෂිකාර්මික රටක් වන අපේ රටේ සංස්කෘතිය ගොඩනැඟෙන්නේද කෘෂිකර්මාන්තය පදනම් කරගනිමිනි. එපමණක්ද නොව රටේ පුරාණ තාක්ෂණය ගොඩ නැඟෙන්නේද කෘෂිකර්මාන්තය පදනම් කරගනිමිනි.

අපේ පැරණි මුතුන්මිත්තන් ස්වකීය ජීවන රටාව හා සංස්කෘතිය සමග විද්‍යාව හා තාක්ෂණය යොදා ගත්තේ එසේය. එය මහා සාගරයක් මෙන් ගැඹුරුය. එහෙත් සුළං රොදක් මෙන් සරලය. සැහැල්ලුය. සොබාදහම සමග බද්ධය. මිනිසා මහ පොළොවට ආදරය කරන්නේ නම් පවත්වාගත යුත්තේද එවන් වූ විද්‍යාවක්ය. තාක්ෂණයක්ය.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ දී නව වසර උදාවෙයි. එයින් අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුවහන් කිරීම ද සිදු කෙරේ.

බලන්න මේ පින්තූරු දෙස නොයෙකුත් රටවල සහ සමහර අපේ රටේ ඇත්තන් පවා මෙලෙස ගෙවතු වගාකරගෙන තිබෙන සුන්දරත්වය. අප දැක තිබෙන වා අපේ රටෙන් යන අපේම අය ඔවුනගේ වගාකල හැකි ඉඩම අතහැර පිටරටවල ( ඉතාලිය ඇතුලු යුරෝපීය රටවල )ගොවිපලවල් වල කම්කරු වැඩ කරනවා දුක් විදිමින්. සිතන්න වටින වා මේ වෙලා තියෙන නස්පැත්තිය. ඇස් නො පෙනෙන, කන් ඇසෙන්නේ නැති නායකයන් පස්සේ දුවලා පෙලපාලි ගිහිල්ලා වෙන සෙතක් නො මැත. අපට කරන්නට යමක් තියෙන විට.

ඔබත් මේ අවුරුදු දවසේ වෙනස් වෙන්න අදිටන් කර, තමන්ගේ ගෙවත්තෙන් නැකතට වැඩ ආරම්භ කරන්න. මේ මහපොලොවත් එක්ක වැඩ ඇල්ලීමෙන් කවරදාවත් වරදින්නේ නැහැ. ඔබ ආර්ථික වාසි ලබා ගන්නා අතරේ පරිසර හිතකාමියෙක් ද වෙන වා ඇත. වසවිස ආහාර නො ගන්න නිසා නිරෝගී දිවිපෙවෙතකට ඔබ සහ පවුලේ සැම උරුමකම් කියනු ඇත. අද අද දියුණු ලෝකය දෙස බලන්න ඔවුන් අදටත් පුංචි හෝ ගෙවත්තකට හිමිකම් කියති. ඔවුන් සීත කාලෙන් කොපමන මේ භෝග ආරක්ෂා කරගත යුතු ද? අප 365 දවසේ ඕනෙම දෙයක් වගා කළ හැකි පරිසරයකට හිමිකම් ලද්දෝ වුවත් අද අලස වී ඇත. මෙය වෙනස් කර ගත යුතුම ය.

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21088

Leave a Reply