පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි
බුදුරජානණ් වහන්සේ පරිනිර්වාණයට ආසන්න කාලයේ දී පාඨලීපුත්‍ර නගරයට වැඩිය අවස්ථාවේ පාඨලීපුත්‍ර වැසියන්ට පංච සීලය නොරැකීමේ ආදීනව පහක් සහ පංච සීලය රැකීමේ දී ලැබෙන ආනිසංස පහක් විස්තර කරමින් සීලය නොරැකීම නිසා ධනයෙන් පිරිහෙන අතර අපකීර්තියටත් පත්වේ, සීලය නොරකින්නා බියගුලු කෙනෙක් ද, ගුණමකු කෙනෙක් ද, මරණාසන්න මොහොතේ දී සිහිමුලා වූවෙකු වී, මරනිණ් මතු අපාගත වන බවත් දේශනා කොට වදාළ සේක. සීලය රකින්නා ධනවත් වන බවත්, සීලවන්තයාගේ ගුණ දසත පැතිරෙන අතරේ මරණාසන්න මොහොතේ දී මනා සිහිනුවණින් යුක්ත වේ, අවසානයේ මරණින් මතු සුගතියේ ඉපදේ.
ඉන්පසු බුදුරජානණ් වහන්සේ කෝටික්ග්‍රාමය ට වැඩම කොට එහි දී සත්‍ය සතර හෙවත් චතුරාර්‍ය සත්‍ය ධර්මය ගැඹුරින් විස්තර කරමින් දෙසූ ඒ අගනා දීර්ඝ ධර්ම දේශනය නා උයනේ මහනාහිමි මනාව පැහැදිලි කරමින් එම දේශනාවෙන් බුදුරජානණ් වහන්සේගේ පරමාර්ථය කුමක්ද? යන්න මතු කරමින් බුදුරජානණ් වහන්සේගේ පරමාර්ථය වූ ලෝක සත්වයා, දාන, සීල, භාවනා තුලින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ තුන මැනවින් අවබෝධ කරගෙන නිත්‍ය, සුඛ, පරමත්ථ කියන නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම් වශයෙන් චතුරර්‍ය සත්‍ය අවබෝධ කර ගනිත් වා! යන අදහසින් තමයි ලොවට ධර්ම දේශනා කොට වදාළේ .
එසේ නම් මේ පංච ස්කන්ධ යේ ඇති චිත්තය, චයිතිසික, රූපය යන කොටස් තුන ගැන අප හැම අවබෝධ කරගෙන සිටීමේ ඇති වැදගත්කම මෙම දේශනාවෙන් මොනවට පැහැදිලි වේ.
[youtube]MS74hsin-bI[/youtube]
3 comments
sanga bedhaya kiyanne ekama winaya seemawa thula wena wenama pohoya karma kireemai..gihiyekuta ho saamnare pewiddekuta sanga bedhaya sidu kala noheki.upasampadha bikshuwakata pamanak kala heki.theruwan sarnai!na -uyane swameen wahnse FB noena bewin unwahnse wenuwen pilithurak dunnemi
ethakota pancil gana mata kiyala denne nadda ? mama thripitakaye aragena baladdi sanga bedaya gana thiyena thanak hamuna . eka mama liyannam .
ok.ei me deshnawa a gena neda?theruwan sarnai1