Bodhu Gihi Piliwetha – Ven Balangoda Ananda Maitreya Thero

pansil‘බොදු ගිහි පිළිවෙත’ – පූජ්‍ය  බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමි

මෙහි ‘ගිහි පිළිවෙත’ යනු බෞද්ධ ගිහි අය විසින් පිළිපැදිය යුතු හැටිය යි. බුදුරජාණන් වහන්සේ ගේ ධරමාන කාලයෙහි අද ව්‍යවහාරයෙහි පවතින ‘බෞද්ධ’ යන නම තිබුනේ නැත.

මේ නම ව්‍යවහාරයට ආවේ බුදුපිරිනිවනින් සියවස් දෙකකටත් පසුවයි……..

පළමු කොට ‘බෞද්ධයා’ හෙවත් ‘උපාසකයා’ නම් කවරේ ද? යි දත යුතු යි. දවසෙක මහානාම ශාක්‍ය රජුට දහම් දෙසන භාග්‍යවතුන් වහන්සේ උපාසක ධර්ම විස්තර කළ සේක…...

දුශ්ශීල වීම තෙරුවන් කෙරෙන් ඈති වීම ය. සත්ව හිංසා, අන් සතු දැ සොරා ගැනීම, කාමමිථ්‍යාචාර ආදී දුසිරිත් කිරීම , එයට අනුබල දීම තෙරුවන් දෙසට යාම නොව, තෙරුවන් ගෙන් ඈත් වීම ය. සිල්වත් වීම තෙරුවනට ළං වීම ය. භාවනා වැඩීමෙන් තෙරුවනට වඩාත් ළං වෙයි. 

මෙකී පරිදි අඹුදරුවන් රකිමින් ගිහි ගෙයි ඉන්නා උපාසක උපාසිකාවන් විසින් රැකිය යුතු නිත්‍ය ශීලය කිමෙක් ද? වැරදි පහෙන් වැලකීම ය.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=19597

Leave a Reply