Musawaadaya – Dasha Akusal (4-10) – Ven Rerukane Chandawimala Thero

never-lieඅකුසලයේ – (4 – 10) මුසාවාදය

තිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් දශ  අකුසලයේ සතරවන අකුසළය වන මුසාවාදය ගැන පලකර කොටසින් . (පිටු අංක 67 සිට 69) පිටපත්කර ඉදිරිපත් කරනලදී.  ඉතිරි අකුසල ධර්මය කොටස් වශයෙන් ඉදිරි සති වලදී පලකෙරෙණු ඇත.

ඔබට දැඩි අවශ්‍යතාවයක් ඇති නම් මේ මොහොතේ සිටම ඔබට මුසාවෙන් මිදී සත්‍ය වචනයම කතා කිරීමේ හැකියාවක් ඇත. ඊට අවශ්‍ය වන්නේ ඔබ කථා කරන වචනය පිළිබඳ දැඩි අවධානයකින් සිටීමයි. සත්‍ය වචනය කතා කිරීමට නොව ඔබට පුරුද්දක් අවශ්‍ය වන්නේ බොරු කීමෙන් වැලකී සිටීමටයි. මක් නිසාද යත් බොරු කීම සමාජයේ බොහෝ දෙනා පුරුද්දක් කරගෙන සිටීම නිසයි.

මුසාවේ ආදීනව දන්නේ නම්, සත්‍යයේ ආනිසංස දන්නේ නම් ඔබ කිසිදා බොරු නොකියනු ඇත. මම බොරු නොකියා සිටීමට මින් පසු උත්සාහ දරමි යන අධිෂ්ඨනය ඇති කර ගැනීම, ඔබගේ ඉදිරි ගමන් මාර්ගයේ තීරණත්මක අධිෂ්ඨානයක් වනු නිසැකය.

බෞද්ධ අබෞද්ධ කවරෙකුට වුව පංච ශීලයට එකඟ විය හැක. එසේම ආගම් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට තම ආගමික ඉගැන්වීම් වලට අනුකූලව පංච ශීලය ආරක්ෂා කල හැක.

පන්සිල් රක්නා කෙනෙකු තමා හා අන්‍යන් යන දෙපක්ෂයට ම යහපත් ආනිසංස රැසක් මෙලොවදීම ලබා දෙයි. අප සාකච්ඡා කරන මුසාවාදයෙන් වැළකී සිටින තැනැත්තා සමාජයේ විශ්වසනීයත්වයට භාජනය වේ. කවර ආගමක් ඇදහුවත් ඔහුට ආගම් වෙනසකින් තොරව විශිෂ්ටයකු විය හැකිය.

ඉහත පිටු කීපය කියවීමට

 

බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. http://www.dhammikaweb.com/?p=1485

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5244

Leave a Reply