Sanghaya Wahanse saha Mudal – Ven Ananda Maitreya Thero & Anagarika Dharmapala Thuma

balangoda_ananda_maitreya_thero-470x303dharmapalaසංගයාවහන්සේ සහ මුදල් පරිහරනය

බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි සහ අනගාරික ධර්මපාල තුමා අතර හමුවීම

අප ශ්‍රී ලංකාව ඇතුලු මුළු මහත් ලෝකයේ බුදුදහමේ උන්නතිය උදෙසා විශිෂ්ඨ සේවාවක් සිදු කළ අපේ රටෙන් පහල වූ වීරවරයන් දෙදෙනෙකු වන බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි සහ අනගාරික ධර්මපාල තුමා අතරේ වර්ෂ 1919 දී ඉතාමත් වටිනා අද කාලයටත්  වලංගු වන කරුණක් වන ක්‍රිස්තියානී ධර්ම ප්‍රචාරයට විරුද්ධව නැගීසිටි ආකාරයන් සහ “සංගයාවහන්සේ සහ මුදල් පරිහරනය”පිළිබදව විචිත්‍රවත් සංවාදයක් දෙදෙනා අතරේ සිදුවී ඇත. මෙම සංවාදය “බුදුබව පතන බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමි” පොතේ පිටු අංක 107 සිට 118 පිටුවල ඇත.

මෙම සංවාදය තුලින් ධර්මපාල තුමාගේ ධම්ම දැනුම සහ ඒ තුලින් තර්ක කිරීමේ විශිෂ්ඨ හැකියාවක් තුබූ කෙනෙකු බව ආනන්ද මෛත්‍රී මහනාහිමි විසින්ම පෙන්වාදී ඇත. ඒ අතරේ එවකට අවුරුදු 23 ක් වයසැති තරුණ වයසේ පසුවූ ආනන්ද මෛත්‍රී  නාහිමි කිසිම විටක මුදල් පරිහරනය නොකළ අතර ධර්මපාල තුමාට දුන් පිලිතුරු විශ්ලේෂනය කිරීමේදී උන්වහන්සේගේ ධම්ම අවබෝධය ඉතා හොදින් අපට වටහා ගත හැකි අතර බුදුරජාණන් වහන්සේ පැනවූ විනය නීති ඒ අයුරුන්ම පිළිපැදි ශ්‍රේෂ්ඨ හිමි නමකි. අද දවසේ දානමාන පිංකම් ආදීයේ යෙදෙන පිංවතුන් මේ ගැන සිහියේ තබාගෙන කටයුතු කිරීමෙන් බුද්ධ වචනය ඒ අයුරින්ම පිලිපැදීමත් එහි ආනිසංස මෙලොව දීම ලබා ඒ පිං නිවන් අවබෝධය පිණිසම හේතු කර ගනිත් වා! 

අද බහුලව බෞද්ධයන් අතරේ කථාබහට ලක්වන්නාවූ මාතෘකාවක් වන්නේ, සමහර සංගයාවහන්සේලා  මුදල් පරිහරණය කිරීම සහ මුදල් ලබා ගැනීම  චෝදනාවයි. එය බුදුරජාණන් වහන්සේ පැන වූ විනය නීතිය උල්ලංගනය කිරීමක්. එමනිසා මෙම ලිපිය මෙලෙස බෞද්ධ ඔබ හමුවේ තැබීම කාලෝචිත යැයි මා සිතුවෙමි.  තීරණය කිරීම ඔබ සතුය. ඔබ සංගයාවහන්සේ කෙනෙක් වුවද,  ගිහියෙක් වුවද  මෙම ලිපිය කියවීමෙන් යම් දැනුමක් ලබා ගත්තේද, එය මේ උතුම්වූ සද්ධර්මයේ ඉදිරි යහපත පිනිස කටයුතු කිරීමට හේතුවේවා.!  

මේ ලිපිය කියවීමෙන් ඔබට පසක් වෙන වා ඇති සංඝයාවහන්සේලා ට මුදල් අකැප බව

 

ඉහත සඳහන් පිටු කීපය කියවීමට/බා ගැනීමට පහත ඇති පිවිසුම් වලට ඇතුළු වන්න.

Download

 

 

සූත්‍ර පිටකයෙන් උදාහරනයක් 10. මණිචූළකසුත්‌තං, 8. ගාමණිසංයුත්‌තං , සළායතනවග්‌ගපාළි, සගාථාවග්‌ගපාළි – සංයුත්‌තනිකාය

…..‘තග්‌ඝ ත්‌වං, ගාමණි, එවං බ්‍යාකරමානො වුත්‌තවාදී චෙව මෙ හොසි, න ච මං අභූතෙන අබ්‌භාචික්‌ඛසි, ධම්‌මස්‌ස චානුධම්‌මං බ්‍යාකරොසි, න ච කොචි සහධම්‌මිකො වාදානුවාදො ගාරය්‌හං ඨානං ආගච්‌ඡති. න හි, ගාමණි, කප්‌පති සමණානං සක්‍යපුත්‌තියානං ජාතරූපරජතං, න සාදියන්‌ති සමණා සක්‍යපුත්‌තියා ජාතරූපරජතං, නප්‌පටිග්‌ගණ්‌හන්‌ති සමණා සක්‍යපුත්‌තියා ජාතරූපරජතං, නික්‌ඛිත්‌තමණිසුවණ්‌ණා සමණා සක්‍යපුත්‌තියා අපෙතජාතරූපරජතා. යස්‌ස ඛො, ගාමණි, ජාතරූපරජතං කප්‌පති, පඤ්‌චපි තස්‌ස කාමගුණා කප්‌පන්‌ති……..

10. මණිචූළකසුත්‌තං – පාළි සහ සිංහල පරිවර්ථනය – බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා

>>12. සත්‌තසතිකක්‌ඛන්‌ධකය – චුල්ලවග්ගපාළිය,  විනය පිටකය ඇවැත්නි, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඒ වෙහෙරෙහි දී ම ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයා ඇරබ රන්රිදී ප්‍රතික්‍ෂේප කළසේක. ශික්ෂාපදයක් ද පැනවූයේක.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=4975

2 comments

  1. Please read Samyutta_Nikaya_Book_4 Page_588 (Mani Chulaka Sutta)

    Theruwan Saranai!

    • janaka on July 8, 2011 at 6:24 am
    • Reply

    Dear sir/Mam
    If you have Sobana Maligawa’s information & imgs pls send me.
    These for article in ” lankadeepa.lk”  web.
    Thanks,
    rgs, 
    Janaka Galappaththi 

Leave a Reply