Abhidharmaye Mulika Karunu- Ven Rerukane Chandawimala Thero

abidarmaye-mulika-karunuභිධර්මයේ මූලික කරුණු

“අභිධර්මයේ මූලික කරුණු” නැමැති මේ පොත අප විසින් සම්පාදනය කරන ලද්දේ මෙයින් ම අභිධර්මය උගෙනීමට නොවේ. පරමාර්ථධර්ම අතිසූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් පොතපත කියවීමෙන් හා ගුරුන් ගෙන් ඇසීමෙන් ද ඒ ධර්මය උගන්නා තැනැත්තන්ට නොයෙක් විට වැරදි හැගීම් ඇති වෙයි. වැරදි හැගීම් ඇතිවීම යයි කියනුයේ පරමාර්ථ ධර්ම වැරදි ලෙස තේරුම් ගැනීමය. මෙකල අභිධර්මය උගෙන ගෙන සිටින අය අතර ද බොහෝ දෙනා ඇතැම් කරුණු වරදවා තේරුම් කරගෙන සිටින බව ඔවුන්ගේ කථා වලින් ද ඇතැම් ලියවිලි වලින් ද අපට පෙනිණ. අපට මේ පොත ලිවීමේ අදහස පහළ වූයේ ද එහෙයිනි.

වැරදි හැගීම් ඇති වීමේ ප්‍රධාන හේතුව වචනවල අවුලය. දැන් තිබෙන පරමාර්ථ ධර්ම දක්වන පොත් සියල්ල ම වාගේ සම්පාදනය වී තිබෙන්නේ වචන ප්‍රධාන කරගෙන ය. වචනය විග්‍රහ කොට වචනයට අනුව ම ධර්මය තේරුම් කරන්නට ඒ ගත් කරුවන් උත්සාහ කර තිබේ.  විග්‍රහ කොට වචනය වර්ණනා කිරීම් වශයෙන් කරන ධර්ම විවරණයෙන් ඒ ඒ ධර්ම තේරුම් ගැනීම අපහසුය. ධර්මය උගනුවන්ට වැරදි හැගීම් ඇති වීමට වචන වර්ණන කිරීම් වශයෙන් ධර්මය දැක්වීම ද එක් හේතුවකී. එබැවින් අප විසින් ඒ ක්‍රමය නොගෙන ධර්මය ම ප්‍රධාන කර ගෙන ධර්ම විවරණය කිරීම වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.

අභිධර්මය උගන්නකුට වඩාම පිරිසිදු දැනුමක් වුවමනා වන්නේ අභිධර්මයේ මෞලික කරුණු ගැනය. එබැවින් ඒ කරුණු ගැන දැනුම පිරිසිදු කර ගැනීමට උපකාර වීමේ අදහසින් ශක්ති පමණින් මේ පොත සම්පාදනය කරන ලදී. අභිධර්මාර්ථ සංග්‍රහය ආදි පොත්වලින් අභිධර්මය උගන්නා වූ ද්, උගත්තා වූ ද, අභිධර්මය උගන්වන්නා වූ ද, කාහටත් මෙයින් මහත් ප්‍රයෝජනයක් වනු ඇතය යනු අපගේ විශ්වාසය ය.

සම්පූර්ණ පොත පහත පිවිසුමෙන් බා ගන්න.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=2137

8 comments

Skip to comment form

    • tharaka on February 10, 2011 at 7:58 am
    • Reply

    pinsidu wewa

    • Menik Hettihewa on March 21, 2011 at 6:15 am
    • Reply

    Jeewithaya loku wenasak karanna udaw karata pin siduwenwa hmuduruwane..
    mewa kochchra amaru wunath egenaganne kota harima asai.. pudumai…

    • Sanjeewa Weeramuni on June 20, 2011 at 10:42 am
    • Reply

    Me potha mama me dinawala kiyawanawa. akka pituwak kiyawala gogak wela hithana thiyenwa. Godak vatina pothak.

    • Dishanthi Jayathilleke on June 24, 2011 at 5:07 am
    • Reply

    I too am reading this book now. A most valuable book. Maybe the most important book I will ever read.  Does anyone know if there is an English translation ?

    • Tharanga on July 2, 2011 at 12:45 pm
    • Reply

    Obta godak pin labewa, specially we are in abroad and not access to this valuale information which u have provided to everyone, so generous.  and may all ur hope will succeed!

    • indivari on September 29, 2011 at 9:37 pm
    • Reply

    Bohoma pin, for all of these valuable books and other information.

    • Priyantha Pijayasinghe on April 1, 2016 at 7:15 am
    • Reply

    මෙය කියවා ලබාගත් අල්පවූ හෝ අවබෝධයට අනේක වාරයක් පින් සිදු වේවා!!

    • damithri on July 12, 2016 at 5:09 pm
    • Reply

    godak pin siduwenawa hamuduruwane…very useful these most valuable information for me. for our university studies…

Leave a Reply