Nirapekshathwaye Maga’s False Dhamma | නිරපේක්ෂත්වයේ මගේ වැරදි දහම

නැවතත් නිරපේක්ෂත්වයේ මගේ පොට වරද්දා ගැනීම සහ බුද්ධ වචනය වෙනස් කිරීම – 

අන්න බලන්න සුපුරුදු පරිදි පුංචි ගණන් පංතියකින් පටන්ගෙන ඇවිත් අවසාන 51 වෙනි තත්පරේ දී පොට වරද්ද ගන්නවා. Video Link බුදුමගෙන් මෙසේ පිට පනින්නේ එය නො දැන ද, එසේත් නැත්නම් අපේ අයට පොඩ්ඩක් පිටකය පෙන්වා සතර දැහැන් පැත්තට අරන් ප්‍රවේශයක් ද මේ ගන්නේ, කියා දන්නේ උන්වහන්සේම පමණී. කෙසේ හෝ වේවා. මේ පිට පැනීම බුදුදහම වෙනස් කිරීමකී. එනම් මුන්නාන්සේ කියනවා ” මේවා එනම් සත්තිස්බෝධිපාක්ෂික ධර්ම වඩන්න සතර දැහැන් වඩන්න ඕනේ කියලා.

බලමු මේ පිට පනින්නේ කෙසේ ද කියා සූත්‍රයක් ගනිමින්.  අපි යමු බුද්ධ වචනය අඩංගු විශේෂ සූත්‍රයක් වන 6. අස්සජි සූත්‍රයට – ,තිබෙන්නේ 9.ථෙර වර්ගය, 1. ඛන්ධක සංයුත්තය, ඛන්ධවග්ගපාළි, සංයුත්ත නිකායේ.   ‘‘කච්චි තෙ, අස්සජි, ඛමනීයං, කච්චි යාපනීයං…පෙ…. පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමො’’ (“අස්සජිය, තොපට ඉවසාගත හැකිද? යැපියහැකිද? කිම! දුක් වේදනා පසුබසිද්ද, දියුණු නොවෙද්ද, මේ දුඃඛ වේදනාවන්ගේ අඩුවීම පෙනේද? දියුණුවීම නොපෙනේද?….( අපගේ සටහන:- මෙහෙම ප්‍රශ්න කීපයක් අසමින් බුදුරජාණන් වහන්සේ අස්සජී ස්වාමීන් වහන්සේගේ හිතේ තිබෙන පසුබෑම ජයගැනීම පිණිස දෙන කමටහන් බලන්න මොනතරම් බුද්ධ වචනය අසිරිමත් ද? ආශචර්ය ද? අකාලික ද? අපගේ සටහන අවසන්) ‘‘පුබ්බෙ ඛ්වාහං, භන්තෙ, ගෙලඤ්ඤෙ පස්සම්භෙත්වා පස්සම්භෙත්වා කායසඞ්ඛාරෙ විහරාමි, සොහං සමාධිං නප්පටිලභාමි. තස්ස මය්හං, භන්තෙ, තං සමාධිං අප්පටිලභතො එවං හොති – ‘නො චස්සාහං පරිහායාමී ( “ස්වාමීනි, මම පෙර වනාහි ගිලන්බවද, ආශ්වාස ප්‍රාශ්වාසයන්ද සංසිඳවා කලකිරී වසමි.

මම (චතුර්ථධ්‍යාන) සමාධිය නොලබමි, ස්වාමීනි ඒ සමාධිය නොලබන්නාවූ මට ‘මම වනාහි කෙසේ  නොපිරිහෙම්දැ’යි මෙබඳු (අදහසක්) වෙයි.” ( අපගේ සටහන:- ඔන්න අපි දැන් නිරපේක්ෂත්වයේ මගේ මේ සතර දැහැන් වඩන්න ඕනේ බෝධිපාක්ෂික ධර්ම වඩන්න කියන එක සූත්‍රයට අනුව බලමු. අස්සජී ස්වාමින් වහන්සේ කියනවා බුදුරජානන් වහන්සේට සමාධිය වැඩෙන්නේ නැහැ, ධ්‍යාන වැඩෙන්නේ නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙන පිලිතුර කුමක් ද? අපගේ සටහන අවසන්) ‘‘යෙ තෙ, අස්සජි, සමණබ්‍රාහ්මණා සමාධිසාරකා සමාධිසාමඤ්ඤා තෙසං තං සමාධිං අප්පටිලභතං එවං හොති – ‘නො චස්සු මයං පරිහායාමා – “අස්සජිය, සමාධියම සාරයයි සිතන්නාවූ සමාධියම ශ්‍රමණභාවයයි සිතන්නාවූ යම් ඒ මහණ බමුණෝ වෙද්ද, ඒ සමාධිය නොලබන්නාවූ ඔවුන්ට ‘අපි නොපිරිහෙන්නමෝ වෙමුවා. //////

( අපගේ සටහන:- – බලන්න සමාධිය, ධ්‍යාන නොවැඩෙන අස්සජී ස්වාමීන් වහන්සේට දෙන කමටහනතං කිං මඤ්ඤසි, අස්සජි, රූපං නිච්චං වා අනිච්චං වා’’? ‘‘අනිච්චං, භන්තෙ’’…පෙ…. විඤ්ඤාණං …පෙ…. තස්මාතිහ…පෙ…. එවං පස්සං…පෙ – බුදුරජානන් වහන්සේ දෙන්නේ කෙලින්ම විදර්ශනාව. එනම් මේ නිරපේක්ෂතා මග කියන්නේ කෙසේ ද නිවන් පිණිස යන ගමනේ බොධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ සතර දැහැනෙන් බව. බලන්න මුලාව. බුද්ධ වචනය ඉදිරියේ අන්ඳ ඇතෙක් කැලේ යනකොට ගස්වල වැදී තුවාල වෙන සේ මේ ධ්‍යානය නිවනට ඒකායන මග කියන මිත්‍යා දෘෂ්ඨිය හෙලිවන අයුරු. 

අස්සජි සූත්‍රය පාළියෙන් කියවීමට http://tipitaka.org/sinh/cscd/s0303m.mul0.xml..පාළියෙන් සහ ආසන්න වශයෙන් සිංහල තේරුම කියවීමට http://www.dhammikaweb.com/?p=20792……….

ධ්‍යාන උපාදනය කරගෙන සිටින නිරපේක්ෂත්වයේ මගේ සිරවී සිටින මිතුරන් ගේ දැන ගැනීම පිණිස.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21214

Leave a Reply