Assaji sutta(6) – Saṃyutta Nikāya, Khandhavaggo,1. Khandhasaṃyuttaṃ

assaji6. අස්සජි සූත්‍රය, 9. ථෙර වර්ගය, 1. ඛන්ධක සංයුත්තය, ඛන්ධවග්ගපාළි, සංයුත්ත නිකාය.

ස්වාමීනි! අස්සජි භික්ෂුතෙම වැළඳුණු රෝග ඇත්තේය. දුකට පැමිණියේය. දැඩි ගිලන්බැව් ඇත්තේය…..

“අස්සජිය, තොපට ඉවසාගත හැකිද? යැපියහැකිද? කිම! දුක් වේදනා පසුබසිද්ද, දියුණු නොවෙද්ද, මේ දුඃඛ වේදනාවන්ගේ අඩුවීම පෙනේද? දියුණුවීම නොපෙනේද?’ ‘ස්වාමීනි, මට ඉවසිය නොහැකිය, ඉරියව් පැවැත්විය නොහැකිය, මාගේ මේ දැඩි දුක් වේදනාවෝ වැඩිවෙති, අඩු නොවෙත්. මේ දුක් වේදනාවන්ගේ වැඩිවීම පෙනෙයි, අඩුවීම “නොපෙනෙයි,”….කිම අස්සජිය, තොපට කිසි පසුතැවීමක් නැත්තේද, කිසි විපිළිසරබවක් නැත්තේද?” “ස්වාමීනි, මට ස්වල්පනොවූ පසුතැවීමක් ස්වල්ප නොවූ විපිළිසර බවක් ඇතැයි” කීය. “කිම? අස්සජිය, තට තෙමේ ශීලයෙන් චොදනා නොකෙරේද,” “ස්වාමීනි, මට තෙමේ ශීලයෙන් චොදනා නොකරේයයි” (කීය.) “ඉදින් අස්සජිය,” තට තෙමේ ශීලයෙන් චොදනා නොකෙරේ නම් තට කුමන පසුතැවීමක්ද කවර විපිළිසර බවක්දැ?යි” (වදාළහ.)…

“ස්වාමීනි, මම පෙර වනාහි ගිලන්බවද, ආශ්වාස ප්‍රාශ්වාසයන්ද සංසිඳවා කලකිරී වසමි. ඒ මම (චතුර්ථධ්‍යාන) සමාධිය නොලබමි, ස්වාමීනි ඒ සමාධිය නොලබන්නාවූ මට ‘මම වනාහි කෙසේ (සාසනයෙන්) නොපිරිහෙම්දැ’යි මෙබඳු (අදහසක්) වෙයි.” “අස්සජිය, සමාධියම සාරයයි සිතන්නාවූ සමාධියම ශ්‍රමණභාවයයි සිතන්නාවූ යම් ඒ මහණ බමුණෝ වෙද්ද, ඒ සමාධිය නොලබන්නාවූ ඔවුන්ට ‘අපි නොපිරිහෙන්නමෝ වෙමුවා’යි මෙබඳු අදහසෙක් වෙයි……

“අස්සජිය, ඒ කුමකැයි සිතන්නෙහිද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි! අනිත්‍යය.”….
“අස්සජිය, යම්සේ වනාහි තෙල් නිසාද, වැටිය නිසාද, තෙල් පහන දැල්වෙන්නේද, ඒ තෙලද, වැටියද ක්ෂයවීමෙන් හේතුව නැතිව යාමෙන් පහන නිවෙන්නේද, අස්සජිය, එපරිද්දෙන්ම මහණතෙම කය කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ ‘කය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි’ දැනගනී. දිවි කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ ‘දිවි කෙළවර කොට ඇති වේදනාව විඳීමියි’ දැනගනී. කය බිඳීමෙන් මත්තෙහි ජීවිතක්ෂයවීමෙන් මෙහිම නොසතුටුවන ලද්දාවූ සියලු වේදනාවෝ සිහිල් වන්නාහුයයි දැන ගනීයයි” වදාළසේක.
අපගේ සටහන:- බුද්ධ වචනය මෙය නම්, අද “සමාධිය” දෙයක් කරගෙන සහ “ධ්‍යාන මට්ටම්” උපාදානය කරගෙන මාර්ගය පමා කරගෙන සිටින අය ගැන කුමන කථා ද? – අපගේ සටහන අවසන්.
සම්පූර්ණ සූත්‍රයම පාළි/සිංහලෙන් කියවීම සදහා.   ➡  6. අස්සජි සූත්‍රය

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20792

2 comments

    • prasa on April 19, 2018 at 5:11 pm
    • Reply

    me lipiya liyana kena ta me assaji suthraya nawatha 10 watha wak kiyawanna puluwannam godak watina wa.

    budu kenkun pahala uye ai? ea prashnaya ta sadarana answer ekak denna. deweshaya karana kota gena lipi liya kumak apeksha karanne da?

    oba niyama awabodaya aththeku nam, obe mathaya oba target karana kena wetha gos katha karanna. ewita anek aya dakeewi boru kiyanne kau da? aththa kiyanne kau da kiya?

    Budu dahama modayan ta newi….ea yathratha wadee wa dakinna ta hekin nuwanaththan ta pamani…..

    dharmaya thula sanwada wisanwada awashyai…sanwada karannath danuma saha yatha awabodaya thibiya yuthui…
    waharaka maha rahathanwahanse ge daramaya asanna…oba hakinam abiyoga kara pen wanna eka dharma karunak waradi kiya……….

    ewi ta api kisi katha wak nathiwa oba sarana yamu.

  1. නිර්නාමික වන ඔබ මෙම සූත්‍රයට එනම් බුද්ධ වචනයට දී තිබෙන අර්ථකථනයේ සදොස් බව පෙන්වීමට යි අප ඔබගේ අර්ථකතනය එලෙසම පලකිරීම අනුමත කලේ.

    පලමුවෙන්ම් අප ඔබට කියන්න කැමතියි අප මෙම සූත්‍රය පෙන්වා දුන්නා මිසක් මත ප්‍රකාශ කළ නො මැත. එම බුද්ධ වචනය ගත්තේ කොතනින් ද කියාත් සදහන් කර ඇත. ඔබගේ ගුරු ස්වාමින් වහන්සේ කවුරුන් වුනත්, මෙය බුද්ධ වචනය බව තව සැරයක් තහවුරු කර ගන්න. මෙහි කිසි සංවාදයක් ද මතු කර නො මැත.

    ඔබ බුද්ධ වචනය කුමක් ද, කියා වටහාගෙන නො මැති බව නම් ස්ථීරයි . ඔබගේ මේ කියන වහරක මහරහතන් වහන්සේ වුනේ කෙසේ ද? ඔබ දන්නව ද රහත් වුනත් ඒ බව ප්‍රකාශ කරන්න අයිතියක් බුදුරජාණන් වහන්සේ දී නො මැති බව. ශ්‍රි ලංකාවේ නම් දැන් දැන් රහතන්වහන්සේලා කියා ගන්න. රහත්භාවය කුමක් ද කියාවත් හදුනන්නනේ නැති, සහ සමහර චීවරධාරී අය බුද්ධත්වයත් ලබාගෙන ඉන්නවා කියා අපට අසන්න ලැබෙනවා.

    අවසාන වශයෙන් අපට ඔබගෙන් අහන්න තිබෙන්නේ මෙපමණකී. ඔබ සරණ යන්නේ බුදුරජාණන් වහන්සේ ද? නැත්නම් ඔබ ඔය නම්කර ඇති ගුරුන් ද? මදක් නැවතී බලන්න නැවත ඔබ දෙසම. බුදුන් සරණ යෑම කියන්නේ කුමක් ද කියා ඔබ ඔබගෙන් ම අසන්න. බුදුරජාණන් වහන්සේ සහ ඔබ අතරට යම් ස්වාමින් වහන්සේකෙනෙක් හෝ ගිහියෙක් හෝ ගෙන ආ විගස ඔබට බුදුරජාණන් වහන්සේ නොපෙනී යන නිසයි ඔබ මුලා වී සිටින්නේ. එසේ වූ විට, බුද්ධ වචනයට වැරදි අර්ථකතනය දෙන විටම වන්නේ ඔබට තිසරණයේ පිහිට නො ලැබී යාමයි. තෙරුවණ් සරණයි !

Leave a Reply