Nirapekshathwaye Maga’s – Wrong Views

මිත්‍යාදෘෂ්ඨික භාවනා නොහොත් බමුණු භාවනා – නිරපේක්ෂත්වයේ මග පෙන්වා දෙන.

මේ නාමරූප දියවෙලා යන කතාවල් >,  ඇග හිරිවැටෙන කතාවල්, ජොයින්ට් බ්ලොක් වෙන කතාවල් කෙලින් ම පරීක්ෂන, නිරීක්ෂණ, නිගමන මත පදනම් වූ බුදුදහමෙන් පිට මිත්‍යාදෘෂ්ඨීන 62 ට අයත් වන අද ලෝකයේ සීලයක් පෙරදැරි නො කරගෙන කරන භාවනාවල් වන “ සිත ඉක්මවා ගිය භාවනා” මත තමා විග්‍රහ වෙන්නේ. මෙම භාවනා මේ නිරපේක්ෂතා මගෙන් පෙන්වා දෙන්නේ කෙලින් ම Marketing වලට බව අප ඔප්පු කර පෙන්වනම්. (නිරපේක්ෂත්වයේ මග දේශනා හොදින් අහන්න ඔවුන් ඒකයි සීලය bypass කරන්න දගලන්නේ. සමහර තැන් වල සීල විශුද්ධියට කලින් දිට්ඨි විශුද්ධිය  එන බව කතා කරන්නේ එකයි. ඒ වගේම අරිඅටමගේ සම්මදිට්ඨිය මුලට එන නිසා හරිම ලස්සනට මෙයාලට කියන්න පුළුවන් දිට්ඨිය කලින් එන බව. නමුත් මේ මිත්‍යාදෘෂටිකයින් දන්නේ නැහැ සම්මාදිට්ඨියත් මූලික වශයෙන් අංග දහයක් තුල දිවෙන බවත්, සීලය උපකාරී වන බව මේ සම්මාදිටිඨිය සකස් වීමට -උදාහරන 7. මහාචත්තාරීසකසුත්තං2. අනුපදවග්ගො, උපරිපණ්ණාසපාළි, මජ්ඣිමනිකාය

සම්මාදිට්ඨිය කියන්නේ කුමක් ද? මිච්චාදිට්ඨිය කියන්නේ කුමක් ද? එහි කොටස් මොනව ද? සම්මාදිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා? – මොකක්ද මේ අපේ උදවිය පටලවාගෙන ඇති ලෝකෝත්තර මග. සියල්ල බුද්ධ වචනය ඇසුරෙන් ම සොයාගන්න. පාළියෙන් කියවන්න https://pitaka.lk/?node=20117&coll=cs
පාළි/සිංහල.https://pitaka.lk/?node=20117&coll=cs,aps

අරමුනක් ඔස්සේ කරන බෞද්ධ භාවනා මෙන් නොව මේ භාවනා. මේ භාවනා එනම් 62 මිත්‍යාදෘෂ්ඨීන් ට අයිති භාවනා ක්‍රම කරන්නේ කිසිම අරමුණක් නැතිව. ඒකට ආයේ සිල් රැකීමක් අවශය වන්නේ නැත එම නිසා හරිම ප්‍රාථමිකයි. බුදුදහමේ විග්‍රහ වල භාවනා අසලකටවත් එන්න බැහැ මේ මිත්‍යදෘෂ්ටික භාවනා වලට. හැබැයි පටන් ගත් දිනේ සිට සිතට ” පස්සධී” ගුණයක් ලැබෙන වා.  එක එක පාට පේන්න ගන්න වා මේවා හරිම ප්‍රාථමිකයි. බලන්න මුන්නාන්සේ එක එක්කෙනාගෙන් අහනවා චතුර්ත ධ්‍යානය ලබාගත් අය අත උස්සන්න කියලා ඇයි මේ?. ඒක තමා වශී මන්තරේ මේ මිත්‍යාදෘෂ්ඨික මගට ගන්න පිරිසව. පුදුමාකාර ප්‍රෝඩාවක් මේ කරන්නේ සතර දැහැන් වඩනවා කියා. අසන්න මේ ගිරව් වගේ කියන බොලද කථාවල් පොඩ්ඩක්. > , > බලන්න මේ බුද්ධ සාසනය විනාශ කරන්න හදන අන්දම මේ කුන්ඩලණී කතාවල් දහම තුලට දාලා. සිවුරක් ඇදගෙන මේවා කියන්න, අසන්න අවසර කොහේ ද දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මෙයට උත්තර දෙන්න පුළුවන් ද මේ අයට? මේ අය මේ මිත්‍යාවේ මග පස්සේ යන්නේ අර දෙන මයික්‍රපෝනයෙන් ලොකෙටම ඇසෙන්න කියන්න දෙනවානේ තමා ලබපු හපන්කම්. මේ දකින එලි සිතන්නේ ධ්‍යාන කියලා. ඕනෙම කෙනෙක් දන්නවා එළි පේන එක භාවනා කරනකොට හරිම ප්‍රාත්මික අත්දැකීමක් බව. මේ මෝඩ රැල සිතන්නේ 4වෙනි ධ්‍යාන ලැබුවා කියා. ඒකනේ මේ අය බුද්ධ වචනය වුනත් පිලිගන්න කැමති නැත්තේ. මෙයාල එක එක්කෙනාට කියනවා බලන්නකෝ මට ධ්‍යාන හතරම වැඩුනේ  හාමුදුරුවන්ගේ දේශනා අහලා කියල. එයාලට නිරපේක්ෂත්වයේ මග හාමුදුරුවන් තමයි බුදුහාමුදුරුවන් වෙලා ඉන්නේ. ඒකයි මේ අපේ ගොයියන් මේ හාමුදුරුවන් ට වශීවෙලා ඉන්නේ. වශී වන්න සාසනයට, වශි වන්න බුද්ධ වචනයට මිත්‍යාදෘෂ්ඨියට නොවේ. ධ්‍යාන මට්ටම් වලට ඇලී සිටින්නන් ට නිවන කෙතරම් දුරද? ඒවගේම ධ්‍යාන වලට මොකද වෙන්න කියලා ලස්සනට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා එදා. කියවන්න මේ  6. අස්සජි සූත්‍රය, 9. ථෙර වර්ගය, 1. ඛන්ධක සංයුත්තය, ඛන්ධවග්ගපාළි, සංයුත්ත නිකාය. 

සීසන් 1- 2 යනකොට මේ පේන පාට වර්ග මෙයාලට පෙන් වා දෙනවා ධ්‍යාන මටටම් කියලා. ….මොක ද දවසෙන් දෙකෙන් එක එක පාට පේන්න පටන් ගන්න නිසා මේ අය හිතන්නේ ධ්‍යාන ලැබුවා කියා. හැබැයි මේ භාවනා ක්‍රම සිවුරක් දමාගෙන කියලා දීම නම් සිවුර පිටින් සතර අපායට යන ගමනක්. මේ බව දන්නේ කෙසේ ද කියා අපට ඕනේ නම් පෙන්වන්න පුළුවන් මේ නිරපේක්ෂතාමගෙන් සතර දැහැන් ලබාගත්තා කියන අය සමග වචන කීපයක් හුවමාරු කරගන්න ලැබුනා නම්. හොදින් අහන්න ඒ දේශනා ගැන ඒවාගේ සීලය ගැන කථාවක් කරන්නේ නැත්තේ ඒකයි. බුදුමගේ ආකාරයට දාන. සීල භාවනා මෙයාගේ නැත්තේ මේ පෙන්වන්නේ බමුණු භාවනා කරන අන්දම නිසයි. සීලයත් එක්ක භාවනා ලෙහෙසි නැහැ. ඒ නිසා සීලය bypass කරල දුන්නම අපේ ගොන්නාම්බෝ යන්නේ උඩින්. මැජික් දකින නිසා මෙයලා හිතන්නේ සතර දැහැන් වඩනවා කියන්නේ මේකයි කියල. බුද්ධ වචනය සතරමායිමේ නැහැ.

මොකටද බුදුහාමුදුරුවෝ අපට සතර දැහැන් වැඩෙනවා නම් කියා තමන් තමන් උගත් කියා සිතන මෝඩයෝ ටික එක අන්ඳයෙක් පසුපස තවත් අන්ඳයෝ රැලක් සේ බුද්ධ වචනය විකෘති කරගෙන යන නිසා නො දැනීම සතර අපායට යන මගේ එකා පිටුපස එකා යන බව නම් හොදින් පෙනෙන කරුණකී.

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21197

1 comments

  1. “සිවුපස පරිභෝගය” – පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි

    කය පැවිදි කිරීම විනාඩි ගණනක දී කළ හැකිය. සිත පැවිදි කිරීම එසේ ඉක්මනින් ලෙහෙසියෙන් කළ නො හැකිය. කය පැවිදි කළත් ඇතමුන්ගේ සිත පැවිදි නො කළ හැකිය. එබඳු ඇතැම් පැවිද්දෝ ගිහි සිතින් ම ජීවිතය කෙලවර කරති.

    කයෙහි පමණක් පැවිද්ද ඇති, ගිහි සිත් ඇති තැනැත්තාහට පැවිද්ද අමිහිරි ය. ඔහුට පැවිද්දෙහි ආස්වාදයක් – සතුටක් නැත. ඔහුට වැටහෙන්නේ සිල් රැකීම මහත් කරදරයක් ලෙස ය.

    අශ්‍රද්ධාවත් ගිහියන් සමගත්, තමා වැනි පැවිද්දන් සමගත්, තිරශ්චීන කථාවෙන් කල් යැවීම ඔහුට මිහිරි ය. විනෝද ගමන් යෑම මිහිරි ය. මිලමුදල් සැපයීම ඔහුට මිහිරි ය. ඒවායේ ඔහු ඉතා කැමැත්තෙන් යෙදෙන්නේ ය. කය පැවිදි බවට පත්කරගෙන වෙසෙන අයට ගිහි සිත ඇත ද රිසි සේ ගිහි සැප විඳීමට අවකාශ නො ලැබෙන බැවින් ඔවුහු ගිහි සැපයෙන් ද පිරිහෙති. පැවිද්දෙන් ලැබිය යුතු ඵලයෙන් ද පිරිහෙති. ඔවුන් දෙලොවින් ම පිරිහෙන බව කිව යුතු ය. http://www.dhammikaweb.com/?p=20126

Leave a Reply