Mahā cattārīsaka sutta 7 (III. 2. 7.) – 2. Anupadavaggo, Uparipaṇṇāsapāḷi , MAJJHIMA NIKĀYA

7. මහාචත්තාරීසකසුත්තං 2. අනුපදවග්ගො, උපරිපණ්ණාසපාළි, මජ්ඣිමනිකාය

> සම්මාදිට්ඨිය කියන්නේ කුමක් ද?

> මිච්චාදිට්ඨිය කියන්නේ කුමක් ද? එහි කොටස් මොනව ද?

> සම්මාදිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා? – මොකක්ද මේ අපේ උදවිය පටලවාගෙන ඇති ලෝකෝත්තර මග. සියල්ල බුද්ධ වචනය ඇසුරෙන් ම සොයාගන්න.

බලන්න බුද්ධ වචනයේ අශ්චර්‍ය ! බලන්න බුද්ධ වචනය තිබෙන ගැඹුරුත්වයේ සරලත්ව ය. ඇයි විශේෂයෙන් ශ්‍රී ලංකික බොහොමයක් ගිහි/පැවිදි දේශකයින් මේ සරල දහමට අනවශ්‍ය ගැඹුරක් ලෝකොත්තර කියා පෙන්වා එකසැරේ අහිංසක මිනිසුන් දහමෙන් ඈත්කර තබන්නේ. මේ උතුම් දහම දාන, සීල, භාවනා ලෙසින් ක්‍රමයෙන් ගැඹුරට අරගෙන යන දහමක්. බලන්න මේ සූත්‍රය ලස්සනට ලෝකෝත්තර දක්වා අපේ බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට අපව අරගෙන යනහැටි. එයයි බුද්ධ වචනයේ ආශ්චර්ය , එයයි බුද්ධ වචනයේ ඇති අකාලික, එහිපස්සික(එව බලව ) කියන්න පුලුවන්කම තියෙන්නේ. මොන පැවිදි හෝ ගිහියන්ගේ දේශනාවක් ඇහුවත් බුද්ධ වචනයට අනුවම අවසාන තීන්දුව ගත්තේ නැත්නම් පාර වරද්දාගෙන බුද්ධ වචනයත් විකෘති කරගෙන මහා විනාශයක් වෙන්නේ. දැන් ශ්‍රී ලංකාවේ නම් බුද්ධ වචනය නැති තරම් පසුබිමක් වේගයෙන් නිර්මානය වෙමින් පවතින වා. නමුත් තාම ප්‍රමාද නැහැ මොකද බුදුදහම ත්‍රිපිටකයේ තිබෙන නිසා පිටකයෙන් ම අවසාන තිරණය ගෙන ප්‍රායෝගිකව දහමේ රැදෙන්න වෙනවා සීලයත් ආරක්ෂා කරගනිමින්. එවිට සියල්ල ඔබ පාමුලට එනු ඇත.

 

නිතරම පාළිය මතම විශ්වාසය තබන්න. ආසන්න වශයෙන් සිංහල තේරුම ගත්තත් පාළිය සමග සසදා ගන්න. පාළිය ටිකක් සිංහල වචන සමග කිට්ටුවෙන් යන නිසා සුත්‍ර කීපයක් කියවනකොට පාළියට තිබෙන බය අඩුවෙලා යයි. මෙතන පාළි සූත්‍ර වෙබ් පිටුව සහ පාළි/සිංහල වෙබ් පිටු වෙන වෙනම සදහන් සදහන් කරන්නම් ඔබගේ පසුව පිණිස. අපගේ සටහන අවසන්//=

7. මහාචත්තාරීසකසුත්තං – 2. අනුපදවග්ගො, උපරිපණ්ණාසපාළි, මජ්ඣිමනිකාය. 

මෙන්න මිච්චාදිට්ඨියේ අංග 10 ය – ‘කතමා ච, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි? 1 ‘නත්ථි දින්නං, 2.නත්ථි යිට්ඨං, 3.නත්ථි හුතං, 4.නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, 5.නත්ථි අයං ලොකො, 6.නත්ථි පරො ලොකො, 7.නත්ථි මාතා, 8.නත්ථි පිතා, 9.නත්ථි 10 සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති – අයං, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි……………………………………………

මෙන්න සම්මාදිට්ඨියේ අංග 10 ය….‘‘කතමා ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි? 1.‘අත්ථි දින්නං, 2.අත්ථි යිට්ඨං, 3.අත්ථි හුතං, 4.අත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, 5.අත්ථි අයං ලොකො, 6.අත්ථි පරො ලොකො, 8.අත්ථි මාතා, 9.අත්ථි පිතා, 10.අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී…….මෙන්න ලෝකෝතර මග…….සම්මාදිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා? යා ඛො, භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤාබලං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො සම්මාදිට්ඨි මග්ගඞ්ගං…………

සම්පූර්ණ සූත්‍රය:-
7 මහාචත්තාරීසකසුත්තං පාළියෙන් කියවන්න
පාළි/සිංහල

Sutta in English Version

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21176

1 comment

    • Kusum Dahanayake on January 26, 2019 at 11:47 am
    • Reply

    Pali words are very useful and beneficial to get the fruitful understanding for the deliverance of our most venerable
    Gnananada Thero

Leave a Reply