Nirapakshathawaye Maga’s Wrong Teaching

“නිරපේක්ෂත්වයේ මග” අද ලංකාවේ නිවනට කෙටි මගවල් සාදාගෙන season-1 & 2 කියා විකාර නම් තමතමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා සාදගෙන් කෙලින්ම රටේ ඉන්නා දොස්තරවරු, ඉන්ජිනේරුවො න්ට පමණයි මේ බුදුදහම තේරෙන්නේ කියමින් නිවනට කෙටිමාර්ග  කියා නම් සාදාගෙන බුදුදහම විද්‍යා ඇසින් බලන්න අරගෙන, බුදුදහම විද්‍යාත්මකව දකිමු යන තේමාවල් සාදාගෙන  ලඹුගෙඩිය ඇතුලේ නටන  තොවිලෙට  ගන්නේ අධ්‍යාපනය තමා තියෙන  සුදුසුකම බුදුදහම වටහා ගන්න කියන තේමාවයි. මේ කරන්නේ භාවනා කරන්න බුදුරජාණන් වහන්සේ එදා ප්‍රතික්ෂේප කල දෘෂ්ඨි 62 ක ඇතුලත දිවෙන අරමුණක් නැතිව කරන බමුණු භාවනා ක්‍රමවලට මේ අයව යොමුකර භාවනාවේ ප්‍රාථමික අවධියේ පෙනෙන්න පටන් ගන්නා එක එක පාට ධ්‍යාන කියා නම්කර මේ අයව ධ්‍යානයේ අතරමං කිරීමයි. ඉතින් මේ අය සිතන්නේ හරි අපිට ධ්‍යානය ලැබුනා දැන් නිවන ලගයි කියා සාදු සාදු කියමින් මේ නිරපේක්ෂත්වයේ මග වටේ රොක්වෙන වා. අනික සුන්දරම වැඩේ මේ අයට අවස්ථාව දෙනවා මාධයට ඇවිත් තමන්ගේ වීරකම් කියන්න. මේ අය දන්නේ නැහැ මොවුන්ව විකිණෙන බව ඉතින් මේ අයගේ ඇති ඉන්ජිනේරුකම, දොස්තරකම මොකට ද, මිත්‍යදෘෂ්ඨියේ ඇලිලා නම්.  මේ බමුණු භාවනා බෞද්ධයන් අතරේ ජනප්‍රිය කිරීමට තමතමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා නිරපේක්ෂත්වයේ මග අල්ල ගන්නේ ඉන්ජිනේරුවෝ වගේ අයවයි.

මොකද විශේෂයෙන් අපේ ලංකාවේ ඉන්ජිනේරුකම් සහ දොස්තරකම් වලින් ඔලුව ලොකු කරගෙන ඉන්න අයත් ඉන්නවනේ හැමෝම නොවේ. නමුත් මේ ඔලුව ලොකු අය හරිම ලේසියි අල්ල ගන්න පොඩ්ඩක් මාධ්‍යට එන්න දුන්නම මයික් කබලක් දීලා තමන්ගේ වීරකම් එකක් දෙකක් කියන්න මුන්දැලට අවස්ථාවක් දුන්නම, උන්දැලට ඒක ලොකුකමක්. අනේ මේ මෝඩරාලලා මේ දැලට ලේසියෙන් අහුවෙන වා. බුදුහාමුදුරුවන් කොතනකවත් අවසර දීලා නැහැ තමන්ගේ ලොකුකම කියන්න. මතකනේ අර පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ උස කනුවක තිබුණු පාත්තරයක් අහසින් ගිහින් ගැනීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ විනය නීතියකින් මේ විජ්ජාවල් පෙන්වීම එතනදීම නැවැත් වූ ආකාරය. නමුත් මේ ලඹුගෙඩිය ඇතුලේ ඉන්න මහදැන මුත්තයි ගෝලොයේ රොත්තයි දන්නේ නැහැ ලඹුගෙඩියෙන් පිටත වන බුදුදහමේ පිබිදීම මොනව ද කියා.

බලන්න මේ කෙටි වීඩියෝව. නිරපේක්ෂත්වයේ මග කරන වැරදි විග්‍රහයන්  මෙන්න නාමරූප නිරෝධයට කෙටි මගක් ධ්‍යාන වඩන කොට බඩ යනවලු එතකොට බඩයෑමත් එක්ක නාමරූප යනවලු. bypass for nibbana. බලන්න  මේ කියවන්නේ කුමක් ද කියා. බුද්ධ වචනය කොහේ ද තියෙන්න මේ විකාර කතා තුල. බුද්ධ වචනය විකෘති කිරීමේ පාපයට මනස අවුල් වි ඇති බවයි පේන්නේ.

මේ ධ්‍යාන ගැන අපූරු ඉතාමත් වටිනා දේශනාවක් අපේ කිඩගම්මුල්ලේ පේමසිරි හිමි  6.අස්‌සජිසුත්‌තං, (පාළි/සිංහල) (1.ඛන්‌ධසංයුත්‌තං  9.ථෙරවග්‌ගො,  සංයුත්‌තනිකායො). සූත්‍රය ඇසුරෙන් දේශනා කරනවා. ධ්‍යාන කියා ගොඩක් දෙනෙක් සිතන්නේ සිත භවාංග වෙනවා. නිදිගන්න සිතකට යනවා. ඒ නිදිගන්න සිත තත්පරයක් හරි තිබුන නම්, වරුවක් තිබුන නම් ඒක සැපයි.  නිදිගත් සිතේ සැපය ධ්‍යානය යි කියා කථා කරන වා. අන්න වැරදුණු තැන….http://www.dhammikaweb.com/?p=19847

 

.

බුදුදහමට විද්‍යාවෙන් වැඩක් නැත, නමුත් විද්‍යාවට බුදුදහමෙන් ගත යුතු දෑ එමටයි. විද්‍යාව යනු පරීක්ෂණ, නිරීක්ෂණ මත නිගමනය ගන්නා නිතරම වෙනස් වන්නා දෙයකි. නමුත් බුදුදහම යනු කිසිදා වෙනස් නොවනා හේතුඵල දහමකී. එකයි අප බුදුදහමෙන් විද්‍යාවට ( Buddhism for Science) යන තේමාව ගත්තේ.

බුදුදහම නවීන පරපුරට පහසුවෙන් ගෙන යන්න ක්‍රම සොයන එක වරදක් නොවේ නමුත් බුදුදහම වෙනස් කර, ඒකට විද්‍යාත්මක පරීක්ෂණ, නිරපේක්ෂත්වයේ මග පෙන්වා දෙන යෝගී භාවනා ක්‍රම බුදුදමට ගෙන ඒම පාපයකි. බුදුදහම අමු අමුවේ විනාශ කිරීමකී, බුද්ධ වචනය වෙනස් කිරීමකී. ලොකුම විනාශය ත්‍රිපිටකය පෙන්වමින්, එක එක සූත්‍ර වල කෑලි ගනිමින් තමන්ගේ වාදයන්ට උපයෝගී කරගත හැකි දේ පමණක් ගනිමින් ත්‍රිපිටක ධර්මය විකුර්ති කිරීම මොවුන්ගේ පෞද්ගලික ප්‍රසිද්ධිය තකා.

බලන්න අද ලෝකයේ විද්‍යාඥ්ඥයින් බුදුදහමේ වටිනාකම හඳුනා ගෙන මහණ වී බුදුදමෙන් විද්‍යාවට ගතහැකි පාඩම් පෙන්වා දෙන අන්දම. (If we want the wonderful Teachings of Buddhism to reach our Modern Generation, it needs to be presented in a Modern way. It is not the essence of the Dharma that needs to be changed, it is the presentation that needs continual adjustment. The generations of tomorrow are not going to listen to boring monks droning on, giving irrelevant sermons.http://www.dhammikaweb.com/?p=1740

බලන්න අපේ ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා ලෝකේ විද්වතුන් ලියූ පොත් සිංහලට පරිවර්ථනය කලේ බුදුදහම විද්‍යා ඇසින් දකින්න නොවේ, බුදුදහම යනු විද්‍යාව කලින් කලට ලෙසට වෙනස් වන දහමක් නොව මේ සියල්ල බූදුදහමේ , අපේ බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2500 කට කලින් මේ ලෝකෙට වදාරා තිබෙන වා කියා පෙන්වන්නට යි මේ පොත් පරිවර්ථනය කලේ ( මේ පොතෙහි වටිනාකම ඇත්තේ ඔවුනට පවා බොහෝ දුරට ඒත්තු යන අයුරින් පුනර්ජන්මවාදයත්, කර්මවාදයත් ඉදිරිපත් කිරීම තිබීමය. මගේ විශ්වාසයට අනුව මේ වාද දෙක මහජනයාව ඒත්තු යන අයුරින් ඉදිරිපත් කිරීම මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි කරුණාව ඇත්තකුගෙන් ඉටුවිය යුතු සේවයෙකි.හැකිනම් සත්වයෙකුට මෙලොව දී පැමිණෙන දුක් පමණක් නොව පරලොව දී පැමිණෙන්න ට ඇති දුක් ද ඉවත් කළ යුතු ය. මිත්‍යාදෘෂ්ඨි ඇත්තෝ දෘෂ්ඨි නිසා ම වැඩියෙන් පව් කොට වැඩියෙන් දුක් ලබති…සංසාර මන්දිරය නොහොත් ඇමෙරිකානු දිවැසින් දුටු කර්මය සහ පුනර්භවය – කන්නිමහර සුමංගල හිමි..http://www.dhammikaweb.com/?p=20871 . මෙයයි විය යුත්තේ. නැත්නම්  ඔය සීසන් කාරයෝ/කුන්ඩලණී ශක්ති කාරයෝ කියන සූත්‍ර, විද්‍යාවේ ඇසින් දකින්න නොවේ. 

These are the suttas to be highlighted for the people who are following meditation techniques which are being taught outside the Buddhism ( Sir, on several occasions, when various teachers, Samaṇas and Brahmans, had met together, and were seated in the debating hall, the talk fell on trance, and the question was: [180] “How then, Sirs, is the cessation of consciousness brought about?” Poṭṭhapāda Sutta – Sīlakkhandhavaggapāḷi, Dīghanikāya

Many hundreds of thousands of years there comes a time when it does not rain. When it does not rain, all seed and vegetation born plants such as medicinal grass, plants trees and forests dry up and wither and are no more. Bhikkhus, thus determinations are impermanent not stable, there is nothing to comfort in them. Sattasåriyasuttaü (Seven suns) – Anguttara Nikaya, Sattakanipàtapali, Mahavaggo

I used to be a scientist. I did Theoretical Physics at Cambridge niversity, hanging out in the same building as the later-to-be-famous Professor Stephen Hawking. I became disillusioned with such science when, as an insider, I saw how dogmatic some scientists could be. A dogma, according to the dictionary, is an arrogant declaration of an opinion….http://www.dhammikaweb.com/?p=1498…. Ven.Ajahn Brahmavamso 

සත්තසූරියුග්ගමන සූත්‍රය  – අංගුත්තර නිකාය-4, සත්‌තකනිපාතපාළි,  මහාවග්‌ගො ( පිටු අංක 426 සිට 435) මෙම සූත්‍ර දේශනාවෙන් මේ කල්ප විනාශය සිදුවන්නා ආකාරය අප ලොව්තුරා බුදුරජානණ් වහන්සේවිසින් පෙන්වා වඳාළ සේක. 

ඝට සුත්‍රය , බික්ඛු සංයුක්තය – සංයුක්ත නිකාය, සිතින් පනිවුඩ හුවමාරුකිරීම දිබ්බචක්ඛු, දිබ්බසෝත ඥාණය සම්බන්දව සංයුක්ත නිකාය,බික්ඛු සංයුක්තය, ඝට සුත්‍රය දී මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග දිබ්බචක්ඛු, දිබ්බසෝත ඥාණය උපයෝගී කරගනිමින් ධර්ම කරුණු සාකච්චා කිරීම, විශේෂවූ ශක්තියක් උපයෝගී කොට ශ්‍රව්‍ය දෘශ‍ය සංනිවේදන ලබාගැනීම ගැන වටිනා සාධකයක් ලෝකය හමුවේ බුදුදහම මෙම සුත්‍රයෙන් එලිදක්වා ඇත. 

This seminal series of videos was recorded during a 2-day colloquium on Buddhism and Science at Oxford University involving leading scientists, philosophers, Buddhist scholars and Buddhist practitioners in deep debate on the perceived convergence of modern science (relativity theory, quantum mechanics, systems biology, cognitive psychology, clinical science) with some of the traditional ideas of Buddhism (anti-metaphysical stance, interdependence, emptiness, no-selfhttp://www.dhammikaweb.com/?p=11712

වේපුල්ල පබ්බත සුත්‍රය ,අනමතග්ග සංයුක්තය-සංයුක්ත නිකාය – අප මේ ජීවත්වන ත්‍රිමාණ බෞතිකයෙන් එහා ක්‍රියාවන් සෙමෙන් සිදුවන ලෝක අනාවරනය කිරීමට තරම් අපගේ බුද්ධිය පුලුල්වී නොතිබුනද,එවන් පද්ධතීන්  පවතින බව බුද්ධ දේශනාවල සදහන්වේ. ඒ මත පිහිටා ඒ තුලින් අත්විදිය හැකි දෑ පිළිබදව මොහොතක් හිතමු. මෙවන් ලෝක තුල ජීවත් වන සත්වයින්ගේ අයුෂ බොහෝ දීර්ඝ වනු ඇත.ජීව ක්‍රියා,පරමාණුක ක්‍රියා ඇතුලු සියලු ක්‍රියාකාරකම් සෙමෙන් සිදුවීම තුලින් මෙවන් ලෝක ආශ්‍රිතව සිදුවන සියලු ක්ෂයවීම් සහ ආයුෂ ගතවීමේ ක්‍රියාවන් සෙමෙන් සිදුවනු ඇත……. සාපේක්ෂතාවාදයට අනුව ගත්කල, විශාල ගුරුතව ක්ෂේත්‍ර මතදී සියලුම කාල ක්‍රියාවන් මන්දනයවේ.අඩු ගුරුත්ව ක්ෂේත්‍ර මතදී කාලය වැඩිපුර ගතවේ.ඒ අතරේ මිනිසා තුල අකුසල් ධර්ම වැඩිවනවිට ආයුෂ පිරිහීමත්, කුසල ධර්ම මිනිසා තුල වැඩිදියුණු වීමේදී ආයුෂ වැඩිවීමත් සිදුවේ.අවසාන වශයෙන් මෙම සුත්‍රය විග්‍රහ කිරීමේදී ඔබට තවත් පැතිකඩක් මේ තුලින් මතුකරගත හැකිවේ. එනම් මේ වන තුරු නවීන විද්‍යාව ස්පර්ශ නොකලාවූ විද්‍යාත්මක වපසරියක් නිරාවරණය වීමයි.

.….More resources are available on the concept of ” Buddhism for Science” tab in Dhammikaweb

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21160

2 comments

  1. Api me nawa prawanatha gana sihiyen uthuwa inne

    1. බුදුදහම යනු අවුරුදු 2500 ක් තිස්සේ නොවෙනස් ව එන උත්තරීතර දහමක්. එය වෙනස් කර මිත්‍යදෘෂ්ඨීන් 62ක දුල දිවෙන බමුණු භාවනා ප්‍රතික්ෂේප කරලයි එදා සිද්ධාර්ථ කුමාරයා බෝධී මූලේ අසුන් ගත්තේ. ඉන්පසු බුද්ධත්වයෙන් පසු කිසිම විටක උන්වහන්සේ යෝගියෙක් ව සිටි කාලේ ප්‍රගුන කල මේ යෝගී භාවනා ක්‍රම පෙන්වා නො දුන්නේ ඇයි? ඒ වෙනකිසිවක් නිසා නොව ඒ භාවනා සියල්ලම වගේ මිත්‍යාදෘෂ්ඨීන් තුල දිවෙන, නිසි ඉන්ද්‍රිය සංවරයක් පෙරදැරි කරගෙන සිදුවුනු භාවනා නො වන නිසා. බලන්න මේ නිරපේක්ෂත්වය මග දාන , සීල, භාවනා යන පිළිවෙලින් එන සීල විශුද්ධිය පසුපසට දමා දීට්ඨි විශුද්ධිය ඉදිරියට ගෙන දේශනා පවත් වන්නේ මේ බමුණු භාවනා මේ බෞද්ධ භාවනා තුලට ඒමට හොද පසුබිමක් සකස් කරමින්. බලන්න මෙවිට බුද්ධ වචනය නොවේ ඉදිරියට එන්නේ. එකයි අප මේ නිරපේක්ෂත්වයේ මගට කෙලින් ම විරුද්ද වන්නේ. බුද්ධ වචනය වෙනස් කිරීම නිසා.

      ඒ අතරේ සතර දැහැන් වඩන්නේ බමුණු භාවනා වඩන ආකාරයට මිසක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් අකාරයට නොවේ. ඒක කරන්නේ සූත්‍රපිටකයේ සූත්‍රවල කෑලි ගනිමින් වැරදි ලෙසට පාළිය සිංහලට පරිවර්ථනය කරමින්. ඒක මහා පාපයක් බුද්ධ වචනය විකෘති කිරීමක්. බලන්න මේ විඩියෝ ව ඒ කරන වැරද්ද. https://www.youtube.com/watch?v=vzm4eu2WQF0

Leave a Reply