Aggikkhandhopamasuttaṃ(8) – 7 Mahāvaggo, Sattakanipāta, Aṅguttara Nikāya.

8. අග්‌ගික්‌ඛන්‌ධොපමසුත්‌තං – 7. මහාවග්‌ගො, සත්‌තකනිපාතපාළි, අඞ්‌ගුත්‌තරනිකාය

’මහණෙනි, දැල්වුණ, මනාව ගිනිගත්, දැල්ලෙන් බබලන, අර මහා ගිනි කඳ දැක්කහුද?’’ ’’එසේය, ස්වාමීනි.’’

’’මහණෙනි, කුමක් සිතන්නහුද? අර දැල්වුණ, මනාව ගිනිගත්, දැල්ලෙන් බබලන, මහත්වූ ගිනි කඳ වැළඳගෙන හිඳගන්නේ නම් හෝ, නිදන්නේ නම් හෝ, යම් ඒ මෘදුවූ, තරුණවූ, අත් පා ඇති ක්‍ෂත්‍රිය කන්‍යාවක් හෝ , බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ, ගෘහපති කන්‍යාවක් හෝ වැළඳගෙන හිඳගන්නේ නම් හෝ, නිදන්නේ නම් හෝ මේ දෙකින් කුමක් උතුම් වේද?’’…

(1) ,මහණෙනි, යම් හෙයකින් දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති කැතකුණු පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී කරණ වැරදි වැඩ ඇති, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණතෙම (2) මෘදුවූ, තරුණවූ, අත් පා ඇති ක්‍ෂත්‍රිය කන්‍යාවක් හෝ , බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ, ගෘහපති කන්‍යාවක් හෝ වැළඳගෙන හිඳගන්නේ නම් හෝ, නිදන්නේ නම් හෝ මහණෙනි, (3) ඒ හේතුවෙන් ඔහුට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති නපුරු සේ පතිතවන නරකයෙහි උපදනේය….

සම්පූර්ණ සූත්‍රය පාළියෙන් කියවීමට

සැ:යු:- නිතරම පාළිය මතම විශ්වාසය තබන්න. ආසන්න වශයෙන් සිංහල තේරුම ගත්තත් පාළිය සමග සසදා ගන්න. පාළිය ටිකක් සිංහල වචන සමග කිට්ටුවෙන් යන නිසා සුත්‍ර කීපයක් කියවනකොට පාළියට තිබෙන බය අඩුවෙලා යයි. මෙතන පාළි සූත්‍ර වෙබ් පිටුව සහ පාළි/සිංහල වෙබ් පිටු වෙන වෙනම සදහන් සදහන් කරන්නම් ඔබගේ පසුව පිණිස. අපගේ සටහන අවසන්//=
——
පාළි සහ ආසන්න වශයෙන් සිංහල තේරුම සහිතව කියවීමට 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21143

Leave a Reply