Digital Lights විනාශයක ඇරඹුම – ඩිජිටල් ආලෝක රටා

විනාශයක ඇරඹුම – ඩිජිටල් ආලෝක රටා 

කිකමුන් වූ මේ විගඩම් වලට අනුමැතිය දුන් ධර්ම විරෝධී, සාසන විරෝධීන්ට මතක තියා ගන්න වෙනවා මේකත් එදා දුටුගැමුණු රජතුමා මේ උතුම් චෛත්‍යරාජායනන් වහන්සේ නිර්මාණය කර විශේෂ සැරසිලි නො කර පිටතට හුවා දැක්වූවේ චෛත්‍ය ගර්බයේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා ඇති බව පෙන්වීමටයි.

අප සිතන අන්දමට ඒ මුල් ආකෘතියේ බුදුපිලිම වහන්සේ නමක් හෝ තැන්පත් කලේ නැහැ. හොදින් බලන්න ඇත්පවුර සෑයට පිටින් සාදා ඇති අන්දම, ඒ වගේම වට පවුර ඉතාමත්ම සරලව සාදා ඇති අන්දම මේ සියල්ල කර ඇත්තේ හැම දෙනාගේ සිත් ගර්බයේ තැන්පත් කර ඇති ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වෙත යොමුකර පහන් වූ සිත් ඇතිකරගන්නයි ! නොපමාව කුසල් වඩා ධර්මයේ හැසිරෙන්න යි. අවසානයේ නිවන් දකින වැඩපිලිවෙලට අවතීර්ණ වෙන්නයි එදා අපේ මුතුන් මිත්තන් වැඩ කලේ. මතක තියාගන්න මේවා අනුමත කල ගොයියන් එකක්, ඒදා අපේ ඒ ශ්‍රේෂ්ඨ නරපති වන දුටුගැමුණු රජතුමා අද වන විට සිටින්නේ කොහේ ද? එතුමාට මේ වා පේනවා නිරතුරුව, ඒ වගේම අපේ කාවන්තිස්ස/විහාරමහ දේවි, සද්ධතිස්ස රජතුමා, මෛත්‍රී බෝසතානන් වහන්සේ කොහේ ද ඉන්නේ?? සිතන්න වටිනවා.  අද මේ උතුම් පුන්‍ය භූමියේ වන මේ සියලු විකාර අනුමත කළ වුන් යන්නේ සතර අපායට මිසක් වෙන කොහේට ද? මේ ගොයියන්ට යන්න වෙනම අපායක් නිර්මානය වෙන එක නම් සිකුරුයි.  

නමුත් මේ ඉතිහාසය නොදත් තීරණ තීන්දු ගන්නා මේ උතුම් පිංබිමට අරක්ගෙන තිබෙන සංඝයාවහන්සේලා වේවා ගිහියන් වේවා මේ විකාර විලම්භීත අනුමත කලේ කුමක් නිසා ද? අපට අසන්න සිද්ද වෙනවා මේ සියල්ල මුදලට ද කියා?. බලන්න මේ කරල තිබෙන විනාශය. හෙට අනිද්දට මේ චෛත්‍ය පුලුල් තිරයක්(Big screen) වෙලා දහම් වැඩසටහන් වලින්, භක්ති ගී වලින් පටන්ගෙන ලංකාවේ දැන් තිබෙන ටෙලිනාට්‍ය, ආදුනික ගී තරග එහෙමත් පෙන්වන්න බලයි මේ ගොයියන් එකතු වෙලා. අද එක TV කාරයෙක් හෙට තවත් එකෙක්. ඔය වගේ ලංකාවේ තියෙන සේරම මාධ්‍ය ජාලා, රූපවාහිනි ජාලා එක එක වෙළද දැන්වීම් පටන් ගනීවී. පසුව රුවන්වැලි සෑ රජුන්ට ත් උන් ලංසු තියාවී. වෙළද භාණඩයක් ලෙසට ප්‍රයෝජනයට ගනියි උන් උන්ගේ බඩ වඩා ගන්න. මේ වා ට අනුමැතිය දුන්නේ කවුරුන් ද? අන්තිමට වෙන්නේ ඕක තමා. මේ රටට ගහල තියෙන හෙනගෙඩිය තමා වංචාව, දූෂණය, පගා ගැහිල්ල. සල්ලිවලට තමන්ගේ රටත්, ජාතියත්, ආගමත් පාවා දෙන නිවට ජාතියක් මේ රටේ සමහර ආගමික ආයතන වල ඉන්නේ. ඊටපසු විලිලැජ්ජා නැතිකමට කියන්නේ අන්‍ය ආගමිකයින් මේ සාසනය විනාශ කරන බවයි. ඒ විනාශය කරන්නේ මුන් විසින්ම ය.

මේ විනාශයට කලිනුත් මේ ගොයියන් අනුමත කලා මේ වගේ වැඩත්, (අදටත් මේ ගෝෂාකාරිත්වය පවතින වා මේ පිංබිමේ)  ශබ්දවාහිනී භාවිතා කරමින් රුවන්වැලිසෑ සමිදුන් වටේටම තැන් තැන් වල වෙන වෙනම, එක් පිරිසක් අනෙක් පිරිසටත් වැඩියෙන්  ශබ්දය වැඩිකරමින් මේ කරනා දේවල් පිංකම් ද, පව්කම් ද කියා සිතිය යුතු වෙන වා. සිතා ගන්නටවත් නො හැකි තරමේ පුදුම ගෝෂාකාරී පරිසරයක් දැන් මේ උතුම් සිද්ධර්ථානයේ පවතින්නේ බුදුරජාණන් වහන්සේ අගය කළ, ප්‍රසංසා කොට වදාළ නිෂ්ශබ්දතාව අද උන්වහන්සේගේ ද්‍රෝණයක් දාතූන් වහන්සේලා වැඩසිටින මේ පුන්‍ය භූමියේ නැත. මේවා අනුමත කලේ කවුරුන්ද???   http://www.dhammikaweb.com/?p=20641

අද වන විට කප් රුක් පූජාවන් නැති වන්දනා නඩ ඉතාමත් විරල වන අතර රුවන්වැලි සෑ සමිදුන්ගේ පේසා වළලු වටේ මොවුන් දුවන්නේ සෙල්ලම් පිට්ටනි වල ගම හරහා දුවන ආකාරයට වීමත්, එක පිරිසක් පූජාකළ ඒක උඩින් විනාඩි ගාණක් යන්නට ප්‍රථම තව එකක්. අන්තිමට අප දැක්කා පරණ ඒවා බිම ගොඩ ගසා තියෙන වා. http://www.dhammikaweb.com/?p=20653

සංඝයාවහන්සේ මේ දේ අනුමත කළා නම් සිවුර පිටින්ම තමයි යන්න වෙන්නේ සතර අපායට. මේ ද්‍රෝනයක් වන සර්වඥ්ඤ ධාතූන්වහනසේලා වැඩ සිටින මේ ලෝකෙටම උතුම් සිද්ධස්ථානය ට කරන අගෞරවයට, ගිහි කන්ඩායමක් මෙය අනුමත කලා නම් රොත්ත පිටින්ම තමන්ගේ නිරයට යන මලගම තමා විසින්ම සාදා ගත්බව සිතා ගන්නට ම වෙන වා . මොවුනට අද සිට නින්ද නො යනු ඇත, අපායේ සිරි නරඹාගෙනම මෙලොවත් අපායක් කරගෙන පරලොවත් එසේම වනු ඇත.

පහත පිටු කීපය හොදින් කියවා රුවන්වැලි සෑ සමිදුන් යනු කුමක් ද කියා හඳුනා ගෙන මෙවන් අකුසල කර්ම වලින් මිදී කටයුතු කිරීමට මේ වගකිව යුත්තන් ට පෙන්වා දිය යුතු ය.

බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ මෙම දා ගැබෙහි වීම සුවිශේෂත්වයකි. මහා වංශයට අනුව ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා මෙම ස්තූපයේ නිධන් කර ඇත.

මහාවංශය පොතෙන් දුටුගැමුණු රජතුමා මෙම ස්වර්ණමාලී මහා සෑරජුන් වහන්සේ ඉදි කළ ආකාරය සදහන් පිටපත්කරන ලද පිටු කීපය (පිටු අංක 116 සිට 138) දක්වා කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න. http://www.dhammikaweb.com/?p=12480

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21103

Leave a Reply