Ruwanweli Maha Seya, Anuradhapura

Ruwanawelisaya (1)රුවන්වැලි මහ චෛත්‍යය රාජයාණන් වහන්සේ සහ සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කිරීම

ලක්බිමේ මේ මහා ස්තූප මාලා ඔටුන්නෙහි සිළුමිණ සේ සුවිශේෂ වූ ද ප්‍රධාන වූද ස්තූපය බවට පත්ව ඇත්තේ රුවන්වැලි මහ චෛත්‍යය රාජයාණන් වහන්සේ ය. එය ලංකාවේ ප්‍රධානම චෛත්‍ය නොහොත් මහා ස්තූපය බවට පත්වී තිබීම පිළිබඳව වාදයක් විවාදයක් හෝ කුකුසක් නොමැත. රුවන්වැලි සෑය ඉදිකරන ලද්දේ අපගේ මහාවංශ කතාවේ මහත් වූ කීර්ති නාමයක් ලැබූ අදත් අභිමානයෙන් අනුස්මරණය කෙරෙන දුටුගැමුණු මහ රජතුමාය. (ක්‍රි. පූර්ව 161 – 137) මෙම මහා ස්තූපය ඇත්තේ ශූද්ධ වූ අනුරාධපුර භූමියේ මහමෙව්නාව නම් පිවිතුරු උද්‍යානයේ ය.

මහාවංශය සඳහන් කරන පරිදි මෙම කල්පයේ බුද්ධත්වයට පත් සිව්මහා බුදුරදුන්ගේ පහසින් මේ බිම පූජනීයත්වයට පත්වී ඇත. එදා මිහිඳුමහ රහතන් වහන්සේ දෙවන පෑතින් නිරිඳානන්ට අටමස්ථානය හඳුන්වා දීමේදී සත්වැනි ස්ථානය ලෙස මේ මහා සෑය අනාගතයේ දී පිහිටන තැන පෙන්වීය. මහ රහතන් වහන්සේ සපුමලින් මෙම පිවිතුරු බිම පුදන විට මහපොළොව කම්පා වූ බවත් පොළව කම්පා වූයේ ඇයිදැයි ඇසූ රජතුමාට මහරහතන් වහන්සේ පැවැසුවේ මහා රජිඳානන්ගේ මුනුපුරකු විසින් මෙම ස්ථානයේ මහ ස්තූපය ගොඩනගන බවය. එපවත ලියවා රුවන්වැලි සෑය පිහිටුවන ස්ථානයේ ගල්ටැඹක් එස වූ බවත් මහා වංශයේ සඳහන්ව තිබේ.

බුද්ධ වර්ෂ 382 දී රාජ්‍යත්වයට පත් දුටුගැමුණු රජතුමා එම ටැඹ දැක එතැන මහ සෑය කරවූ බව කියැවෙයි. සෑය වටා ඇති ඇත්පවුර සාදන ලද්දේ සද්ධාතිස්ස රාජ්‍ය සමයේ ය. මෙහි දිග අඩි 475 කි. පළල අඩි 477 කි. පවුරේ උස අඩි 9 ක් පමණ වෙයි.

පසු කලෙක විවිධ රජවරුන් යටතේ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වූ අතර අවසන් වරට පරිහානියට පත්ව තිබුණ චෛත්‍ය ගොඩනංවන ලද්දේ පළමුවන පරාක්‍රමබාහු රජතුමාය. (ක්‍රි. ව. 1153 – 1186) පසු කලෙක රුවන්වැලි මහ සෑය ගරා වැටී ජරාවාසයට පත්විය.

1873 වසරෙහි නාරන්විට සුමනසාර නම් ස්වාමීන් වහන්සේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹුවේ අපමණ වූ දුෂ්කරතා මධ්‍යයේ සුමනසාර හිමියන්ගේ ආවාස ගෘහය වූයේ බරකරත්ත අඹරාවකි. මේ මහා සෑයට කොත පළඳවන ලද්දේ 1940 වසරේදී ය. 1912 වසරේ වලිසිංහ හරිශ්චන්ද්‍රයන් පලකළ ”සිතියම් සහිත පුරාවිද්‍යාව” ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට මේ මහා සෑයේ උස අඩි 155 කි. චෛත්‍යයේ වට අඩි 500 ක්ද සළපතළ මළුවේ දිග පළල අඩි 480 ක් ද වෙයි.

බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ මෙම දා ගැබෙහි වීම සුවිශේෂත්වයකි. මහා වංශයට අනුව ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා මෙම ස්තූපයේ නිධන් කර ඇත.

මහාවංශය පොතෙන් දුටුගැමුණු රජතුමා මෙම ස්වර්ණමාලී මහා සෑරජුන් වහන්සේ ඉදි කළ ආකාරය සදහන් පිටපත්කරන ලද පිටු කීපය (පිටු අංක 116 සිට 138) දක්වා කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Ruwanweli_mahaSe_Rajun_mahawansaya.pdf[/pdf]

.

ඉතිහාස පුවරුව (රුවන්වැලි මහ චෛත්‍යය රාජයාණන් වහන්සේ) – පූජ්‍ය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ විසින් දේශනා කොට වඳාළ සේක.

[mp3]http://assets4.dhammikaweb.com/uploads/2012/03/14.Ruwanweli-Mahasaya-Ithihasa-Puwaru.mp3[/mp3]

[mp4]http://assets4.dhammikaweb.com/uploads/2012/03/RuwanwelisayaAnuradhapura.mp4[/mp4]

.===========================================================================

මෙම සම්පූර්ණ මහාවංශය පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

Download

.

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12480

5 comments

Skip to comment form

    • Bandula Wickramasinghe on March 6, 2012 at 12:16 am
    • Reply

    ගැටි ගැටී වකිනෙකට යදම්පෙල හඬ නගයි
    වැදි වැදී කසපාර හඬමින්ම වැඩ කරයි 
    වදදිදී මිනිසුන්ට අදිරදුන් සැප විඳියි
    පිරමීඩ මාලිගා මහ පවුරු ඉදිකෙරෙයි

    එවන් යුග වලදි උව හෙල දෙරන බැබලුනා
    දැහැමි වූ රජවරුන් මේ දෙරනෙ රජවුනා
    දහම් මග ගිය දනන් දහමින්ම සැනසුනා
     දහම් දිවයින ලෙසින් ලොවේ පරසිදු උනා

    යුතුකමට පෙලගැසී මහා වැවු තනන්නෙ
    නද දිදී සාදු නද දා ගැබයි තැනෙන්නේ
    පහන් වු සිත් වලින් කලා නිමැවුම් උනේෙ
     මහ ගල් කුලක් මත බුදු රුවයි මැ‍වෙන්නේ

    • subashini chandrakumari on March 6, 2012 at 11:59 am
    • Reply

    සාදු සාදු! මෙවැනි සත් කාර්යයන් නිසා අනාගත පරපුරෙන් ඈත් වෙන සාහිත්‍ය රසය දහම් රසය විඳීමට මහාවංසය පරිශීලනය කිරීමට හැකි වීම ඉතාමත් වටිනවා ඔබට නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා!
     

  1. mage kalyana mithura… Obata Bohoma Pin !!!!

    • MindSpring on April 27, 2012 at 9:07 pm
    • Reply

    ඔබ හැමට උතුම් නිවනම වේවා!!!

  2. budu saranai devi pihitai
     obata budun deka nivan labannata heki vewa
     

Leave a Reply