Loudspeakers in Ruwanweli Seya – රුවන්වැලිසෑ චෛත්‍යරාජායන් වහන්සේ අභියස මේ කරන්නේ, පිංකම් ද ? පව්කම් ද ?

Captureඅප බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතූන් වහන්සේලා (ද්‍රෝනයක්) වැඩ සිටිනා මහ සෑය, රුවන්වැලිසෑ චෛත්‍යරාජායන් වහන්සේ වැඩ සිටිනා භූමියේ පිංකම් ලෙස සංඝයා වහන්සේලා පෙරටු කරගනිමින් යම් යම් ගිහි පිරිස් සිදුකරමින් පවත්නා පහත ක්‍රියාවන් කොතරම් දුරට සාසනයට එකග ද? එම ක්‍රියාවන් වලින් සාසනය යම් පිරිස් විකුණා කන තත්වයට පත්වී තිබේ ද කියා මේ පිංබිම් භාරව සිටිනා සංඝයා වහන්සේලා ප්‍රමුඛ බලධාරීන් සොයා බැලිය යුතු වෙන වා.

  1. ශබ්දවාහිනී භාවිතා කරමින් රුවන්වැලිසෑ සමිදුන් වටේටම තැන් තැන් වල වෙන වෙනම, එක් පිරිසක් අනෙක් පිරිසටත් වැඩියෙන්  ශබ්දය වැඩිකරමින් මේ කරනා දේවල් පිංකම් ද, පව්කම් ද කියා සිතිය යුතු වෙන වා. සිතා ගන්නටවත් නො හැකි තරමේ පුදුම ගෝෂාකාරී පරිසරයක් දැන් මේ උතුම් සිද්ධර්ථානයේ පවතින්නේ බුදුරජාණන් වහන්සේ අගය කළ, ප්‍රසංසා කොට වදාළ නිෂ්ශබ්දතාව අද උන්වහන්සේගේ ද්‍රෝණයක් දාතූන් වහන්සේලා වැඩසිටින මේ පුන්‍ය භූමියේ නැත. පළමුවෙන්ම සොයන්න අවශ්‍ය වන්නේ මේ ශබ්දවාහිනී යන්ත්‍ර එක් එක් පිරිස් විසින් පිටතින් ගෙනෙන ඒවාද, එසේත් නැතිනම් මේවා මේ පින්බිම අවටම සිදුකරගෙන යන නව වෙළද ව්‍යාපාරයන් ද කියා. නමුත් පිං භූමියට ඇතුල් වන ස්ථානයේ තිබෙන මල්පහන් වෙළදාම් කරන අහිංසක වෙළදුන් ලග නම් මේවා නො මැති බව අපට පෙනුනා. අපට පෙනෙන විදිහට මෙම උපකරන රුවන්වලිසෑ සමිදුන්ට ඉතා කිට්ටු ස්ථාන වලින් ගෙන එන බව පෙනුනා.
  2. හේවිසි ගසන්නන් සිතාගන්නවත් බැරි තරම් පිරිස් නොකඩවා කෙලවරක් නොමැතිවව සෑය වටේටම, මල්පහන් පූජාවක් වේවා, මොනම දෙයක් කලත් හේවිසි බෙර නම් වරදින්නේ නැහැ. එකවිට මේ පිරිස් වෙන වෙනම, තාල කීපයට වාදනය කිරීම නිසා අපට නම් ඇසෙන්නේ කනට අමිහිරි, කන් බිහිරි කරවන ශබ්ද. සිත එකග කරගනිමින් ගාථාවක් වත් කියන්න තරම් පරිසරයක් මේ අපේ උතුම් සෑය ලග අද නොමැති තත්වයකට නාමික බෞද්ධයන් අද පත්වී තිබීම ඉතාමත් කනගාටුදායකයි. මොවුනට අමතකයි බුදුරජාණන් වහන්සේ නිශ්ෂබ්දතාවය අගේ කළ බවට. මේ හැම දෙයක්ම සිදුවන්නේ සංඝාවහන්සේලා ද පෙරටු කරගෙන වීම තවත් සංවේගයට කරුණක්
  3. බෞද්ධකමක් නැති දෙමාපියන් සහ ඔවුනගේ අසංවර දරුවන්ගේ නොමනා ක්‍රියාකාරකම්:- අපට තවමත් මතකයි අපේ දෙමාපියන්, සීයලා, ආච්චිලා මේ උතුම් සිද්ධස්ථානවලට වන්ඳනා කිරීමට යෑමට ප්‍රථම දෙන උපදෙස්. පුතේ මේ උතුම් පිංබිමේ දුවපනින්න, කෑගසන්න, වන්දනා කරන්න ඇවිත් ඉන්න අයට, භාවනා කරන අයට බාධාවෙන ලෙසට හැසිරෙන්න එපා. ඒක මහා පව් සිද්ධවෙන වැඩක්. ඔන්න ඔහොමයි එදා අපේ මුතුන් මිත්තන් අපට ඔවදන් දුන්නේ.

නමුත් අද සිටිනා සමහර ආත්මාර්ථකාමී, මිත්‍යාදෘෂ්ඨික දෙමාපියන් උන්ගේ දරුවන් සමග මේ පිං බිමේ සෙල්ලම් කරනවා අපට දකින්න ලැබුනා. උන් ඔට්ටු සෙල්ලම් කරනවා දරුවන් සමග. මහ හයියෙන් ඕපාදූප කථා කරමින්, කොටින්ම කියනව නම් අප දැක්කා, භාවනා කරමින් සිටින පිංවතුන් අසලට ගොස් ශබ්ධ නගා සිනා වෙමින් තමන් සිදුකරගන්නා අකුසල් මේ පිංබිමටම පැමිණ. අඩු වශයෙන් මේ උතුම් පිංබිමේ වත් හැසිරෙන ආකාරය මේ දරුවන්ට කියා දී නො මැති දෙමාපියන් විශේෂයෙන් මව්වරුන් කියා ගන්න පිරිස්, තමාගේ දියණියන්ව විලිසංගයක් නැති ඇදුම් අන්ඳවාගෙන උනුත් දියණිය කවුරුන් ද? මව කවුරුන් ද? ලෙසට හඳුනා ගැනීමට පවා අපහසු යන්තම් ඇදුම් කෑලි ඇදගෙන මේ පිංබිමටත් වන්ඳනාවේ එන වා. එයම ඇති අද ශ්‍රී ලංකාවේ බුද්ධ සාසනයට වී ගෙන යන නස්පැත්තිය වටහා ගන්න. මෙවන් මව්වරුන්ගෙන්, දරුවන්ගෙන් සාසනය කෙලෙස රැකෙන්න ද?  nnCapture

මේ පිං භූමියට වැදපුදා ගන්න, භාවනා කරන්න, නිශ්ෂබ්දව කිසිම කෙනෙකුට බාධාවක් නො කොට පිංකම් කරන්න එන අහිංසක බෞද්ධයන් ට මොනතරම් බාදාවක් ද මේ ක්‍රියාකාරකම් නිසා….

මෙයට මේ වන්දනා නඩ සමග එන සමහර සංඝයා වහන්සේලා ද වග කියන්න ඕනේ තමා සමග එන නඩ වල නොමනා හැසිරීම් වලට. උන්වහන්සේලා ඉන්නේ ගිහියන් නිවැරදි මාර්ගයට යොමු කරන්න මිසක් ගිහියන්ගේ ඉල්ලුමට සැපයුම දෙන්න නොවේ. මේ සියල්ල අවබෝධ කර, අන්යන් ද දැනුවත් කර මේ සාසනය රකින්න. මේ උතුම් සිද්ධස්ථාන රකින්න. ශබ්ධ දූෂණයෙන් වලක්වා ගෙන සියළුම බෞද්ධයන් ට සුවසේ සංයමයකින් යුතුව තම තමන්ගේ පිංකම් කිරීමට ඉඩ සලස්වා දිය යුතුයි මේ ස්ථාන භාරව සිටින ගිහිපැවිදි උතුමන්. නැත්නම් තමන්ට යන්න වෙන්නේ ත් සතර අපායටම තමා..

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20641

Leave a Reply