Buddha Neethi Sangrahaya – Ven Rerukane Chandawimala Thero

compress_buddhanithi-sangrahayaඅනුවාද සහිත බුද්ධ නීති සංග්‍රහය

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

ලෝකය දුකින් පිරුණු තැනකි, දුක් අඩු කර ගත් අය මිස සර්වාකාරයෙන් දුකින් මිදුණු පුද්ගලයෙක් ලොව කොතනකවත් නැත. මිනිසා කොහි සැඟ වී සිටියත් කෙසේ පරෙස්සම් වී සිටියත් දුක් කරදර ඔහු සොයා ගෙන ඔහු කරා එන්නේ ය. මිනිසා නො පතන මිනිසාට එපා වූ දුක් කරදර මෙසේ මිනිසා සොයා එන නමුත් මිනිසා පතන සොයන සම්පත්තිය එසේ ඔහු කරා නො එන්නේ ය. එය ඔහුට පෙනි පෙනී දුවන්නේ ය. අමාරුවෙන් අල්ලා ගත්තේ ද නො සිට පලා යන්නේ ය. එය ලෝකයේ ස්වභාවය ය.  

එබඳු ලෝකයක උපන්නා වූ මිනිසාට පැමිණි දුක් ඉක්ම වීම ය, පැමිණිය හැකි දුක් වළක්වා ගැනීම ය, නො ලැබූ සම්පත් ලබා ගැනීම ය, ලැබූ සම්පත් නො නැසෙන සේ පවත්වා ගැනීම ය, මරණින් මතු අපාගත නො වී සුගතිගාමී වීමය යන කරුණු පස සිදුකර ගැනීම ඉතා දුෂ්කර ය. එය සිදු කර ගත හැකි වීමට බොහෝ නුවණ තිබිය යුතු ය. නුවණ මඳ තැනැත්තා දෙලොවින් ම පිරිහෙන්නේ ය. මිනිසෙකුට ඒ කරුණු පස සිදු කර ගත හැකි වීමට දත යුතු කරුණු බොහෝ ඇත්තේ ය. පිළිපැදිය යුතු උපදෙස් ද බොහෝ ඇත්තේ ය. ඒවාට නීතිය යි කියනු ලැබේ.

උභයලෝකාර්ථය සිදු කර ගත හැකි වන්නේ නීතිය දත් තැනැත්තාට ය. ලොව යෙහෙන් වෙසෙනු කැමති සෑම දෙනා විසින් ම නීතිය උගත යුතු ය. තථාගතයන් වහන්සේ විසින් නීතිය ප්‍රකාශ කරන ලද්දේ ය.

Download

 

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3489

Leave a Reply