Visuddhimargaya – Ven Buddhaghosa Thero

විස්තරාර්ථ සන්න සහිත විශුද්ධිමාර්ගය

බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ

Source : Dhamma Books

බුද්ධඝෝෂ හිමියන් භාරත බෞද්ධ සාහිත්‍යයේ අතිශ්‍රේෂ්ඨ ග්‍රන්ථ කර්‍තෘවරුන් අතර බොහෝ විචාරකයන්ගේ පැසැසුමට ලක්වූ කීර්තිදරයෙකි.” මහාවංශය තුළින් බුද්ධ‍ඝෝෂ හිමියන්ගේ තරමක ජීවන තොරතුරු දැනගත හැකි ය. මහාවංශයේ සදහන් පරිදි බුද්ධඝෝෂ හිමියන් උපත ලබා තිබෙන්නේ බුද්ධගයාව ආසන්නයේ බව සදහන් වේ.

බුද්ධඝෝෂ හිමියන් තම ගුරු රේවත හිමියන් ගේ අවසර ගෙන ලක්දිව ට වැඩම කර තිබේ. බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ තමා මෙහි පැමිණියේ සිංහලාර්ථකථා මාගධියට පෙරලනු පිණිස බව දන්වා ඇත. එබඳු වැඩකට නම් ත්‍රිපිටකවර්ණනාවෙහි දක්‍ෂකම බැලිය යුතු යැයි සංඝරාජයන් වහන්සේ පවසා, සංයුක්ත නිකායේ එන “අන්තෝ ජටා බහි ජටා” යන ගාථාව අනුසාරයෙන් ග්‍රන්ථයක් රචනා කරන්නැ යි නියම කළේය.

ඒ අනුව ලියන ලද ග්‍රන්ථය විශුද්ධි මාර්ගයයි. සත් මහලින් යුත් ගොඩනැගිල්ලක පහත මාලයේ සිට දිනපතා පිඬුසිඟා වැඩීමෙන් අනතුරුව තල්කොළ අහුලාගෙන අවුත් ඒවායේ පොත් ලිවීම ආරම්භ කරනු ලැබීය. එක්තරා වෙළෙන්දෙක් උන්වහන්සේ වඩිනා මඟ තල්කොළ විසුරුවා හැර සැගවී බලාසිටි බවත් ඒවා ගෙනගොස් පොත් ලියනවා දැක දිනපතා දානය ද දෙන්නට වූ බවත් සඳහන් වේ.

සම්පූර්ණ පොත පහත පිවිසුමෙන් බා ගන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Visuddhi-Maargaya.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9025

1 comments

    • Samitha on March 28, 2012 at 5:51 pm
    • Reply

    thanks

Leave a Reply